Home පුවත් අම්බුළුවාවේ තවත් බෑවුමක් අවදානම් – නිවාස 05ක් ඉවතට ; පාසල් දෙකක් සහ... පුවත් අම්බුළුවාවේ තවත් බෑවුමක් අවදානම් – නිවාස 05ක් ඉවතට ; පාසල් දෙකක් සහ නිවාස පහක් මධ්‍ය අවධානම් ලැයිස්තුවට By www.medialk.com - January 17, 2026 Facebook Twitter Pinterest WhatsApp (තරිඳු ජයවර්ධන) අම්බුළුවාව කන්දේ තවත් බෑවුමක නායයෑමේ සහ ගල් පෙරලීමේ අවධානමක් ඇති බැවින් ගොඩගම ග්‍රාමනිලධාරී වසමට අයත් ගම්පොල-අම්බුළුවාව ජලාශපාරේ නිවාස පහක් අධි අවදානම් බවත්, ජිනරාල ප්‍රාථමිකය සහ පිරිමි විද්‍යාලයත්, තවත් නිවාස 05කුත් මධ්‍ය අවධානම් තත්ත්වයයේ ඇති බවත් ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම්දී තිබේ. පසුගිය ආපදා තත්ත්වයේ දී අම්බුළුවාව කන්දේ සිට ආ විශාල ජල පහරත්, ඒ සමග පහලට ආ බෝර දැමූ ගල් සහ ගස් කඳන් නිසාත් නිවස අසල සිට ගසාගෙන ගොස් පාසල් පිට්ටනියේදී පස් සහ ගල්වලට යටවී මරණයට පත්වූ ජිනරාජ පිරිමි විද්‍යාලයේ ගුරුවරියක වූ මල්ලිකා තෙබුවන ආරච්චි මහත්මිය තාවකාලිකව ජීවත්ව සිටි නිවස ආශ්‍රිතව නිවාස 05ක් මෙලෙස අධි අවධානම් බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි. එම නිවාස පහ ආශ්‍රිතව භූමි ප්‍රදේශ ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතුවලින් තොර නායයෑම් අධි සංවේදී කලාපයක් ලෙස සලකා සංරක්ෂණය කළ යුතු බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කියයි. මෙම නිවාස අධි අවධානම් තත්ත්වයට පත්වී ඇත්තේ අම්බුළුවාව කන්දේ සිට පහළට ඇතිවූ නායයෑම් සහ ගල් පෙරලීම් නිසා බව ද, තවදුරටත් එම ප්‍රදේශයේ නායයෑමේ අවධානමට අමතරව ගල් පෙරලීමේ අධිඅවධානමක් තිබෙන බව ද ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙයි. අම්බුළුවාව කන්දේ සිට පහලට පැමිණ තිබූ ගල් රැසක බෝර දැමූ සලකුණු තිබුණු අතර ප්‍රදේශවාසීහු එම සලකුණු ද ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වෙත පෙන්වා දුන්හ. මේ අතර මෙම ප්‍රදේශය ආශ්‍රිතව තවත් නිවාස පහක් නායයෑමේ සහ ගල් පෙරලීමේ තත්ත්වය මත මධ්‍ය අවධානම් ප්‍රදේශයක් ලෙසට නම් කර තිබෙන අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන අනුව හෝ වර්ෂාපතන අගයන් මිලි මීටර 75ට වැඩිනම් අවදානයෙන් සිටින සිටිය යුතු බවත්, පැය 24කදී මිලිමීටර 100කට වැඩි වර්ෂාවයකදී හෝ පැයකට මිලිමීටර 75ට වැඩි වර්ෂාපතන තත්ත්වයකදී හෝ එම ස්ථානයෙන් තාවකාලිකව ඉවත්වී ආරක්ෂක ස්ථානයකට යා යුතුබවත් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දී ඇත. එසේම මෙම නිවාසවලට පහලින් ඇති ජිනරාජ ප්‍රාථමික විද්‍යාලය සහ ජිනරාජ පිරිමි විද්‍යාලය බෑවුම් අස්ථාවරවීම මත මධ්‍ය අවදානම් තත්ත්වයේ තිබෙන බවත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානනයේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන අනුව හෝ වර්ෂාපතන අගයන් මිලි මීටර 75ට වැඩිනම් අවදානයෙන් සිටින සිටිය යුතු බවත්, පැය 24කදී මිලිමීටර 100කට වැඩි වර්ෂාවයකදී හෝ පැයකට මිලිමීටර 75ට වැඩි වර්ෂාපතන තත්ත්වයකදී හෝ එම ස්ථානයෙන් තාවකාලිකව ඉවත්වී ආරක්ෂක ස්ථානයකට යා යුතුබවත් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දී තිබේ. අම්බුළුවාව කන්දේ බෑවුමක සිදුවූ නායයෑම හේතුවෙන් මරණයට පත්වූ ගුරුවරියගේ සිරුර සොයා ගනු ලැබුවේ ජිනරාජ පිරිමි විද්‍යාලයේ පිට්ටනියේ තිබියදීය. එම නායත් සමග පැමිණි පස් සහ ගල් රැසක් පාසල් පිට්ටනියට එක්රැස්වී තිබිණි. අම්බුළුවාව කන්දේ තවත් බෑවුම් දෙකක නිවාස 18ක් අධි අවධානම් තත්ත්වයේ තිබෙන බවත්, තවත් නිවාස හා ගොඩනැගිලි 18ක් මධ්‍ය අවධානම් තත්ත්වයේ ඇති බවත් පසුගියදා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දුන්නේය. එලෙස දැනුම් දුන් ස්ථාන දෙකෙන් එකක පැලුම් රේඛාව ආරම්භ වී තිබුණේ අම්බුළුවාව ජෛවවිවිධත්ව සංකීර්ණයෙන් බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිරීක්ෂණය කළේය. 1731 RELATED ARTICLESMORE FROM AUTHOR දේශපාලනය ලෝක යුද්ධය දිනන්නේ කවුද? – ගැටුමේ කතාව මුල සිට අධිකරණය හා නීතිය වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගන්න ත්‍රස්ත නීතිය යොදා ගැනීම වැරදී !- ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි පුවත් විකට් පොල්ලක් ගුදමාර්ගයට දමන බවට තර්ජනය කරලා – පොලිසියෙන් පහරදුන් තරුණයාගේ ඇස්පෙනීමත් අඩුවෙලාලු LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.