Home අධිකරණය හා නීතිය ලලිත් – කුගන් නඩුවේ සාක්කි දෙන්න ගෝඨා හා කියයි අධිකරණය හා නීතියපුවත් ලලිත් – කුගන් නඩුවේ සාක්කි දෙන්න ගෝඨා හා කියයි By www.medialk.com - July 31, 2025 Facebook Twitter Pinterest WhatsApp (ආචිත ඩී නානායක්කාර) මානව හිමිකම් ක්රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් ගොනු කළ හබයාස් කෝපුස් පෙත්සමට අදාළ ව සාක්ෂි ලබාදීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම නීතිඥයන් මාර්ගයෙන් ඊයේ ( ජූලි 30) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් වන යසන්ත කෝදාගොඩ, ශිරාන් වික්‍රමරත්න හා කුමුදුනී වික්‍රමසිංහගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ අභියාචනයක් විභාග වූ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් මේ බව අවධාරණය කළේය. ලලිත් – කුගන් අබිරහස් ලෙස අතුරුදන් කරන ලද්දේ මීට වසර 14 කට පමණ පෙර, 2011 දෙසැම්බර් 09 වැනිදා ය. ඒ යාපනයේදී ය. අතුරුදන් වූ පුද්ගලයන් හා දේශපාලන ක්‍රියාකාරීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයක සංවිධාන කටයුතු ඔවුන් විසින් සිදුකරමින් සිට ඇත. ඔවුන් දෙදෙනා සොයා දෙන ලෙසට 2012 වසරේදී ම හබයාස් කෝපූස් පෙත්සමක් ඔවුන්ගේ ඥාතීන් විසින් ගොනු කළ අතර, ඒ පිළිබඳව වාර්තාවක් සැපයීමට අභියාචනාධිකරණය විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කරන ලදි. මෙම පෙත්සමට අදාළ ව 2019 ජනවාරි 11 වැනිදා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට නොතීසි නිකුත් කරන ලදි. ඉන්පසු වරින්වර ඔහුට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට නියෝග කෙරිණි. ප්‍රථම වරට 2019 මැයි 03 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට නියෝග ලැබුණු අවස්ථාවේ පෞද්ගලික හේතු මත අධිකරණයට පැමිණීමට නොහැකි බව ඔහුගේ නීතිඥයන් මගින් ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට දැනුම් දුන්නේය. එම වසරේ ම ජූලි 21 වැනිදා නැවතත් අධිකරණයේ පෙනීසිටින ලෙස නියෝග ලැබුණද ගෝඨාභය මහතාට එදින පැමිණිය නොහැකි බවත්, අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ඔහු පසුවන බවත් ඔහුගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්හ. එසේම 2019 සැප්තැම්බර් 27 වැනිදා අධිකරණයේ පෙනීසිටීමට නියෝග කළත්, එවර නීතිඥයන් මගින් වාරණ නියෝග අපේක්ෂා කළ ගෝඨාභය රාජපක්ෂ මහතා එවකට ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු වීම නිසා අධිකරණයට ඒමට ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවත්, මේ නඩුවට ඔහු අදාළ නොවන බවත් ප්‍රකාශ කරමින් අධිකරණයේ පෙනී සිටීම පැහැර හැරියේය. ඉන්පසු 2022 ජූලි 09 වැනිදා ඔහු රටින් පිටවූ අවස්ථාවෙන් පසු නොතීසි බාරදීමට ක්‍රමයක් නොතිබූ අතර, නැවත ඔහු මෙරටට පැමිණි පසු 2022 ඔක්තෝබර් 19 වැනිදා ඔහු පදිංචි නුගේගොඩ, විජේරාම පෙදෙසේ නිවසට නොතීසි බාරදුන්නද, එවරද ඔහු අධිකරණයේ පෙනී සිටීම පැහැර හැරියේය. පසුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙම අතුරුදන් වීමට අදාළ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බව 2025 ජූලි 08 වැනිදා පාර්ලිමේන්තුව අමතමින් මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර සිටියේය. එමෙන්ම ජූලි 30 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ ගෝඨාභය මහතාට පවතින ආරක්ෂක තත්ත්වය මත යාපනය අධිකරණයේ පෙනී සිටීමට අපහසු බවත්, කොළඹ අධිකරණයක සාක්ෂි ලබාදීමට ඔහු සූදානම් බවත් ය. ඊයේ සිට සති හතරක් ඇතුළත එම ඉල්ලීමට අදාළ නියෝග යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගැනීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරන ලෙසට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාට දැනුම් දුන්නේය. RELATED ARTICLESMORE FROM AUTHOR අධිකරණය හා නීතිය පරමාධිපත්‍යට අල්ලස් හෝ දූෂණයෙන් තොර රජයකට ඇති අයිතිය ඇතුළත් – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි පුවත් පොලිස් ලොක්කන්ගේ ගැටුම ජාතික ප්‍රශ්නයක්ද? – සියලු උසස් නිලධාරීන් ගැන විගණනයක් ඕනෑ පුවත් වැලිගම වෙඩික්කරු අල්ලයි – මෙහෙයුමට කිත්සිරිගේ සම්බන්ධයක් නැතිලු LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. {{#message}}{{{message}}}{{/message}}{{^message}}Your submission failed. The server responded with {{status_text}} (code {{status_code}}). Please contact the developer of this form processor to improve this message. Learn More{{/message}}{{#message}}{{{message}}}{{/message}}{{^message}}It appears your submission was successful. Even though the server responded OK, it is possible the submission was not processed. Please contact the developer of this form processor to improve this message. Learn More{{/message}}Submitting…