Home පුවත් මානව හිමිකම් කොමිසම ගැන පැතිරෙන කතාව අසත්‍යයක් ! පුවත් මානව හිමිකම් කොමිසම ගැන පැතිරෙන කතාව අසත්‍යයක් ! By MediaLK.com - November 30, 2020 Facebook Twitter Pinterest WhatsApp ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට මහර බන්ධනාගාරය තුළට ඇතුළුවීමට ඉඩ ලබානොදුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ප්‍රවෘත්තිය අසත්‍ය බව එම කොමිසමේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් තහවුරු කළේය. අද (30) උදෑසන අදාළ ස්ථානයට ගිය කොමිසමේ කොමසාරිස් රමණි මුත්තෙට්ටුවේගම ඇතුළු පිරිසට බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වීමේදී කිසිදු ගැටලුවක් ඇති නොවූ බවත්, බන්ධනාගාරය තුළ සියලු ස්ථානවලට යෑමට නිලධාරීන්ට නොහැකි වූයේ තත්වය මුළුමනින්ම පාලනය කර නොතිබූ නිසා බවත් පැවසූ එම නිලධාරියා, ඉන්පසු කොමිසමේ නිලධාරීන් පැමිණ සිටින බවත්, තත්ත්වය පාලනය කිරීමට සහයෝගය ලබාදෙන ලෙසත් කොමසාරිස්වරිය ශබ්ද විකාශන යන්ත්‍ර ආධාරයෙන් ඉල්ලා සිටි බවත් අවධාරණය කළේය. අදාළ ප්‍රවෘත්තිය තහවුරු කරගැනීම සදහා අප කළ විමසීමකදී මෙම ජ්‍යේෂ්ඨ නිලධාරියා ඉහත අදහස් පළ කළේය. මේ සම්බන්ධයෙන් විමසීමට රමණි මුත්තෙට්ටුවේගම සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද, එය අසාර්ථක විය. RELATED ARTICLESMORE FROM AUTHOR අධිකරණය හා නීතිය පරමාධිපත්‍යට අල්ලස් හෝ දූෂණයෙන් තොර රජයකට ඇති අයිතිය ඇතුළත් – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි පුවත් පොලිස් ලොක්කන්ගේ ගැටුම ජාතික ප්‍රශ්නයක්ද? – සියලු උසස් නිලධාරීන් ගැන විගණනයක් ඕනෑ පුවත් වැලිගම වෙඩික්කරු අල්ලයි – මෙහෙයුමට කිත්සිරිගේ සම්බන්ධයක් නැතිලු LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment. {{#message}}{{{message}}}{{/message}}{{^message}}Your submission failed. The server responded with {{status_text}} (code {{status_code}}). Please contact the developer of this form processor to improve this message. Learn More{{/message}}{{#message}}{{{message}}}{{/message}}{{^message}}It appears your submission was successful. Even though the server responded OK, it is possible the submission was not processed. Please contact the developer of this form processor to improve this message. Learn More{{/message}}Submitting…