සිරකරුවන් හතරකට මරණ දඬුවම-ජනාධිපති

Staff Writer | Author . Translate to English or தமிழ் 26. 06. 2019 | 10.54am
සිරකරුවන් හතරකට මරණ දඬුවම-ජනාධිපති

සිරකරුවන් 04 දෙනෙකුට මරණ දඬුවම ලබා දීමේ නියෝගය⁣ට තමා අත්සන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 

ඒ සඳහා දිනය ද තීරණය කර ඇති බව ජනපතිවරයා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති හමුවකදීය.

එමෙන්ම අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නාටකයක් බව ප්‍රකාශ කළ ජනපතිවරයා එහි  පිටපත, අධ්‍යක්ෂණය, පුහුණුව  අරලියගහ මන්දිරයේ බවත් කීය.

SOFA ගිවිසුමට තමන් විරුද්ධ බවත් අමෙරිකානු හමුදාවට මෙරටට ගොඩබැසීමට හැකි ගිවිසුම්වලට තමන් සම්පූර්ණයෙන් විරුද්ධ බවත් සිරිසේන මහතා කීවේය. 

Share