(තරිඳු ජයවර්ධන)
එදා 2019 මැයි මස 23 වැනිදා ය. දිවයින පුවත්පතේ ප්‍රධාන පුවතින් රට ම ගිනියම් වී තිබිණි. එහි ශීර්ෂය වූයේ “තවුහිත් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳකරලා – සාක්කි සහිතව හෙළිදරව් වෙයි – දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ” යන්නයි. එය කියැවූ අයකුට හැඟී යන්නේ තවුහිත් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳ කළ (නැවත ගැබ්ගැනීමට නොහැකි) බව විමර්ශනවලින් අනාවරණය කරගෙන ඇති බවයි. එම ප්‍රවෘත්තියේ වෛද්‍යවරයාගේ නම හෝ ප්‍රදේශය සඳහන් කර තිබුණේ නැත. නිශ්චිත පුද්ගලයකු උපුටා දැක්වීමෙන් තොරව ‘පොලිසිය කියයි’ යනුවෙන් එහි සඳහන් කර තිබිණි.
වටේ ගිය පුවතට කලබල වූ පිරිස
