Home පුවත් පොලිස්පති ඉවත් කිරීම ගැන අලි සබ්රිගේ ප්‍රකාශය ජයම්පති බොරු කරයි පුවත් පොලිස්පති ඉවත් කිරීම ගැන අලි සබ්රිගේ ප්‍රකාශය ජයම්පති බොරු කරයි By MediaLK.com - September 9, 2020 Facebook Twitter Pinterest WhatsApp (ශාලික විමලසේන) අධිකරණ ඇමති අලි සබ්රි මහතා විසින් පොලිස්පතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත පැවසූ කරුණක් මුළුමනින්ම අසත්‍ය බව ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න අවධාරණය කරයි. අධිකරණ ඇමතිවරයා සදහන් කර තිබුණේ අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයා වගකිවයුතු බවක් යම් හෙයකින් තහවුරු වුවද, ඔහු ඉවත් කිරීමට වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ප්‍රතිපාදන නොමැති බවයි. මේ පිළිබදව Medialk වෙත අදහස් දක්වමින් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සදහන් කළේ නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා ඉවත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් ලෙස ව්‍යවස්ථාවේ ඇති බවයි. 2002 අංක 05 දරන නිලධාරීන් ඉවත් කිරීමේ පනතේ ඊට අදාළ කරුණු පැහැදිලිව සදහන් වන බවත්, ඒ අනුව නීතිපතිවරයාට හෝ පොලිස්පතිවරයාට එරෙහිව යම් චෝදනාවක් තිබේ නම්, ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසා, ඉන්පසු පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් යෝජනාවක් සම්මත කොට ඉවත් කළ හැකි බවයි. වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය දරන මහාචාර්ය ජී.එල්.පීරිස් 2002 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා ලෙස මෙම පනත ඉදිරිපත් කර ඇති බවද ආචාර්ය වික්‍රමරත්න වැඩිදුරටත් පෙන්වා දුන්නේය. RELATED ARTICLESMORE FROM AUTHOR අධිකරණය හා නීතිය පරමාධිපත්‍යට අල්ලස් හෝ දූෂණයෙන් තොර රජයකට ඇති අයිතිය ඇතුළත් – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි පුවත් පොලිස් ලොක්කන්ගේ ගැටුම ජාතික ප්‍රශ්නයක්ද? – සියලු උසස් නිලධාරීන් ගැන විගණනයක් ඕනෑ පුවත් වැලිගම වෙඩික්කරු අල්ලයි – මෙහෙයුමට කිත්සිරිගේ සම්බන්ධයක් නැතිලු LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. {{#message}}{{{message}}}{{/message}}{{^message}}Your submission failed. The server responded with {{status_text}} (code {{status_code}}). Please contact the developer of this form processor to improve this message. Learn More{{/message}}{{#message}}{{{message}}}{{/message}}{{^message}}It appears your submission was successful. Even though the server responded OK, it is possible the submission was not processed. Please contact the developer of this form processor to improve this message. Learn More{{/message}}Submitting…