Home පුවත් මූලික අයිතිවාසිකම් ගැන සිතන්න – සමාජ මාධ්‍ය ගැන පොලිස්පතිගෙන් තවත් චක්‍රලේඛයක් පුවත් මූලික අයිතිවාසිකම් ගැන සිතන්න – සමාජ මාධ්‍ය ගැන පොලිස්පතිගෙන් තවත් චක්‍රලේඛයක් By www.medialk.com - October 31, 2024 Facebook Twitter Pinterest WhatsApp ඩිජිටල් මාධ්‍ය වෙත (සාමජ මාධ්‍ය ඇතුළුව) පුද්ගලයන්ට ප්රවේශවීමට සහ ඒවා භාවිත කිරීමට ඇති හැකියාව භාෂණය, ප්රකාශනය ඇතුළුව අදහස් ඉදිරිපත් කිරීමේ මූලික අයිතිවාසිකමෙහි කොටසක් බවත්, එවැනි අයිතිවාසිකමක් සීමා කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වැනි ව්‍යවස්ථාවේ සඳහන් සීමාකිරීම්වලට යටත්ව පමණක් බවත් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විශේෂ අභ්‍යන්තර චක්‍රලේඛයක් මගින් සියලුම පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබේ. ෆේස්බුක්හි දැමූ සටහනක් අනුව රම්සි රසීක් නම් ක්‍රියාකාරිකයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පොලිස් නිලධාරීන්ට අදාල උපදෙස් ලබා දෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය 2023 නොවැම්බර් 14 වැනිදා නියෝග කළේය. කෙසේ වෙතත් හිටපු පොලිස්පතිවරයා එම නියෝගය ක්‍රියාත්මක කර තිබුණේ නැත. ඒ අනුව එම තීන්දුව ක්‍රියාත්මක කරමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ආර්.ටී.එම් 921 දරණ අභ්‍යන්තර පොලිස්පති චක්‍රලේඛය ඊයේ (30) නිකුත් කර තිබේ. පිටු හතකින් සමන්විත එම චක්‍රලේඛය මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 120, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32(1)(ආ), අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115(1) සහ අයිසීසීපීආර් පනතේ අදාල වගන්ති ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන උපදෙස් ලබා දී තිබේ. චක්‍රලේඛයේ අවසානයේ සඳහන් කර ඇත්තේ මෙසේය. ‘පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයෙන් එවැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම, තම අනුලංඝණීය මූලික අයිතිවාසිකම් භුක්ති විඳීමට කැමති අනෙකුත් පුද්ගලයින් කෙරෙහි ද දැඩි බියක් දනවන තත්ත්වයක් ඇති කළ හැකිය. එබැවින්, එවැනි අපරාධ යුක්ති විනිශ්චය ක්‍රියාමාර්ග මනා සුපරීක්ෂාකාරී බවකින්, ස්වාධීනත්වයකින්, අපක්ෂපාතීව, ඉතා ප්‍රවේශමෙන් සහ නීතියෙන් නියම කර ඇති පරිදි සිදු කළ යුතුය.’ අදාල චක්‍රලේඛය පහත දැක්වේ. crtm_761-compressed-1 RELATED ARTICLESMORE FROM AUTHOR අධිකරණය හා නීතිය පරමාධිපත්‍යට අල්ලස් හෝ දූෂණයෙන් තොර රජයකට ඇති අයිතිය ඇතුළත් – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි පුවත් පොලිස් ලොක්කන්ගේ ගැටුම ජාතික ප්‍රශ්නයක්ද? – සියලු උසස් නිලධාරීන් ගැන විගණනයක් ඕනෑ පුවත් වැලිගම වෙඩික්කරු අල්ලයි – මෙහෙයුමට කිත්සිරිගේ සම්බන්ධයක් නැතිලු LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. {{#message}}{{{message}}}{{/message}}{{^message}}Your submission failed. The server responded with {{status_text}} (code {{status_code}}). Please contact the developer of this form processor to improve this message. Learn More{{/message}}{{#message}}{{{message}}}{{/message}}{{^message}}It appears your submission was successful. Even though the server responded OK, it is possible the submission was not processed. Please contact the developer of this form processor to improve this message. Learn More{{/message}}Submitting…