(ආචිත ඩී නානායක්කාර)
පරිසර අමාත්‍යංශය විසින් වනස්පති නම් වැඩසටහන යටතේ පසුගිය ජූලි 15 වැනිදා වනාන්තර 21ක් රක්ෂිත බවට පත්කරන බව කීවද ඊට අදාල ගැසට් පත්‍ර මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති බව MediaLK කළ සොයා බැලීමකදී තහවුරු විය.
වනාන්තර 16ක් රක්ෂිත බවට පත් කිරීම පරිසර ඇමති වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි 15 වැනිදා උත්සවාකාරයෙන් සිදුවූ බව පරිසර අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. කෙසේ වෙතත් අප කළ සොයා බැලීමකදී තහවුරු වූයේ එලෙස රක්ෂිත බවට පත් කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර, ඊට අදාල කටයුතු සඳහා වන සංරක්ෂක ජනරාල්වෙත යොමු කර ඇති වනාන්තර ගණන 21කි. එම නව රක්ෂිත ලැයිස්තුව මෙසේය.
-
නිල්ගල රක්ෂිත වනාන්තරය
-
තුල්හිරිකන්ද රක්ෂිත වනාන්තරය
-
උඩලොයද්ද රක්ෂිතය
-
මිල්ලකැලේ රක්ෂිතය
-
වේරහැරකන්ද රක්ෂිත වනාන්තරය
-
කොට්ටාව රක්ෂිත වනාන්තරය
-
වෙහෙරගල රක්ෂිත වනාන්තරය
-
ආගරේ රක්ෂිත වනාන්තරය
-
වන්නිතිබ්බාගොඩ රක්ෂිත වනාන්තරය
-
කුඩාගොඩකන්ද රක්ෂිත වනාන්තරය
-
වැලිආර රක්ෂිත වනාන්තරය
-
කන්දෙයාය රක්ෂිත වනාන්තරය
-
පොරමැඬිල්ල රක්ෂිත වනාන්තරය
-
පාලකුඩා කඩොලාන රක්ෂිත වනාන්තරය
-
බදුලුගොඩ රක්ෂිත වනාන්තරය
-
පානම – උතුර රක්ෂිත වනාන්තරය
-
රජගල රක්ෂිත වනාන්තරය
-
කරංගාව රක්ෂිත වනාන්තරය
-
රිලාගල රක්ෂිත වනාන්තරය
-
අඹඅත්තාහෙල රක්ෂිත