Home පුවත් රක්ෂිතයක තේක්ක කැපූ පිරිසකට එස්ටීඑෆ් වෙඩි ප්‍රහාරයක් – එක් අයකුගේ තත්ත්වය අවදානම්... පුවත් රක්ෂිතයක තේක්ක කැපූ පිරිසකට එස්ටීඑෆ් වෙඩි ප්‍රහාරයක් – එක් අයකුගේ තත්ත්වය අවදානම් ! By www.medialk.com - August 29, 2025 FacebookTwitterPinterestWhatsApp වවුනියාව, පුලියන්කුලම් ප්‍රදේශයේ රජයේ රක්ෂිතයක නීතිවිරෝධී ලෙස තේක්ක ගස් කපා රැගෙනයෑමට පැමිණි පිරිසකට පෙරේදා (27) රාත්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනකු බරපතළ තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ. කැබිතිගොල්ලෑවට මායිම් ව පිහිටි වවුනියාව, පුලියන්කුලම්හි රක්ෂිතයක සිදුකෙරෙන මහා පරිමාණ දැව ජාවාරමක් සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වෙත ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී කපා තිබූ තේක්ක දැව කඳන් රැගෙනයෑමට කැබ් රථයකින් පැමිණි පිරිසක් පළායෑමට උත්සාහ කිරීමේදී මෙම වෙඩි ප්‍රහාරයක් සිදු කර ඇති බවත්, වෙඩි තබන අවස්ථාවේ කැබ්රථයේ සිවුදෙනෙකු සිට ඇති අතර, ඉන් දෙදෙනකු වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවත් පොලිසිය පැවසීය. අනතුරුව පළාගිය පිරිස සහ කැබ්රථය වවුනියාව, තිරුණාවකුලම් ප්‍රදේශයට පැමිණ ඇති අතර, රථයේ සිටි තුවාලකරුවන් දෙදෙනා සෙසු සැකකරුවන් විසින් හදිසි ගිලන්රථ සේවය ඔස්සේ වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. එසේ තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ වවුනියාව, කට්පහපුරම් පදිංචි 42 හැවිරිදි අයකු සහ මන්නාරම – මඩු, පෙරියපරිච්චානන් පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි. කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් රක්ෂිත ප්‍රදේශයේදී රථය නවත්වන ලෙස අනතුරු අඟවා ඇති අතර, අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදු කළ බව කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර පාර්ශ්වයෙන් පැවසීය. වෙඩි තැබීමෙන් එක් අයකුගේ හිසට සහ අනෙක් පුද්ගලයාගේ බාහු ප්‍රදේශයට තුවාල සිදු වී ඇති බවත්, හිසට වෙඩි වැදී සිටින පුද්ගලයාගේ තත්ත්වය ඉතා අවදානම් බවත් වවුනියාව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. මේ වෙඩිතැබීම සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලිසිය විමර්ශන සිදුකරයි. RELATED ARTICLESMORE FROM AUTHOR පුවත් වැලිගම වෙඩික්කරු අල්ලයි – මෙහෙයුමට කිත්සිරිගේ සම්බන්ධයක් නැතිලු පුවත් පෙම්වතා පණපිටින් පිළිස්සූ තැන හැදුණු කඳුළු බිත්තියේ කඳුළු කතාව පරිසරය රක්ෂිත නම් කර දින 73ක් – ගැසට් තවම නෑ LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.