(තරිඳු ජයවර්ධන)
වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ කාලයේ, ඔහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වූ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවී සිටින දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දිය යුතු බවට වූ ලියුමකට මන්ත්‍රීවරුන් පිරිසක් අත්සන් තබා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි. එම වාර්තාවෙන් පසු දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ එම ලිපියට තමන් ද අත්සන් කළ බවයි. දුමින්ද සිල්වා එම සිද්ධිය සිදුවන අවස්ථාවේදී බීමතින් සිටි නිසා සහ දැනට වසර පහක පමණ කාලයක් තිස්සේ සිරගතව සිටින නිසා ඔහුට සමාව දීම සුදුසු බව මනෝ ගනේෂන් මහතා සඳහන් කර තිබිණි.
භාරත සහ දුමින්ද

භාරත ලක්ෂ්මන්
