Home පුවත් අර්ථසාධක ගෙවීම් පැහැර හැරීමේ නඩු 16,000 ක් : පනත සංශෝධනයට පියවර ! පුවත් අර්ථසාධක ගෙවීම් පැහැර හැරීමේ නඩු 16,000 ක් : පනත සංශෝධනයට පියවර ! By MediaLK.com - January 1, 2021 Facebook Twitter Pinterest WhatsApp සේවක අර්ථසාධක දායක මුදල් ගෙවීම් පැහැර හැර ඇති නඩු 16,000ක් මහේස්ත්‍රාත් අධිකරණවල මේ වනවිට විභාග වෙමින් පවතින බව කම්කරු දෙපර්තමේන්තුව සඳහන් කරයි. සේවක අර්ථසාධක පනත උල්ලංඝනය කිරීම් පිළිබඳ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට එරෙහිව පසුගිය රජය සමයේ සිට 2020 ජනවාරි 01 දා වන තෙක් නඩු 11,549 පවරා ඇති බව ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් විමසීමේදී කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ අර්ථසාධක අරමුදලේ දායක මුදල් වශයෙන් රුපියල් බිලියන 12 කට ආසන්න මුදලක් හාම්පුතුන් විසින් ගෙවීම් පැහැර හැර ඇති බව ය. මේ ආකාරයට සේවක අර්ථසාධක අරමුදල් පනත උල්ලංඝනය කරමින්, එම දායක මුදල් ගෙවීම් පැහැර හැර ඇති හාම්පුතුන්ට මේ වසරේදී කිසිදු සමාවක් නොදෙන බවත්, හාම්පුතුන් දිගින්-දිගටම මෙම දායක මුදල් ගෙවීම් පැහැර හැරීම පිළිබඳව මුල් නිවේදන සහ රතු නිවේදන යවා තිබියදීත් එම මුදල් නොගෙවීම බරපතළ නීති උල්ලංඝනය කිරීමක් මෙන්ම, වැඩ කරන පංතියේ ජනතාවගේ මුදල් වංචා කිරීමක් බව ද ඇමැතිවරයා සඳහන් කළේය. මේ තුළින් සිය ශ්‍රමය රට වෙනුවෙන් කැප කළ සේවක ප්‍රජාවට සාධාරණය ඉටු කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණවල පවතින දැඩි තදබදයද සලකා බලා මෙම අර්ථසාධක පැහැර හැරීම් නඩු ඉදිරියේදී කම්කරු විනිශ්චය සභා වෙත යොමු කොට ඉක්මනින් මුදල් අය කරවා ගැනීමට අදාළව 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එසේම සේවකයෙකු ආයතනයක සේවයට බැඳී නිශ්චිත කාලයක් තුළ අර්ථසාධක අරමුදලේ ලියාපදිංචිය අනිවාර්ය කිරීමටද අදාළව නව නීති ගෙන එන බව ඇමැතිවරයා සඳහන් කළ අතර, මෙම කාලය මාස හයක් ලෙස යෝජනා කරන බව ද පැවසීය. කෙසේ වෙතත් කොවිඩ් 19 වසංගතය නිසා ආර්ථික දුෂ්කරතාවලට මුහුණපෑමට සිදු වූ ආයතන ගණනාවක් සිය අර්ථසධක දායක මුදල් ගෙවීම් සඳහා සහන කාලයක් ඉල්ලා ඇති බවත්, ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කරන කරුණු සහිත ඉල්ලීම් පිළිබඳව පරීක්ෂා කර බලා, සත්‍ය වශයෙන්ම කොවිඩ් වසංගතයේ බලපෑමට ලක් වූ ආයතන කෙරෙහි සානුකම්පිතව සලකා බලා ඔවුන් සමඟ සාකච්ඡා කර එම හිඟ දායක මුදල් ගෙවීම සඳහා යම් කාල පරාසයක් ලබාදීමට කටයුතු කරන බවත් මේ පිළිබඳව අප කළ විමසීමකදී කම්කරු කොමසාරිස් ජනරාල්, නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය. RELATED ARTICLESMORE FROM AUTHOR අධිකරණය හා නීතිය පරමාධිපත්‍යට අල්ලස් හෝ දූෂණයෙන් තොර රජයකට ඇති අයිතිය ඇතුළත් – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි පුවත් පොලිස් ලොක්කන්ගේ ගැටුම ජාතික ප්‍රශ්නයක්ද? – සියලු උසස් නිලධාරීන් ගැන විගණනයක් ඕනෑ පුවත් වැලිගම වෙඩික්කරු අල්ලයි – මෙහෙයුමට කිත්සිරිගේ සම්බන්ධයක් නැතිලු LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. {{#message}}{{{message}}}{{/message}}{{^message}}Your submission failed. The server responded with {{status_text}} (code {{status_code}}). Please contact the developer of this form processor to improve this message. Learn More{{/message}}{{#message}}{{{message}}}{{/message}}{{^message}}It appears your submission was successful. Even though the server responded OK, it is possible the submission was not processed. Please contact the developer of this form processor to improve this message. Learn More{{/message}}Submitting…