Home පුවත් හමුදා කඳවුරට ඇතුළු වූ තරුණයාගේ මරණය ; සෙබළුන් සිව්දෙනකු රිමාන්ඩ් – දෙදෙනෙක්... පුවත් හමුදා කඳවුරට ඇතුළු වූ තරුණයාගේ මරණය ; සෙබළුන් සිව්දෙනකු රිමාන්ඩ් – දෙදෙනෙක් පෙරට්ටුවේදී හඳුනාගෙන ! By www.medialk.com - August 20, 2025 Facebook Twitter Pinterest WhatsApp මුලතිව්, මුත්තියන්කට්ටු ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරකට ඇතුළුවීමෙන් පසු මුත්තියන්කට්ටු වැවේ ගිලී මියගිය තරුණයාගේ මරණයෙන් පසු සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබළුන් සිව්දෙනා ලබන 26 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මුලතිව් වැඩබලන මහේස්ත්‍රාත් එස්.එච් මාරූස් මහතා ඊයේ (19) නියෝග කළේය. අත්අඩංගුවට ගත් සැකකාර සෙබළුන් පෙරේදා (18) හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර, සාක්ෂිකරුවන් විසින් සැකකාර යුද හමුදා සෙබළුන් දෙදෙනකු පහරදීම සම්බන්ධයෙන් හඳුනාගනු ලැබීය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ මුලතිව්හි පිහිටි 12 වැනි සිංහ රෙජිමේන්තුවට අනුයුක්ත ව සේවය කරන යුද හමුදා සැරයන් දෙවිරන්ලාගේ චානක සම්පත් සමන්කුමාර, කෝප්රල්වලරුන් වන නාමල් කුමාරසිරි වනිගරත්න, ජයසිංහපේලියගෙදර ලසන්ත රත්නසිරි සහ රුවන් දම්මික නිම්සර නමැති පිරිස ය. පසුගිය 09 වැනිදා පස්වරුවේ අබලි යකඩ එකතු කිරීම සඳහා මුලතිව්, මුත්තියන්කට්ටු යුද හමුදා කඳවුරට පැමිණි කිහිපදෙනකු අතුරෙන් තරුණයකු යුද හමුදාව දැක පළායෑමේදී මුත්තියන්කට්ටු වැවේ ගිලී මියගොස් සිටි අතර, ඔහුගේ සිරුර පොලිසිය විසින් පසුදින සොයාගනු ලැබීය. මුත්තියන්කට්ටු වැවේ ගිලී මෙසේ මියගොස් සිටියේ මුලතිව්, ජීවනගර් පදිංචි එදිරාමනසිංහම් කපිල්රාජ් නමැති 32 හැවිරිදි තරුණයෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඉකුත් 10 වැනිදා පොලිසිය විසින් යුද හමුදා සැරයන්වරයකු සහ සෙබළුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර, පසුව සිදු කළ විමර්ශනවලදී හෙළිවූ තොරතුරු මත තවත් සෙබළෙකු පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. යුද හමුදා සෙබළුන්ගේ පහරදීමෙන් මෙම මරණය සිදුව ඇති බවට මියගිය පුද්ගලයාගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් විසින් චෝදනා කළ අතර, එම පැමිණිලි මත සිදු කළ විමර්ශනවලදී අනාවරණය කරගත් තොරතුරු මත සැකකාර සෙබළුන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි. පසුගිය 09 වැනිදා මියගිය තරුණයා ඇතුළු තිදෙනකු යුද හමුදාවේ පිරිසකගේ දැනුම්දීමක් මත අබලි යකඩ එකතු කිරීම සඳහා යුද හමුදා කඳවුරට ගොස් ඇති බවත්, එහිදී මෙම පහරදීම සිදුව ඇති බවත්, පහරදීමෙන් එක් අයකු තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුළත් කර ඇති බවත් මුලින් වාර්තා විය. මරණය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන අතර, සාක්ෂිකරුවන් කිහිපදෙනකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ද ඔඩ්ඩුසුඩාන් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. මියගිය තරුණයාගේ පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනීසිටියහ. ලබන 26 වැනිදා මෙම පැමිණිල්ල නැවත කැඳවීමට නියමිත අතර, ඔඩ්ඩුසුඩාන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි. මේ අතර මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් කැබිනට් ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා ප්‍රකාශ කළේ මිය ගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණ සිදු කර ඇති බවත්, ඔහුගේ බරපතල පහරදීම් තුවාල කිසිවක් හඳුනාගෙන නොතිබුණ බවත්ය. කෙසේ වෙතත් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව ඔහු සඳහන් කළේය. RELATED ARTICLESMORE FROM AUTHOR අධිකරණය හා නීතිය පරමාධිපත්‍යට අල්ලස් හෝ දූෂණයෙන් තොර රජයකට ඇති අයිතිය ඇතුළත් – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි පුවත් පොලිස් ලොක්කන්ගේ ගැටුම ජාතික ප්‍රශ්නයක්ද? – සියලු උසස් නිලධාරීන් ගැන විගණනයක් ඕනෑ පුවත් වැලිගම වෙඩික්කරු අල්ලයි – මෙහෙයුමට කිත්සිරිගේ සම්බන්ධයක් නැතිලු LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. {{#message}}{{{message}}}{{/message}}{{^message}}Your submission failed. The server responded with {{status_text}} (code {{status_code}}). Please contact the developer of this form processor to improve this message. Learn More{{/message}}{{#message}}{{{message}}}{{/message}}{{^message}}It appears your submission was successful. Even though the server responded OK, it is possible the submission was not processed. Please contact the developer of this form processor to improve this message. Learn More{{/message}}Submitting…