ඉන්දූනිසියානු-බණ්ඩා මුහුදේ භුමි කම්පාවක්

Staff Writer | Author . Translate to English or தமிழ் 24. 06. 2019 | 9.06am
ඉන්දූනිසියානු-බණ්ඩා මුහුදේ භුමි කම්පාවක්

අද (24) ඉන්දූනිසියානු - බණ්ඩා මුහුදේ රික්ටර් මාපක 7.2 ක භූමිකම්පාවක් සිදු වී තිබේ.

නමුත් මේ වන තුරු සුනාමි අනතුරු ඇගවීමක් සිදු කර නැත. භූමිකම්පාවෙන් පසු ඔස්ට්‍රේලියාවේ ඩාවින් නගරයේ ජනතාව ඉවත් කර ඇතැයි වාර්තා වෙයි.

මේ අතර ජපානයේ ද රික්ටර් මාපක 5.5ක භූමිකම්පාවක් සිදුව තිබේ.

පසුගිය පැය කිහිපය තුළ ඉන්දූනිසියානු පැපුවා කලාපයේ ප්‍රදේශ කිහිපයකට භූමිකම්පා කිහිපයක් සිදුව තිබේ. 

භූමිකම්පාවෙන් පසු ඕස්ට්‍රේලියාවට සුනාමි තර්ජනයක් නොමැති බව පවසමින් එරට කාලගුණ විද්‍යා කාර්යාංශය පස්වරු 1 ට පසුව අනතුරු ඇඟවීමක් කළේය.


ඩාවින්හි පදිංචිකරුවන් පැවසුවේ විශාල කම්පන සහ ගෘහ භාණ්ඩ දෙදරීම් සිදු වූ බවයි. නමුත් විශාල දේපල හානියක් හෝ ජීවිත හානි පිළිබඳ මේ වන තෙක් වාර්තා වී නැත.

මෙම භූ කම්පනය ඩාවින් නගරයට කිලෝමීටර් 700 ක් පමණ උතුරින් සහ කිලෝමීටර් 200 ක් පමණ ගැඹුරු මුහුදේ සිදු වී ඇතැයි කියැවේ.

-ගාඩියන් පුවත් ඇසු‍රෙනි

Share