Home අධිකරණය හා නීතිය අධිකරණයට අපහාස කිරීම : ඉහළම දඬුවම රංජන්ට ! අධිකරණය හා නීතිය අධිකරණයට අපහාස කිරීම : ඉහළම දඬුවම රංජන්ට ! By MediaLK.com - January 10, 2020 FacebookTwitterPinterestWhatsApp අධිකරණ අපහාස නීතිය · අධිකරණයට අපහාස කිරීම යනු කුමක් දැයි ශ්‍රී ලංකාවේ නීතිය තුළ නිශ්චිතව අර්ථ දක්වා නැත. · නීතිය තුළ එවැනි අර්ථ දැක්වීමක් නොතිබීම එස්.බී. දිසානායකට එරෙහිව 2003 දී පවරන ලද නඩුව සම්බන්ධයෙන් විමර්ශනය කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විශේෂ අවධානයට යොමුව තිබිණි. · අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (03) වගන්තියේ මෙසේ සඳහන් ය. ‘ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ ශ්‍රී ලංකා ජනරජයේ අභියාචනාධිකරණය යන එක් එක් අධිකරණය ලේඛනෝපගත කිරීමේ ජ්‍යෙෂ්ඨ අධිකරණයක් වන්නේය. අධිකරණයේදීම නැතහොත් අන් ස්ථානයකදී ඒ අධිකරණයකට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණය සුදුසු යැයි සලකන පරිදි බන්ධනාගාරගත කිරීමෙන් හෝ දඩයකින් හෝ බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දඬුවම් දෙකෙන්ම හෝ දඬුවම් කිරීමේ බලය ද ඇතුළුව එබඳු අධිකරණයක සියලු බලතල ඒ අධිකරණයන්ට ඇත්තේය.’ අධිකරණයට අපහාස කිරීම් ලෙස සලකන අවස්ථා : (ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක) · ජනතාව ඉදිරියේ අධිකරණයේ ගරුත්වයට හානිවන ආකාරයේ ඕනෑම ක්‍රියාවක් · ජනතාව ඉදිරියේ අධිකරණය හෙළා දැකීම, හෑල්ලුවට ලක් කිරීම හෝ හාස්‍යයට ලක් කිරීම · අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම · අධිකරණ නියෝගයක් අභියෝගයට ලක් කිරීම (අභියාචනයක් ඉදිරිපත් කිරීම නොවේ) · අධිකරණය තුළ නොහික්මුණු හැසිරීම · සමස්ත අධිකරණයටම හෝ සියලු විනිසුරුවරුන්ට නිගරු වන අන්දමේ ප්‍රකාශ හෝ හැසිරීම් · අධිකරණයට අපහාස කිරීම පිළිබඳ දඬුවම් 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතේ දක්වා තිබේ. · මහාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වන පුද්ගලයෙකුට වසර පහකට අඩු බරපතළ හෝ බරපතළ නොවන සිර දඬුවමක් හෝ රුපියල් 5,000කට අඩු දඩයක් හෝ ඒ දඬුවම් දෙකම හෝ නියම කිරීමේ බලය මහාධිකරණයට හිමි වේ. (18 වැනි වගන්තිය) · දිසා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර දෙකක් දක්වා බරපතළ හෝ බරපතළ නොවන සිර දඬුවමක් හෝ රුපියල් 2,500කට අඩු දඩයක් හෝ එම දඬුවම් දෙකම හෝ නියම කිරීමේ බලය දිසා අධිකරණයට පවතී. (55 – (අ) වගන්තිය) · මහේස්ත්‍රාත් හෝ සුළු අපරාධ අධිකරණයකට අපහාස කිරීම සම්බන්ධයෙන් මාස 18 ක් දක්වා සිර දඬුවම් හෝ රුපියල් 1,000 ක් දක්වා දඩයක් හෝ ඒ දඬුවම් දෙකම හෝ නියම කළ හැකිය. (55 – (ආ) වගන්තිය) අධිකරණයට අපහාසයක් නොවන අවස්ථා :(ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක) · අධිකරණ නියෝගයක් හෝ අධිකරණ ක්‍රියාමාර්ගයක් සාධාරණ විවේචනයකට ලක් කිරීම · අධිකරණය පිළිබඳ අධ්‍යයනයක් මගින් අධිකරණය හෝ අධිකරණ ක්‍රියාමාර්ග විවේචනයට ලක් කිරීම · අධිකරණය ඉදිරියේ පවතින නඩු විභාග ප්‍රමාදවීම සම්බන්ධයෙන් කෙරෙන විවේචන · රටේ අධිකරණමය ක්‍රමවේදය සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කරන විවේචන · විනිශ්චයකාරවරයෙකුට එරෙහිව පැමිණිල්ලක් යොමු කිරීම · අධිකරණ ක්‍රමය වඩා කාර්යක්ෂම කිරීම පිණිස කෙරෙන යෝජනා අධිකරණයට අපහාස කළ බවට තීරණය කෙරුණු අවස්ථා · අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු කෙරුණු එස්.බී. දිසානායකට බරපතළ වැඩ ඇතිව වසර දෙකක සිර දඬුවමක් නියම කෙරිණි. මෙම තීන්දුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් බරපතළ ලෙස විවේචනයට ලක් කෙරිණි. · හිටපු අගවිනිසුරු සරත් සිල්වාට එරෙහිව පවරා තිබූ නඩුවකදී අධිකරණයේදී උස් හඬින් කතා කිරීමේ චෝදනාව මත අගවිනිසුරුවරයා විසින්ම ටෝනි එම්මානුවෙල් ප්‍රනාන්දුට වසරක සිර දඬුවමක් නියම කරන ලදි. එම තීන්දුව ජාත්‍යන්තර වශයෙන් ද විවේචනයට ලක්විය. පසුව බන්ධනාගාරයේදී ඔහුට පහරදීම සම්බන්ධයෙන් වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කෙරිණි. ඔහු දැන් කැනඩාවේ වාසය කරයි. · 2017 අගෝස්තු 21 පැවැති මාධ්‍ය හමුවකදී විනිශ්චයකාරවරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් සිදු වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක තීන්දුවට අනුව, මන්ත්‍රීවරයාට වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරිණි. අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් මෙරටදී ලබාදුන් ඉහළම දඬුවම රංජන් රාමනායකට එරෙහිව ලබාදුන් තීන්දුවයි. මීට පෙර එවැනි අවස්ථාවලදී වසර දෙකකට වැඩි සිර දඬුවම් ලබා දී නොමැත. (අධිකරණ අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය නිහාල් ජයවික්‍රම) ඡායාරූපය – අන්තර්ජාලයෙනි RELATED ARTICLESMORE FROM AUTHOR අධිකරණය හා නීතිය Controversial Electricity Supply for NR’s Wedding Arranged on Instructions of Ravi K., Revealed before SC අධිකරණය හා නීතිය දේශබන්දු අධිකරණයට – සම්පූර්ණ කතාව අධිකරණය හා නීතිය ලලිත් – කුගන් නඩුවේ සාක්කි දෙන්න ගෝඨා හා කියයි LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.