Home අධිකරණය හා නීතිය ශානි සීඅයිඩියෙන් නෙරපීම ගැන පෙත්සම විභාග කරන්න අධිකරණය තීන්දු කරයි අධිකරණය හා නීතිය ශානි සීඅයිඩියෙන් නෙරපීම ගැන පෙත්සම විභාග කරන්න අධිකරණය තීන්දු කරයි By MediaLK.com - May 4, 2024 Facebook Twitter Pinterest WhatsApp ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කළේය. එලෙස තීන්දු කළේ විජිත් මලල්ගොඩ, කුමුදුණී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදීය. ශානි අබේසේකර මහතා වෙනුවෙන් නීතිඥ මංජුල බාලසූරිය මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්රමුඛ නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ලෙස කටයුතු කළ තමා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් 2019 නොවැම්බර් මාසයේදී අත්තනෝමතික ලෙස ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ සහකාර ලෙස ස්ථාන මාරු කළ බවත්, ඉන් පසු අත්තනෝමතික ලෙස වැඩ තහනම් කළ බවත් ඒ මහතාගේ පෙත්සමේ සඳහන් වේ. හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න, ජාතික පොලිස් කොමිසම සහ එහි සාමාජිකයන්ද, නීතිපතිවරයා ද ඇතුළු පිරිසක් පෙත්සමේ වගඋත්තරකරුවෝ වෙති. අබේසේකර මහතා හිතුමතේ ස්ථාන මාරු කළ වැඩ තහනම් කළ ද ඔහුට එරෙහිව අඩු තරමේ විනය පරීක්ෂණයක්වත් පවත්වා නැතැයි නඩුවේ සඳහන් විය. නොවැම්බර් 29 පෙත්සම යළි කැඳවීමට නියමිතය. 768 RELATED ARTICLESMORE FROM AUTHOR අධිකරණය හා නීතිය මාධ්‍ය නාලිකාවලට බොරු කියන්න බෑ – හිරුට තරු පෙන්වූ සම්පූර්ණ තීන්දුව අධිකරණය හා නීතිය ඊබ්‍රහීම් සහ පුතුන් දෙදෙනා වෙනුවෙන් ගොනු කළ පෙත්සම් විසිවෙයි – මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකළ හැක්කේ කාටදැයි අධිකරණයෙන් යළිත් පැහැදිලිකරීමක් අධිකරණය හා නීතිය ඇමති-නිලධාරීන් අත්තනෝමතිකව වැඩ කරලා – අවුරුදු 49ක සටනකින් පසු යුක්තිය ලැබෙයි LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.