Home පුවත් පොලිස් නිල ෆේස්බුක් පිටුවෙන් තහංචි දාලා – තරුණයකුගෙන් පැමිණිල්ලක් පුවත්මානව හිමිකම් පොලිස් නිල ෆේස්බුක් පිටුවෙන් තහංචි දාලා – තරුණයකුගෙන් පැමිණිල්ලක් By www.medialk.com - July 2, 2025 Facebook Twitter Pinterest WhatsApp (ආචිත ඩී නානායක්කාර) ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවෙන් තමාගේ ෆේස්බුක් ගිණුම අවහිර කිරීමෙන් මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් විශ්ව විද්‍යාල සිසුවකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මෙම විශ්ව විද්‍යාල සිසුවා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වශයෙන් ද ප්‍රසිද්ධියට පත්ව සිටින තරුණයකු වන අතර විශ්ව විද්‍යාලවල සිදුවන නවක වධයට එරෙහිව පසුගිය කාලයේ දී සමාජ මාධ්‍ය ඔස්සේ හඬ නැගූ අයෙකි. රුක්ෂාන් උදය ප්‍රියනාත් නම් 21 හැවිරිදි මෙම තරුණයා තම පැමිණිල්ලෙන් දක්වා ඇත්තේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්යක්ෂවරයා සහ ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුව මෙහෙයවන නිලධාරීන් තම අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බවයි. ශ්‍රී ලංකා පොලිසියෙ නිල ෆේස්බුක් පිටුව තුළින් ඔහුගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුම අවහිර කිරීම ඉවත් කරන නිර්දේශයක් ලබා දෙන ලෙස ද, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන විසින් ඩිජිටල් අවකාශය හරහා සේවාවන් හා ක්රියාකාරීත්වයන් සැපයීමේදී සමාජ මාධ්‍ය පරිශීලිකයන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ද එම තරුණයා මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති භාෂණයේ ප්රකාශනයේ අයිතිවාසිකම මෙන්ම තොරතුරු වෙත ප්රවේශවීමේ අයිතිවාසිකම ද ශ්‍රී ලංකා පොලිසිය විසින් කර කර ඇතැයි ප්‍රකාශ කරන ලෙස ද මෙම තරුණයා වැඩිදුරටත් ඉල්ලා ඇත. 43 RELATED ARTICLESMORE FROM AUTHOR අධිකරණය හා නීතිය පරමාධිපත්‍යට අල්ලස් හෝ දූෂණයෙන් තොර රජයකට ඇති අයිතිය ඇතුළත් – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි පුවත් පොලිස් ලොක්කන්ගේ ගැටුම ජාතික ප්‍රශ්නයක්ද? – සියලු උසස් නිලධාරීන් ගැන විගණනයක් ඕනෑ පුවත් වැලිගම වෙඩික්කරු අල්ලයි – මෙහෙයුමට කිත්සිරිගේ සම්බන්ධයක් නැතිලු LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.