Home පුවත් සුවසැරියේ වෙන්ටිලේටර්ස් ගලවන කතාව බොරු – හර්ෂ ද සිල්වා පුවත් සුවසැරියේ වෙන්ටිලේටර්ස් ගලවන කතාව බොරු – හර්ෂ ද සිල්වා By MediaLK.com - November 6, 2020 FacebookTwitterPinterestWhatsApp සුවසැරිය ගිලන් රථ සේවයේ ඇති වෙන්ටිලේටර්ස් වත්මන් රජය විසින් ගලවා රෝහල් වෙත ලබාදීමට තීරණය කර ඇති බවට පසුගිය දිනවල පළ වූ පුවත් වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කියයි. ‘සුවසැරියේ වෙන්ටිලේටර් ගලවන සූදානමක්’ යන සිරස්තලය සහිතව එක්සත් ජාතික පක්ෂයේ උප නායක රුවන් විජයවර්ධන මහතා උපුටා දක්වමින් අදාළ පුවත වාර්තා කර තිබිණි. එක් පුවත් වාර්තාවක් පහත දැක්වෙයි. ෆේස්බුක් සටහනක් පළ කරමින් සිල්වා මහතා ප්‍රකාශ කළේ ගලවාගැනීමට සුවසැරියේ වෙන්ටිලේටර්ස් නොමැති බවත් සුවසැරිය ගිලන්රථ සේවයේ වෙන්ටිලේටර්ස් ගලවාගෙන යාමට සූදානමක් තිබෙනවා යැයි ප්‍රචාරය කරන්නේ ඒ ගැන නොදන්නා පිරිසක් බවත්ය. පසුව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ද පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා නැවතත් පැවසූවේ එලෙස ගලවා ගැනීමට වෙන්ටිලේටර්ස් සුවසැරියේ නොමැති බවයි. RELATED ARTICLESMORE FROM AUTHOR පුවත් වැලිගම වෙඩික්කරු අල්ලයි – මෙහෙයුමට කිත්සිරිගේ සම්බන්ධයක් නැතිලු පුවත් පෙම්වතා පණපිටින් පිළිස්සූ තැන හැදුණු කඳුළු බිත්තියේ කඳුළු කතාව පරිසරය රක්ෂිත නම් කර දින 73ක් – ගැසට් තවම නෑ LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.