Home අධිකරණය හා නීතිය රාජිතගේ අපේක්ෂිත ඇප ඉල්ලීම විසිකරයි අධිකරණය හා නීතියපුවත් රාජිතගේ අපේක්ෂිත ඇප ඉල්ලීම විසිකරයි By www.medialk.com - July 18, 2025 FacebookTwitterPinterestWhatsApp (එම් එෆ් එම් ෆසීර්) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් තමන් අත්අඩංගුවට ගතහොත් අප මත මුදා හරින නියෝගයක් ඉල්ලා හිටපු අමාත්‍යවරයකු වන රාජිත සේනාරත්න මහතා ගොනු කළ අපේක්ෂිත අප අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්තිය අද නියෝග කළාය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් කරමින් සිටි අතර ඔහු අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කරන්නැයි කොමිසම මුලින් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් අධිකරණය සඳහන් කළේ අදාල පනත අනුව සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා අල්ලස් කොමිසමට අධිකරණ වරෙන්තුවක් අවශ්‍ය නොවන බවයි. ඒ අනුව ජනමාධ්‍ය වාර්තා කර තිබුණේ කොමිසම රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වුවද, දින කිහිපයක් තිස්සේ ඒ මහතාගේ දුරකතනයද විසන්දි කර නිවසින් පිටවී සිටින බවයි. කෙසේ වෙතත් නීතිඥවරයකු මාර්ගයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කරමින් රාජිත සේනාරත්න මහතා ඉල්ලා සිටියේ තමා අත්අඩංගුවට ගතහොත් ඇප මත මුදා හරින නියෝගයක් නිකුත් කරන ලෙසයි. ඒ අනුව අදාල අපේක්ෂිත ඇප අයදුම්පතේ නියෝගය අද සවස 2කට ප්‍රකාශයට පත් කිරීමට නියම කර තිබිණි. අද පස්වරුවේ නඩුව කැඳවූ අවස්ථාවේ නියෝගය ප්‍රකාශයට පත් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය සඳහන් කළේ රාජිත සේනාරත්න මහතාගේ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කරන බවයි. RELATED ARTICLESMORE FROM AUTHOR පරිසරය රක්ෂිත නම් කර දින 73ක් – ගැසට් තවම නෑ අධිකරණය හා නීතිය Controversial Electricity Supply for NR’s Wedding Arranged on Instructions of Ravi K., Revealed before SC පුවත් බලහත්කාරයෙන් අතුරුදන්වූවන් ගැන ඇත්ත දැනගැනීම අයිතියක් – නඩු අහන ස්වාධීන කාර්යාලය කෝ? – මානව හිමිකම් කොමිසමෙන් නිවේදනයක් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.