චීන ජනාධිපති ෂී ජින්-පිං මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ‘zoom’ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවති බවට රජයේ පුවත්පතක් වන ඩේලි නිවුස් පුවත්පත කළ වාර්තාව අසත්‍ය බව චීන තානාපති කාර්යාලය පවසයි.
ඩේලිනිවුස් පුවත්පත අද(09) මෙසේ වාර්තා කර තිබිණි.
එහි සිංහල පරිවර්තනය මෙසේය
“චීන ජනාධිපති ෂී ජින්-පිං ඊයේ zoom තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කතා කළේය. වාර්තා අනුව නායකයින් දෙදෙනා පරිපාලනමය කරුණු පිළිබඳ තම අත්දැකීම් බෙදාහදා ගෙන තිබේ.