(සඳුන් වේරගොඩ)
අත්‍යවශ්‍ය වෙළෙඳ භාණ්ඩයක් වන සීනි ආනයනය රජයේ ප්‍රතිපත්ති හමුවේ අර්බුදයකට මුහුණදී ඇති බවක් දැක
ගැනීමට ඇතැයි ආරංචි මාර්ග දක්වයි.
2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 2 වන වගන්තිය යටතේ රජය විසින් පනවා තිබූ කිලෝග්රෑමයකට රුපියල් 50ක් වූ බද්ද කිලෝග්රෑමයකට ශත 25 දක්වා 2020.10.14 දින සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට රජය තීරණය කළ බව 2020.10.13 වන දින අගමැති හා මුදල් අමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ දක්වා ඇත. මෙම නිවේදනය මගින් සීනි ඇතුළු තවත් අත්‍යවශ්‍ය වෙළෙඳ භාණ්ඩ රැසකට පනවා තිබූ විශේෂ බදු 2020.10.14 දින සිට මාස තුනක කාලයක් දක්වා අඩු කරන්නට යෙදී ඇති බවක් පෙනේ. මෙම ආනයන බදු අඩු කිරීම මගින් පාරිභෝගිකයාට සහන සැලසීමක් බලාපොරොත්තු වූ බවක් පෙනීමට ඇති බව ආනයනකරුවෝ පෙන්වා දෙති. මෙම බදු අඩු කිරීම හේතුවෙන් දැනට රුපියල් 125 ට අලෙවි වන සීනි කිලෝව රුපියල් 85 ට මිල නියම කිරීමට රජය අපේක්ෂා කරන බව වාර්තා වී ඇත. කොවිඩ් 19 වසංගතය නැවත ව්‍යාප්ත වන අවධියක මෙම බදු අඩු කිරීම සිදු කරන ලද්දේ පාරිභෝගිකයන්ට සහන සැලසීමට යැයි රජය සඳහන් කර තිබිණි.
