Home පුවත් අතුරුදන්වූවන්ගේ කාර්යාලය නිහඬයි පුවත්මානව හිමිකම් අතුරුදන්වූවන්ගේ කාර්යාලය නිහඬයි By www.medialk.com - July 3, 2025 Facebook Twitter Pinterest WhatsApp අතුරුදන් වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ (OMP) වෙබ් අඩවිය මේ වන විට අක්‍රීය තත්ත්වයේ පවතින අතර එම ආයතනයේ ස්ථාරව දුරකතන අංකවලට ඇමතුම් ගත්තද ප්‍රතිචාරයක් දක්වන්නේ නැත. යාපනයේ චෙම්මනි සමූහ මිනීවල සම්බන්ධයෙන් අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ ස්ථාවරය සම්බන්ධයෙන් යම් පල කිරිමක් කර ඇත්දැයි සොයා බැලීමට එම වෙබ් අඩවියට යෑමට MediaLK උත්සාහ කළ අතර එහි දැකගන්නට ලැබුණේ එම වෙබ්අඩවිය ක්‍රියාත්මක තත්ත්වයේ නැති බවයි. වෙබ්අඩවිය ක්‍රියාත්මක නොවීම ගැන විමසීම ආයතනයේ දුරකතන අංකවලට (අංක දෙකටම) ඇමතුම් ලබා ගැනීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කළ ද ඊට ප්‍රතිචාර දැක්වීමක් සිදුවූයේ නැත. මේ ගැන විමසීම සඳහා අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ ප්රධානියකුට ඇමතුම් ගත්තද ඔහුද ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. 2016 අංක 14 දරණ අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනතේ 12 වැනි වගන්තිය මගින් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට විමර්ශන බලතල ලබාදී තිබේ. එම පනතේ 12.ඈ වගන්තිය පහත දැක්වේ. ‘සැක සහිත මිනීවලවල් හැරීම සහ/හෝ මෘත දේහය ගොඩ නැගීම සඳහා අධිකරණ ආඥාවක් ලබා ගැනීමට ප්‍රාදේශීය අධිකරණ බලය ඇති උචිත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉල්ලීමක් කිරීමට සහ එකී කැණීම් කටයුතුවල දී හෝ මෘත දේහය ගොඩ නැගීමේ දී සහ ඉන් පසුව සිදුවන වෙනත් නීති කෘත්‍යවල දී නිරීක්ෂකයකු ලෙස ක්‍රියාකිරීම’ RELATED ARTICLESMORE FROM AUTHOR අධිකරණය හා නීතිය පරමාධිපත්‍යට අල්ලස් හෝ දූෂණයෙන් තොර රජයකට ඇති අයිතිය ඇතුළත් – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි පුවත් පොලිස් ලොක්කන්ගේ ගැටුම ජාතික ප්‍රශ්නයක්ද? – සියලු උසස් නිලධාරීන් ගැන විගණනයක් ඕනෑ පුවත් වැලිගම වෙඩික්කරු අල්ලයි – මෙහෙයුමට කිත්සිරිගේ සම්බන්ධයක් නැතිලු LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.