Home පුවත් අත් අඩංගුවට ගන්න සංඛ්‍යාව බලලා උසස්වීම් දෙන්න එපා! – මානව හිමිකම් කොමිසමෙන්... පුවත්මානව හිමිකම් අත් අඩංගුවට ගන්න සංඛ්‍යාව බලලා උසස්වීම් දෙන්න එපා! – මානව හිමිකම් කොමිසමෙන් පොලිස්පතිට ලිපියක් By www.medialk.com - August 23, 2025 Facebook Twitter Pinterest WhatsApp (ආචිත ඩී නානායක්කාර) පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් තීරණය කිරීමේදී අත්අඩංගුවට ගැනීමේ ඉලක්ක නොතකා ඒ වෙනුවට සලකා බැලිය යුතු වෙනත් මිනුම් දඬු නිර්දේශ කරමින් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමලත් විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතාගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකා පොලීසිය සඳහා අවශ්‍යම සම්පත් වෙන්කිරීම සහ අනෙකුත් ආයතනික ප්‍රතිසංස්කරණ යන මැයෙන් මෙම ලිපිය පොලිස්පතිවරයා වෙත යොමු කර ඇත. වධහිංසා පැමිණවීම වැළැක්වීම, අත්අඩංගුවේදී සිදුවන මරණ වැළක්වීම වැනි ප්‍රධාන මානව හිමිකම් තේමාවන් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට මානව හිමිකම් කොමිෂන් සභාව විසින් දිස්ත්‍රික් මට්ටමේ අධ්‍යාපන වැඩසටහන් රාශියක් පත්වා ඇති බව ද මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මෙම ලිපියේ සඳහන් කර තිබේ. එසේම කොමිෂන් සභාව විසින් එහි වධහිංසා වැළැක්වීමේ ජාතික යන්ත්‍රණය මඟින් පොලිස් ස්ථාන පරීක්ෂා කරන බව ද අදාළ ලිපිය මඟින් පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. නීතියට අනුව තම රාජකාරි කිරීමට ශ්‍රී ලංකා පොලිසියේ සෑම නිලයකටම අවශ්‍ය වන මානව හා භෞතික සම්පත් ගැන තක්සේරුවක් සැකසීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජන ආරක්ෂක ඇමතිවරයා වෙත නිර්දේශ කිරීමට කොමිෂන් සභාව අදහස් කරන බව ද එහි දැක්වේ. මේ ලිපියේ අ. කොටසේ සම්පත් වෙන්කිරීම යටතේ උප වගන්ති කිහිපයක් දක්වා ඇති අතර, එම උප වගන්තිවල ආ. වගන්තිය යටතේ ‘රැඳවුම් කුටිවල වාතාශ්‍ර ඇතුළු වන ලෙස වැඩි දියුණු කිරීම ඇතුළු ව පොලිස් ස්ථානවල අත්අඩංගුවේ පසුවන පුද්ගලයන්ට අදාළ වන සෞඛ්යම සහ ආරක්ෂක ප්රමිතීන් වැඩිදියුණු කිරීම සහ සැකකරුවන් අත්අඩංගුවේ රඳවා තබාගනිමින් ප්‍රශ්න කරන සියලුම ස්ථාන නිරීක්ෂණයට CCTV කැමරා ස්ථාපනය කිරීම‘ ද එසේ මහජන ආරක්ෂක ඇමතිවරයාගේ අවධානයට යොමු කිරීමට අපේක්ෂා කරන කරුණක් ලෙස දක්වා තිබේ. එමෙන්ම පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියේ ආ. කොටසේ ඉලක්ක හා දිරිදීමනා සඳහා ව්‍යූහය යන කොටස යටතේ පොලිස් කොට්ඨාසවල නීතිය හා සාමය පවත්වාගෙන යෑමේ ප්‍රාථමික දර්ශකයක් ලෙස පොලිස් ස්ථාන විසින් සිදුකරන අත්අඩංගුවට ගැනීම් සංඛයාව භාවිත කිරීම ගැන සිය දැඩි අවධානය යොමුකර ඇති බව ද සඳහන් ය. එම පිළිවෙත මීට වසර කිහිපයකට පෙර හඳුන්වා දී ඇති බව ද, දිගටම එය පැවතුණහොත් එය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම කෙරෙහි පොලිස් නිලධාරීන් වෙත කෙරෙන විකෘති දිරිගැන්වීමක් විය හැකි බව ද කොමිෂන් සභාව විසින් මෙම ලිපියේ තවදුරටත් සඳහන් කර ඇත. මෙම තත්ත්වය යටතේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පහත සඳහන් නිර්දේශ එම ලිපිය මගින් ඉදිරිපත් කර තිබේ. එහි 01 වැනි නිර්දේශය ලෙස පොලිස් ස්ථානවල හා කොට්ඨාසවල විධිමත් / අවිධිමත් ලෙස ශ්‍රී ලංකා පොලීසිය ඉලක්කගත කර ඇති ආකාරය නැවත සමාලෝචනය කළ යුතු බව කොමිෂන් සභාව සඳහන් කර ඇත. ඒ අනුව අවිධිමත් ලෙස පනවන ලද අත්අඩංගුවට ගැනීම් ඉලක්ක සපුරා ගැනීම සඳහා පොලිස් නිලධාරීන් යොමු නොකළ යුතු බවට ද කොමිෂන් සභාව විසින් නිර්දේශ කර තිබේ. එහි 02 වැනි නිර්දේශය ලෙස පොලිස් නිලධාරීන්ගේ කාර්යසාධන ඇගයීම්, පිළිගැනීම් සහ උසස්කිරීම් උදෙසා මෙහෙයුම් කාර්යක්ෂමතාව, ප්‍රජා සහභාගිත්වය හා විශ්වාසය, වෘත්තීය හැසිරීම් හා ආචාරධර්ම, කුසලතා හා නිපුණතා සංවර්ධනය, පරිපාලන කාර්යක්ෂමතාව වැනි ප්‍රමාණාත්මක මිනුම් යොදාගන්නා ලෙස මෙම ලිපිය මඟින් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට නිර්දේශ කර තිබේ. ඒ අනුව අත්අඩංගුවට ගැනීම් ඉලක්ක නොතකා නඩු විසඳීමේ අනුපාතය, ප්‍රතිචාර දැක්වීමට ගතවන කාලය, අත්අඩංගුවට ගැනීමේ සිට දඬුවම් කිරීම දක්වා අනුපාතය සහ පොලිස් බල ප්‍රදේශවල අපරාධ අවම කිරීම යන මිනුම් යොදාගන්නා ලෙස ද පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ. එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ද, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට ද, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්යඳ නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට ද මෙම ලිපියේ පිටපත් යොමු කර ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පොලිස්පතිවරයාට යොමු කළ ලිපියේ දැක්වේ. RELATED ARTICLESMORE FROM AUTHOR අධිකරණය හා නීතිය පරමාධිපත්‍යට අල්ලස් හෝ දූෂණයෙන් තොර රජයකට ඇති අයිතිය ඇතුළත් – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි පුවත් පොලිස් ලොක්කන්ගේ ගැටුම ජාතික ප්‍රශ්නයක්ද? – සියලු උසස් නිලධාරීන් ගැන විගණනයක් ඕනෑ පුවත් වැලිගම වෙඩික්කරු අල්ලයි – මෙහෙයුමට කිත්සිරිගේ සම්බන්ධයක් නැතිලු LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. {{#message}}{{{message}}}{{/message}}{{^message}}Your submission failed. The server responded with {{status_text}} (code {{status_code}}). Please contact the developer of this form processor to improve this message. Learn More{{/message}}{{#message}}{{{message}}}{{/message}}{{^message}}It appears your submission was successful. Even though the server responded OK, it is possible the submission was not processed. Please contact the developer of this form processor to improve this message. Learn More{{/message}}Submitting…