ඉන්දියාව පරදා නවසීලන්තය අවසන් මහා තරගයට

Staff Writer | Author . Translate to English or தமிழ் 10. 07. 2019 | 7.22pm
ඉන්දියාව පරදා නවසීලන්තය අවසන් මහා තරගයට

ප්‍රබල ඉන්දියානු කණ්ඩායම පරාජය කරමින් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නවසීලන්තය අද (10) සමත් විය.

ඉන්දියාව සහ නවසීලන්තය අතර අර්ධ අවසන් පූර්ව තරගයේ ඊයේ (09) පැවැත්වූ නමුත් වර්ෂාව නිසා ඉන්දියාවට ⁣පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට නොහැකි විය.ඒ හේතුවෙන් තර⁣ගයේ අතිරේක දිනය වන අද ඉන්දියාව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය කඩුළු 8ට ලකුණු 239ක් වාර්තා කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 221ක් පමණි.

Share