Home පුවත් වැලිගම වෙඩික්කරු අල්ලයි – මෙහෙයුමට කිත්සිරිගේ සම්බන්ධයක් නැතිලු පුවත් වැලිගම වෙඩික්කරු අල්ලයි – මෙහෙයුමට කිත්සිරිගේ සම්බන්ධයක් නැතිලු By www.medialk.com - October 26, 2025 Facebook Twitter Pinterest WhatsApp වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූ ලසන්ත වික්‍රමසේකර වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුයැයි සැකකරන පුද්ගලයා අද (26) සවස අත්අඩංගුවට ගැනීමත් සමග එම සිද්ධියට අදාලව 06 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර් මහතා MediaLK වෙත පැවසීය. අනුරාධපුර ප්‍රදේශයෙන් අද අලුයම තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, ඊට අමතරව තවත් දෙදෙනකු මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටි බවත්, සිද්ධියේ වෙඩික්කරුයැයි සැක කරන පුද්ගලයා ද අද සවස පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඔහුගේ කාර්යාලයේ සිටියදී පසුගියදා වෙඩි තබා ඝාතනය කරන ලදී. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, මූල්‍ය අපරාධ විමර්ශන අංශයත් එක්ව විමර්ශන සිදු කළ අතර එම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස අද (26) උදෑසන අනුරාධපුර කොට්ඨාසයේ කැකිරාව පොලිස් වසමේදී විමර්ශන අංශ පොලිස් විශේෂ කාර්ය බලකායේද සහාය ඇතිව වැටලීමක් කළ බව පොලිසිය සඳහන් කළේය. එම වැටලීමේ දී එක් පුද්ලයකු පලා ගිය බව සඳහන් කළ පොලිසිය ඔහුගේ ඡායාරූප සහ තවත් තොරතුරු අද දහවල් ප්‍රසිද්ධියට පත් කළේය. අද සවස වෙඩික්කරු අත්අඩංගුවට ගැනීම ගැන හිරු රූපවාහිනිය වාර්තා කළේ දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිස්තිරි ජයලත් මහතාගේ මෙහෙවීම යටතේ කළ මෙහෙයුමකදී මෙම වෙඩික්කරු අත්අඩංගුවට ගත් බවයි. ඒ සමගම වෙඩික්කරු අත්අඩංගුවට පත්වූ මොහොතේ වීඩියෝවක් විකාශය කළ අතර එහි සිවිල් ඇඳුමෙන් සැරසුණු පිරිසක් ඔහුගෙන් ප්‍රශ්න කරන ආකාරය දර්ශනය විය. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එහි සිටින්නේ සිවිල් පුද්ගලයන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ පිරිසක් බවයි. පොලිසියේ උසස් නිලධාරියකු සඳහන් කළේ වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට සහ අද අලුයම කැකිරාවේදී කළ වැටලීමට ද දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිස්තිරි ජයලත් මහතාගේ කිසිම සම්බන්ධයක් නැති බවයි. කිත්සිරි ජයලත් මහතා සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අනාවරණයක් කළ අතර එහිදූ ඔහු පැවසුවේ වෛද්‍ය සාෆි ශිහබ්දීන් බොරු චෝදනා මත අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් කිත්සිරි ජයලත් මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇතත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බවයි. එසේම කිස්තිරි ජයලත් මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කළ ජනමාධ්‍යවේදියකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව ද මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය. එම චෝදනාව නිසා නැවත මහජන ප්‍රසාදය දිනාදීම සඳහා කිස්තිරි ජයලත් මහතා මෙම මෙහෙයුම අධීක්ෂණය කළ බවට ජනමාධ්‍ය හරහා ප්‍රචාරය කරවන්නේදැයි සැක සහිත බව ද උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය. වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරුගෙන් සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් ප්‍රශ්න කිරීමේ වීඩියෝවක් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා සංසරණය වීම ගැන නීතිඥවරුන් කීප දෙනෙක් නොසතුට පළකරමින් ෆේස්බුක්හි සටහන් පල කර තිබිණි. RELATED ARTICLESMORE FROM AUTHOR අධිකරණය හා නීතිය පරමාධිපත්‍යට අල්ලස් හෝ දූෂණයෙන් තොර රජයකට ඇති අයිතිය ඇතුළත් – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි පුවත් පොලිස් ලොක්කන්ගේ ගැටුම ජාතික ප්‍රශ්නයක්ද? – සියලු උසස් නිලධාරීන් ගැන විගණනයක් ඕනෑ පුවත් පෙම්වතා පණපිටින් පිළිස්සූ තැන හැදුණු කඳුළු බිත්තියේ කඳුළු කතාව 1 COMMENT කිත්සිරිවගේ පොලිසියෙ එවුන්ගැන කිසිම පැහැදීමක් නැති අතර, මුජිබර්වැනි අන්ත ජාතිවාදී දේශපාලකයින් උපුටා දැක්වීමෙන් ඔබවැනි මාධ්‍යවේදීන් හෑල්ලුවීම වළකාලීමට පරිස්සම්වන්න. අද ඔවුන් බලයේසිටියේනම් ඔවුන් රනිල් රාජපක්ෂ ආණ්ඩුවට නොදෙවෙනි වෙනුඇත. ඔබලා පාවිච්චිකිරීමට ඔවුන්ට ඉඩ නොතබන්න. Reply LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. {{#message}}{{{message}}}{{/message}}{{^message}}Your submission failed. The server responded with {{status_text}} (code {{status_code}}). Please contact the developer of this form processor to improve this message. Learn More{{/message}}{{#message}}{{{message}}}{{/message}}{{^message}}It appears your submission was successful. Even though the server responded OK, it is possible the submission was not processed. Please contact the developer of this form processor to improve this message. Learn More{{/message}}Submitting…
කිත්සිරිවගේ පොලිසියෙ එවුන්ගැන කිසිම පැහැදීමක් නැති අතර, මුජිබර්වැනි අන්ත ජාතිවාදී දේශපාලකයින් උපුටා දැක්වීමෙන් ඔබවැනි මාධ්‍යවේදීන් හෑල්ලුවීම වළකාලීමට පරිස්සම්වන්න. අද ඔවුන් බලයේසිටියේනම් ඔවුන් රනිල් රාජපක්ෂ ආණ්ඩුවට නොදෙවෙනි වෙනුඇත. ඔබලා පාවිච්චිකිරීමට ඔවුන්ට ඉඩ නොතබන්න. Reply
කිත්සිරිවගේ පොලිසියෙ එවුන්ගැන කිසිම පැහැදීමක් නැති අතර, මුජිබර්වැනි අන්ත ජාතිවාදී දේශපාලකයින් උපුටා දැක්වීමෙන් ඔබවැනි මාධ්‍යවේදීන් හෑල්ලුවීම වළකාලීමට පරිස්සම්වන්න. අද ඔවුන් බලයේසිටියේනම් ඔවුන් රනිල් රාජපක්ෂ ආණ්ඩුවට නොදෙවෙනි වෙනුඇත. ඔබලා පාවිච්චිකිරීමට ඔවුන්ට ඉඩ නොතබන්න.