(ආචිත ඩී නානායක්කාර)
ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවෙන් තමාගේ ෆේස්බුක් ගිණුම අවහිර කිරීමෙන්  මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් විශ්ව විද්‍යාල සිසුවකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මෙම විශ්ව විද්‍යාල සිසුවා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වශයෙන් ද ප්‍රසිද්ධියට පත්ව සිටින තරුණයකු වන අතර විශ්ව විද්‍යාලවල සිදුවන නවක වධයට එරෙහිව පසුගිය කාලයේ දී සමාජ මාධ්‍ය ඔස්සේ හඬ නැගූ අයෙකි. රුක්ෂාන් උදය ප්‍රියනාත් නම් 21 හැවිරිදි මෙම තරුණයා තම පැමිණිල්ලෙන් දක්වා ඇත්තේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා සහ ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුව මෙහෙයවන නිලධාරීන් තම අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බවයි.
ශ්‍රී ලංකා පොලිසියෙ නිල ෆේස්බුක් පිටුව තුළින් ඔහුගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුම අවහිර කිරීම ඉවත් කරන නිර්දේශයක් ලබා දෙන ලෙස ද, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන විසින් ඩිජිටල් අවකාශය හරහා සේවාවන් හා ක්‍රියාකාරීත්වයන් සැපයීමේදී සමාජ මාධ්‍ය පරිශීලිකයන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ද එම තරුණයා මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති භාෂණයේ ප්‍රකාශනයේ අයිතිවාසිකම මෙන්ම තොරතුරු වෙත ප්‍රවේශවීමේ අයිතිවාසිකම ද ශ්‍රී ලංකා පොලිසිය විසින් කර කර ඇතැයි ප්‍රකාශ කරන ලෙස ද මෙම තරුණයා වැඩිදුරටත් ඉල්ලා ඇත.
www.medialk.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here