පළමු තරගයෙන් එංගලන්තයට ජය

Staff Writer | Author . Translate to English or தமிழ் 30. 05. 2019 | 10.08pm
පළමු තරගයෙන් එංගලන්තයට ජය

2019 ක්‍රිකට් ලෝක කුසලානයේ සමාරම්භක තරගය ලකුණු 104කින් ජයග්‍රහණය කිරීමට එංගලන්තය අද (30) සමත් විය. කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.

දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුළු 08ක් දැවී ලකුණු 311ක් ලබාගත්තේය. ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට පන්දුවාර 39.5කදී ලබාගත හැකි වූයේ ලකුණු 207ක් පමණි.

එංගලන්තය - 311/8 (50)

ස්ටෝක්ස් ලකුණු 89, මෝගන් ලකුණු 57,ජේ රෝයි ලකුණු 54,ජේ රූට් ලකුණු 51

පන්දු යැවීම - තාහිර් කඩුළු 2,එන්ගිඩි කඩුළු 3,රාබඩා කඩුළු 2 සහ ඇන්ඩිල් කඩුළු 1

දකුණු අප්‍රිකාව 207/10 (39.5) - ක්වින්ටන් ලකුණු 68, වැන් ඩුසෙන් ලකුණු 50

පන්දු යැවීම - ජේ ආචර් කඩුළු 3, එල් ප්ලන්කට් කඩුළු 2, ස්ටෝක්ස් කඩුළු 2,ඒ රෂිඩ් කඩුළු 1, එම් අලි කඩුළු 1

තරගයේ වීරයා - බෙන් ස්ටෝක්ස් (ලකුණු 89 | කඩුළු 2)

Share