උඩුගම්පොල බැංකු මංකොල්ලයක් නවතියි

Staff Writer | Author . Translate to English or தமிழ் 28. 05. 2019 | 1.05pm
උඩුගම්පොල බැංකු මංකොල්ලයක් නවතියි

ගම්පහ උඩුගම්පොල රාජ්‍ය බැංකුවක් කොල්ලකෑමට කොල්ලකරුවන් තිදෙනකු ගත් උත්සහය එම බැංකුවේ ආරක්ෂක නිලධාරියා නිසා අසාර්ථක වී තිබේ.

අද (28) උදෑසන 9.00ට පමණ තියුණු ආයුධ සහිතව කොල්ලකරුවන් පැමිණ ඇති අතර බැංකුවේ ආරක්ෂක නිලධාරියා සිය ගිනි අවියෙන් වෙඩි තැබීමට සූදානම් වෙද්දී කොල්ලකරුවන් යතුරු පැදියකින් පලාගොස් ඇත.

අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Share