(ආචිත ඩී නානායක්කාර)
ගුවන් තොටුපළ හා ගුවන් සේවා පුද්ගලික සමාගමේ පවත්වනු ලබන සියලුම සම්මුඛ පරීක්ෂණවලදී ලකුණු ලබාදීමේ විධිමත් පටිපාටියක් අනුගමනය කළ යුතු බවත්, එය විධිමත් ක්‍රමවේදයකට සිදු කළ යුතු බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ.
එම නිර්දේශ දින 30ක් ඇතුළත ක්‍රියාත්මක කර ඒ සම්බන්ධ වාර්තාවක් ජූලි 30 වැනිදාට පෙර කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලෙස ද කොමිසම දැනුම්දී ඇත.
කොමිසම එම නිර්දේශ ලබා දී ඇත්තේ ගුවන් තොටුපළ සේවා සහයිකා තනතුර සඳහා බඳවා ගැනීමේදී අක්‍රමිකතාවක් සිදුවූ බවට එච්.ඒ.ආර්.ටී.එස් හපුගලආරච්චි නම් අපේක්ෂිකාවක් සිදුකළ පැමිණිලක් විමර්ශනය කිරීමෙන් අනතුරුව තීන්දුව ලබා දෙමිනි. කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල් ටී බී දෙහිදෙණිය මහතාගේ සහ කොමසාරිස් නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතාගේ අත්සනින් මෙම නිර්දේශ නිකුත් කර ඇත. මෙම පැමිණිල්ලේ පළමු වගඋත්තරකරු ලෙස අදාල සමාගමේ සභාපති නම් කර ඇති අතර දෙවැනි වගඋත්තරකරු ලෙස අදාල සමූඛ පරීක්ෂණයේදී තේරී පත්වූ ආර් ඒ එම් එස් ආර් උඩුගම්පොල මහත්මිය නම් කර තිබේ.
මානව හිමිකම් කොමිසම ඉදිරියේ දී මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ පැමිණිලිකාරිය ප්‍රකාශ කර ඇත්තේ අදාල සම්මුඛ පරීක්ෂණයේදී තමාට ලකුණු ලබා දුන්නේ තම සුදුසුකම් අනුව නොවන බවයි. එසේ වුවද දෙවැනි වගඋත්තරකාරිනිය වූ උඩුගම්පොළ මහත්මිය අදාල සුදුසුකම් සපුරා නැතත් සම්මුඛ පරීක්ෂණයේදී ඉහළ ලකුණු හිමිකරගෙන ඇති බවත්, එමගින් තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවත් ඇය ප්‍රකාශ කර තිබේ.
එම සම්මුඛ පරීක්ෂණයේ මූලික සුදුසුකමක් ලෙස පිළිගත් ආයතනයකින් සම්පූර්ණ කරන ලද පරිගණක පාඨමාලාවක් හදාරා තිබිය යුතුතු බවත්, එම සුදුසුකම සලකා බැලීමකින් තොරව අත්දැකීම මත තමන් බඳවා ගන්නා ලෙසත් ඉල්ලමින් අදාල පාඨමාලාව හදරා නැති 14 දෙනකු ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවත්, එම ඉල්ලීම ඉදිරිපත් කළ පිරිස අතර වගඋත්තරකාර උඩුගම්පොළ මහත්මිය ද සිටින බවත් මානව හිමිකම් කොමිෂන් සභාවේදී අනාවරණය වී ඇත.
කෙසේ වෙතත් පසුව මෙම වගඋත්තරකාරිය තමන් පරිගණක පාඨමාලාවක් හදරා ඇති බවට සහතිකයක් 2023 අප්‍රේල් 18 ඉදිරිපත් කර ඇති බව ද, එම සහතිකය 2003 වසරේදී නිකුත් කළ සහතිකයක් බව ද, ඇය මුල් අවස්ථාවේදී සහතිකයක් ඉදිරිපත් නොකර සහ පාඨමාලාව නොසලකා අත්දැකීම් මත පමණක් බඳවා ගන්නා ලෙස ඉල්ලමින් යොමු කළ ලිපියේ ද අත්සන් කර පසුව මෙවැනි සහතියක් ඉදිරිපත් කර ඇති බව ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිරීක්ෂණය කර තිබේ.
මෙම සම්මූඛ පරීක්ෂණයේදී ලකුණු 60 ක් පරීක්ෂණ මණ්ඩලයේ අභිමතය මත ලබා දීමට අවස්ථාව සලසා ඇති බව ද, ඒ අනුව පරීක්ෂණ මණ්ඩලයේ නිලධාරීන්ගේ පෞද්ගලික හේතූන් මත ලකුණු ලබාදීමේදී කිසියම් අක්‍රමිකතාවක් සිදුවීමට වැඩි ඉඩක් ඇති බවද මානව හිමිකම් කොමිසම නිරීක්ෂණය කර ඇත. එසේම මෙම සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේදය තුළ සම්මුඛ පරීක්ෂක මණ්ඩලයක සිටිය යුතු නියමිත සාමාජිකයින් ගණන සිට නැති බවත්, ඒ අනුව අවිධිමත් ක්‍රමවේදයක් භාවිතා වී නැති බවත් කොමිසම වැඩිදුරටත් නිරීක්ෂණය කර ඇත.
සියලු කරුණු සැලකා බැලීමෙන් පසු සිය නිගමනය ඉදිරිපත් කර ඇති කොමිසම සඳහන් කරන්නේ අදාල සම්මූඛ පරීක්ෂණය තුලදී අනුගමනය කර ඇති ක්‍රමවේදය අවිධිමත් හා අගතිගාමී බවයි. එසේම සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු ලබා දුන් එක් එක් නිර්නායකයන් සඳහා වෙන් කර ඇති ලකුණු ප්‍රමාණය සාධාරණ පදනමක් මත හා නිත්‍යනුකූල පදනමක් මත සිදු කර නොමැති බව පැහැදිලි වන බව ද කොමිසම නිගමනය කර ඇත.
ඒ අනුව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) පෞද්ගලික සමාගම විසින් ඉදිරියට පවත්වනු ලබන සියලුම සම්මුඛ පරීක්ෂණවලදී ලකුණු ලබාදීමේ විධිමත් පටිපාටියක් සහිතක කටයුතු කළ යුතු බවත්, එසේම සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමේ දී සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක සිටිය යුතු නියමිත සාමාජික සංඛ්‍යාව පවත්වාගෙන යා යුතු බවටත් කොමිසම එම සමාගමට නිර්දේශ කර තිබේ. නිවැරදි කලුණු දීමේ පරිපාටියක් සකස් කො එය මානව හිමිකම් කොමිෂන් සභාවට දින 30ක් ඇතුළත ඉදිරිපත් කළ යුතු බව ද කොමිසමට වැඩිදුරටත් නිර්දේශ කර ඇත.
MediaLK විසින් පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
news@medialk.com