පොලිස් මාධ්‍ය ඒකකය නිහඬ කරයි

Staff Writer | Author . Translate to English or தமிழ் 27. 11. 2019 | 3.24pm
පොලිස් මාධ්‍ය ඒකකය නිහඬ කරයි

පොලිස් මාධ්‍ය ඒකකය අද (27 ) උදෑසන සිට ප්‍රතිචාර දැක්වීම නවතා ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි.

සාමාන්‍ය පරිදි එදිනෙදා  නිකුත් කරන පොලිස් මාධ්‍ය නිවේදනය ද අද මේ වන තෙක් නිකුත් කර නැත.

පොලිස් මාධ්‍ය ඒකකයේ දුරකථන ද විසන්ධි කර ඇති අතර එහි නිලධාරීහූ මාධ්‍යයට අදහස් දැක්වීමෙන් වැලකී සිටිති.

පොලිස් මාධ්‍ය ඒකකය හරහා තොරතුරු ලබාදීම නවත්වන ලෙසට ඉහලින් ලැබුණු නියෝගයක් අනුව මෙලෙස නවතා ඇති බවත් මින් ඉදිරියට එම කටයුතු යුද හමුදාව හරහා සිදු කරනු ඇති බවටත් දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් දැනගැනීමට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා සම්බන්ධ කරගැනීමට උත්සහ කළ අතර ඔහු දුරකතනයට ප්‍රතිචාර දක්වා තමා රැස්වීමක සිටින බව පවසමින් වෙනත් නිලධාරියකුට දුරකථනය ලබාදුන්නේය.

Share