රුහුණු සරසවියේ බෝම්බ නිවේදනය තහවුරු නොකළ තොරතුරක් - රුවන් ගුණසේකර

Staff Writer | Author . Translate to English or தமிழ் 08. 07. 2019 | 1.07pm
රුහුණු සරසවියේ බෝම්බ නිවේදනය තහවුරු නොකළ තොරතුරක් - රුවන් ගුණසේකර

රුහුණු විශ්ව විද්‍යාලයේ උදෘත සමග පළවී තිබෙන බෝම්බ ප්‍රහාරයේ නිවේදනය තහවුරු නොකළ තොරතුරක් පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා Medialk.com වෙත ප්‍රකාශ කළේය.

කළුතර සිට කතරගම දක්වා ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී ඇති බවත් මේ නිසා විශ්ව විද්‍යාලයේ ආරක්ෂක ක්‍රියාමාර්ග විධිමත්ව අනුගමනය කරන ලෙසත් රුහුණු විශ්ව විද්‍යාලයේ උදෘත සමග පළවූ එම නිවේදනයේ දැක්වෙයි.

සාමාන්‍යයෙන් මෙවැනි නිර්නාමික හෝ නාමික තොරතුරු ඕනෑතරම් ලැබෙන බවත්, ඒවා බුද්ධි අංශ මගින් විශ්ලේෂණය කරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම තොරතුර බුද්ධි අංශ මගින් වි⁣ශ්ලේෂණය කර තහවුරු කර නැති තොරතුරක් බව ද ඔහු කීවේය.

එම නිවේදනය පහත දැක්වෙයි.


Share