Home ආර්ථිකය ස්කෑන්වත් නොකර අවදානම් කන්ටේනර මුදා හැරලා ආර්ථිකයපුවත් ස්කෑන්වත් නොකර අවදානම් කන්ටේනර මුදා හැරලා By www.medialk.com - July 1, 2025 Facebook Twitter Pinterest WhatsApp (තරිඳු ජයවර්ධන) අවධානම් සහගත බහාලුම්වලට යොදන රතු ලේබලය සහිත කන්ටේනර් 1531ක් අවස්ථා 14කදී මුදා හැර ඇති බව කන්ටේනර් මුදා හැරීම ගැන සොයා බැලීමට භාණ්ඩාගාර ලේකම් විසින් පත් කරන ලද කමිටුව අනාවරණය කරගෙන තිබේ. මෙම කන්ටේනර මුදා හැරීමේ දී රේගු අධ්යක්ෂ ජනරාල්වරයා තම බල සීමාවෙන් ඔබ්බට ගොස් ඇති බව ද කමිටුව බෙදුණු තීන්දුවක් මගින් සඳහන් කරයි. මෙම නිදහස් කිරීම් මගින් යම් ආර්ථිකමය පාඩුවක් හෝ අක්‍රමිකතාවක් සිදුවී ඇත්තද යන්න තහවුරු කර ගැනීම සඳහා විගණනයක් සිදු කරන ලෙස ද අදාල කමිටුව නිර්දේශ කර තිබේ. ‘ආනයන බහාලුම් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇතැයි පළ වන ප්රවෘත්ති පිළිබඳව සිදු කළ පරීක්ෂණයේ කමිටු වාර්තාව’ මැයෙන් අදාල කමිටුව තම වාර්තාව භාණ්ඩාගාර ලේකම් වත බාර දී ඇත්තේ පසුගිය 12 වැනිදා වන අතර එම වාර්තාව අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂයක් වන සමගි ජන බලවේගය මගින් සභාගත කළේය. එම වාර්තාවේ සඳහන් පරිදි භාණ්ඩාගාර ලේකම්වරයා විසින් මෙම කමිටුව පත් කර ඇත්තේ 2025 ජනවාරි 30 වැනිදාය. කමිටුවේ සභාපති ලෙස භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ කේ සෙනවිරත්න කටයුතු කළ අතර එහි සාමාජිකයන් ලෙස කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඒ පී කුරුම්බලපිටිය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඊ එම් එස් බී ජයසුන්දර, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේතුවේ අධ්යක්ෂ ජනරාල් එම් කේ පී කුමාර සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවෙ ජ්‍යෙෂ්ඨ අධ්යක්ෂ එම් කේ එස් පී ජයවර්ධන යන මහත්වරු කටයුතු කළහ. කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආචාර්ය විශාඛා විජේරත්න ඇලපාත ය. කමිටු සභාපති විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවට සම්පූර්ණ එකඟත්වය පල කර ඇත්තේ කමිටු සාමාජිකයන් අතුරෙන් ඒ පී කුරුම්බලපිටිය පමණි. කමිටු සාමාජික ඊ එම් එස් බී ජයනුස්දර භාණ්ඩාකර ලේකම් ඇමතූ ලිපියක සඳහන් කර ඇත්තේ එම වාර්තාව සකස් කිරීමට තමා සක්‍රීයව දායක වුවද, රේගු අධ්යක්ෂ ජරාල්වරයාට රේගු කටයුතු මෙහෙවීම සම්බන්ධයෙන් ඇති සාමාන්‍ය බලතලවල සීමාව පිළිබඳව කමිටුව දක්වා ඇති කරුණු සමග මේ අවස්ථාවේ එකඟ වීමට අපහසු බවයි. රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට රේගු කටයුතු මෙහෙයවීම සම්බන්ධයෙන් ඇති සාමාන්‍ය බලතලවල සීමාව පිළිබඳ සුදුසු ආයතනයක් මගින් නිශ්චය කර ගත යුතු බව ද හෙතෙම සඳහන් කර තිබේ. එසේම කමිටු සාමාජික එම් කේ ප්‍රදීප් කුමාර භාණ්ඩාගාර ලේකම් ඇමතූ ලිපියකින් සඳහන් කරන්නේ අදාල වාර්තාවේ කෙටුම්පත තමා වෙත ලබා දීම මුලින්ම ප්‍රතික්ෂේප කළ බවයි. වාර්තාව නිදහස්ව අධ්‍යයනයට කිරීමට නොලැබුණු බවත්, එය සමස්තයක් ලෙස පරීක්ෂාකාරීව අධ්‍යයනයට කිරීමට නොහැකි වූ බවත්, එම තත්ත්වය යටතේ වුවද වාර්තාවේ ඇතැම් තැන්හි ආකෘතිමය ගැටලු හා පූර්ව විනිශ්චිත භාෂමය යෙදීම් හඳුනා ගත් බවත්, වාර්තාවේ සඳහන් අදහස්වල කරතෘ කවුරුන්ද යන්න පැහැදිලි නැති බවත්, එවැනි කරුණු නිසා මෙම වාර්තාවේ 23 සට 26 පිටුවල සඳහන් නිර්දේශවලට පමණක් සංශෝධන සහිතව එකගත්වය පල කරන බවත් ඔහු සඳහන් කර තිබේ. මෙම කමිටුවට රේගුව නියෝජනය කරමින් සහභාගී වූ කමිටු සාමාජික එම් කේ එස් පී ජයවර්ධන භාණ්ඩාගාර ලේකම් වෙත ලිපියකින් දැනුම් දී ඇත්තේ තමා මෙම කමිටු වාර්තාව සමග එකඟ නොවන බවයි. ඒ අනුව සම්පූර්ණ වාර්තාව සමග පූර්ණ එකඟත්වයක් ඇත්තේ කමිටු සාමාජිකයන් දෙදෙනකුගේ පමණක් වන අතර කමිටු වාර්තාවට කිසිමක එකඟතාවක් නැත්තේ එක් කමිටු සාමාජිකයකුගේ පමණි. මෙම කමිටුව තම කාර්යයන් ඉටු කිරීම සඳහා ඇතැම් තොරතුරු ඉල්ලා සිටියද රේගු දෙපාර්තමේන්තුවෙන් එම තොරතුරු ලබා නොදුන් හෙයින් කමිටුවේ කටයුතු සීමා කිරීමට සිදුවූ බව කමිටුව තම වාර්තාවේ සඳහන් කර තිබේ. රතුලේබලය සහිත අවධානම් සහගත කන්ටේනර ස්කෑන් පරීක්ෂාවට අමතරව වෙනමම රේගු නිලධාරීන් ලවා පරීක්ෂා කළ යුතු වුවද, එවැනි ඇතැම් කන්ටේනර අඩුතරමේ ස්කෑන් පරීක්ෂාවක් පවා සිදු නොකර මුදා හැර ඇති බව මෙම වාර්තාවෙන් අනාවරණය කර ඇත. සමගි ජන බලවේගය විසින් සභාගත කරන ලද අදාල වාර්තාව පහත දැක්වේ. 20250630094505 RELATED ARTICLESMORE FROM AUTHOR ආර්ථිකය අයවැයට හිර වුණු ණයකාර සූත්‍රයෙන් නිදහසක් නැද්ද ? අධිකරණය හා නීතිය පරමාධිපත්‍යට අල්ලස් හෝ දූෂණයෙන් තොර රජයකට ඇති අයිතිය ඇතුළත් – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි පුවත් පොලිස් ලොක්කන්ගේ ගැටුම ජාතික ප්‍රශ්නයක්ද? – සියලු උසස් නිලධාරීන් ගැන විගණනයක් ඕනෑ LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. {{#message}}{{{message}}}{{/message}}{{^message}}Your submission failed. The server responded with {{status_text}} (code {{status_code}}). Please contact the developer of this form processor to improve this message. Learn More{{/message}}{{#message}}{{{message}}}{{/message}}{{^message}}It appears your submission was successful. Even though the server responded OK, it is possible the submission was not processed. Please contact the developer of this form processor to improve this message. Learn More{{/message}}Submitting…