Home පුවත් වාහන බලපත්‍රය එපා කී කතාව බොරු – හරිනි අමරසූරිය පුවත් වාහන බලපත්‍රය එපා කී කතාව බොරු – හරිනි අමරසූරිය By MediaLK.com - September 21, 2020 Facebook Twitter Pinterest WhatsApp පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන වාහන බලපත්‍ර සම්බන්ධයෙන් තමා කිසිම අදහසක් දක්වා නොමැති බවත් තාම නම භාවිත කරමින් කිසියම් කණ්ඩායමක් ව්‍යාජ ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය තුළ මතුරමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය. මන්ත්‍රීවරුන්ට ලබා දෙන වාහන බලපත්‍ර සම්බන්ධයෙන් තීරණය පක්ෂය විසින් ගනු ඇති බව ද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට තමාට කිසිම අවශ්‍යතාවයක් නොමැති බව ද අමරසූරිය මන්ත්‍රීවරිය මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළාය. “මන්ත්‍රී වාහන බලපත්‍ර ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරිය” යැයි සඳහන් විවිධ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කිහිපය තුළ හුවමාරු වූ අතර මේ සම්බන්ධයෙන් medialk.com කළ විමසීමේදී මන්ත්‍රීවරිය මේ බව ප්‍රකාශ කළාය. සීග්‍රයෙන් පැතිර යන අසත්‍ය ප්‍රකාශ සංස්කෘතිය වෙනස් කිරීමට නිල වශයෙන් තහවුරු කළ තොරතුරු පමණක් යොදා ගැනීමට කටයුතු කරන ලෙස හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය. ඇය මන්ත්‍රී වාහන බලපත්‍රය ප්‍රතික්ෂේප කළ බවට පුවත් වෙබ් අඩවි වාර්තා කළැයි හුවාදක්වමින් කරුණු විකෘති කළ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන ආකාරය දක්නට ලැබුණි. අලුතින් පත්වූ මන්ත්‍රීවරුන්ට මුලින්ම වාහන බලපත්‍ර ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි සඳහන් පුවත් පළ වීමත් සමඟ මෙම පුවත පළවූ බවත් ඒවා සම්පූර්ණයෙන් අසත්‍ය බවත් හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කළාය. පහත දැක්වෙන ඡායාරූපය ද ඇය මන්ත්‍රී වාහන බලපත්‍රය ප්‍රතික්ෂේප කළ බවට Medialk.com වාර්තා කළැයි හුවා දක්වමින් අසත්‍ය ලෙස කරුණු විකෘති කර සකස් කර ඇති ඡායාරූපයකි. මෙවන් පුවතක් අප වාර්තා නොකළ බවත් මෙම ඡායාරූපය සම්පූර්ණයෙන් අසත්‍ය බවත් Medialk.com අපි දැනුම්දෙමු. RELATED ARTICLESMORE FROM AUTHOR අධිකරණය හා නීතිය පරමාධිපත්‍යට අල්ලස් හෝ දූෂණයෙන් තොර රජයකට ඇති අයිතිය ඇතුළත් – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි පුවත් පොලිස් ලොක්කන්ගේ ගැටුම ජාතික ප්‍රශ්නයක්ද? – සියලු උසස් නිලධාරීන් ගැන විගණනයක් ඕනෑ පුවත් වැලිගම වෙඩික්කරු අල්ලයි – මෙහෙයුමට කිත්සිරිගේ සම්බන්ධයක් නැතිලු LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. {{#message}}{{{message}}}{{/message}}{{^message}}Your submission failed. The server responded with {{status_text}} (code {{status_code}}). Please contact the developer of this form processor to improve this message. Learn More{{/message}}{{#message}}{{{message}}}{{/message}}{{^message}}It appears your submission was successful. Even though the server responded OK, it is possible the submission was not processed. Please contact the developer of this form processor to improve this message. Learn More{{/message}}Submitting…