"කොරෝනා වැළඳුණු චීන කාන්තාවට සුවයි"

Staff Writer | Author . Translate to English or தமிழ் 01. 02. 2020 | 8.28pm
"කොරෝනා වැළඳුණු චීන කාන්තාවට සුවයි"

කොරෝනා වෛරසය වැළදී සිටි චීන ජාතික කාන්තාව සුවය ලබා ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

"කොරෝනා වෛරසය වැළදී සිටි චීන ජාතික කාන්තාවගේ ශරීරයේ විෂබීජ හරණය වී තිබෙනවා. ඇය රෝහලෙන් නිදහස් කිරිමේ හැකියාව තියෙනවා කිසි ගැටළුවක් නැතිව." ඒ මහතා පැවසීය.

එමෙන්ම කොරෝනා වෛරසය වැළදී ඇති බවට සැක පළ කරන 16 දෙනෙකු සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කොරෝනා ප්‍රතිකාර සඳහා නම් කරන ලද රෝහල්වල ප්‍රතිකාර ලබන බව ඒ මහතා කීය.

"සැකකටයුතු 16 දෙනෙක් හඳුනාගත් ⁣රෝහල් වල සිටිනවා.ඉන් 10 දෙනෙකේ අයිඩීඑච් උණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.ඉන් හය දෙනෙක් විදේශීකයින්.රෝගීන් දෙදෙනක් රත්නපුර ශික්ෂණ රෝහලෙත්,එක් පුද්ගලයෙක්  කරාපිටිය ශික්ෂණ රෝහලෙත්,තුන් දෙනෙක ගම්පහ දිස්ත්‍රික් රෝහලෙත් ප්‍රතිකාර ලබනවා. 

ගුවන්තොටුපළේ දෛනික කටයුතු සොයා බැලීමට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට වාර්තා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් අද (01) පත් කළ බවද ජාසිංහ මහතා අවධාරණය කළේය.

Cover Photo - අන්තර්ජාලයෙනි
Share