වැසි තත්ත්වය හෙට රාත්‍රි වනතෙක්

Staff Writer | Author . Translate to English or தமிழ் 22. 09. 2019 | 10.34am
වැසි තත්ත්වය හෙට රාත්‍රි වනතෙක්

සැප්තැම්බර් 24 - 11 .00 AM

පවතින වැසි තත්ත්වය හෙට(25) රාත්‍රී දක්වා පැවතිය හැකි බව කාළගුණ දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මිලිමීටර් 200ට අධික වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවත් වයඹ,උතුර,උෟව සහ නැගෙනහිර යන පළාත්වලට මිලිමීටර් 100ට වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

සැප්තැම්බර් 24 - 10 .00 AM

ධික වර්ෂාව හේතුවෙන් බ්ලූමැන්ඩල්, බේස්ලයින්, දෙමටගොඩ, කිරුලපන, කොටහේන ඇතුළු කොළඹ මාර්ග බොහොමයක් ජලයෙන් යට වී තිබේ.මේ හේතුවෙන් අධික මාර්ග තදබදයක් වාර්තා වෙයි. 

සැප්තැම්බර් 24 - 9 .30 AM

අධික වර්ෂාව නිසා අධිවේගි මාර්ගවල ගමන් ගන්නා රථවාහනවල වේගය පැයට කිලෝ මිටර් 60ක් දක්වා සීමා කරක්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි.

සැප්තැම්බර් 24 - 9 .10 AM

මහ වැස්සෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හා කොක්මාදුව පිවිසුම් ජලයෙන් යටවී තිබේ.

වෙනත් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි.

සැප්තැම්බර් 24 - 9 .20 AM

අකුරැස්ස ,අතුරලිය , පානදුගම ,කද්දුව ආශ්‍රිත ප්‍රදේශ රැසක් තවමත් ජලයෙන් යට වී තිබේ

සැප්තැම්බර් 24 - 9 .00 AM

පවතින අධික වර්ෂාව හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම අත්හිටුවා තිබේ.

සැප්තැම්බර් 24 - 8.00 AM

පවතින අධික වර්ෂාව හේතුවෙන් මාතර 

උසස් පෙළ විභාගයේ, සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පවතින කාළගුණ තත්ත්වය හේතුවෙන් අද (24) දින පෙනී සිටීමට නොහැකි වන සිසුන්ට වෙනත් අතිරේක දිනයක් ලබාදීමට පියවර  ගෙන ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

සැප්තැම්බර් 23 - 9.30 PM

අධික වර්ෂාව නිසා ගංවතුර හා නායයෑමේ අවදානමක් පවතින බැවින් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට(24) සහ අනිද්දා(25) වසා තැබෙයි.

සැප්තැම්බර් 23 - 3.30 PM

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරත් පවතිනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව කාළගුණ දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද.පැවසේ.

දකුණු, සබරගමුව,මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක. වයඹ,උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.

සැප්තැම්බර් 22 - 5.30 PM

ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් කළු, නිල්වලා සහ ගිං ගඟ දෙපස ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

සැප්තැම්බර් 22 - 1.30 PM

නිල්වලා සහ ගිංගඟ ආසන්නයේ ජීවත් වන ජනතාවට අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

සැප්තැම්බර් 22 - 10.00 AM

නිල්වලා ගඟ සහ ගිංගඟෙහි ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යමින් තිබෙන බැවින් ඒ ආශ්‍රිතව සිටින ජනතාවට විමසිල්ලෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.


Share