සරත් විජේසුරියට සිතාසි

Staff Writer | Author . Translate to English or தமிழ் 27. 05. 2019 | 5.52pm
සරත් විජේසුරියට සිතාසි

ජූනි 21 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ සමකැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතාට අභියාචනාධිකරණය අද(27) සිතාසි නිකුත් ක⁣ළේය.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකර සිටිමට කරුණු දැක්වම සඳහා මෙලෙස අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා තිබේ. 

ඒ මහතාට විරුද්ධව ගොනු කර ඇති පෙත්සමක් අනුව මෙම නියෝගය කර තිබේ.

විජේසූරිය මහතා 2016 සිට 2018 වසරවල විවිධ මාධ්‍ය වැඩසටහන්වලදී සහ ප්‍රසිද්ධ රැස්විම් කිහිපයක දී අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කළැයි එම පෙත්සමෙන් චෝදනා කර තිබේ.

මීට අමතරව මෙවන් ප්‍රකාශ අන්තර්ජාලය ඔස්සේ ද ප්‍රචාරය කර ඇතැයි එහි සඳහන් වෙයි.

ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නඩු විභාග කරන ලෙසත් දඬුවම් නියම කරන ලෙසත් නීතිඥවරයකු වන සම්පත් විජිත කුමාර සහ විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන අනිල් වසන්ත අල්විස් යන පෙත්සම්කරුවන් ඉල්ලා තිබේ.

 

Share