Home පුවත් ප්‍රජා පොලිස් කමිටුවලින් තොරතුරු නැති අවස්ථා තිබුණා : සහරාන් ගැනත් තොරතුරු ලැබුණේ... පුවත් ප්‍රජා පොලිස් කමිටුවලින් තොරතුරු නැති අවස්ථා තිබුණා : සහරාන් ගැනත් තොරතුරු ලැබුණේ නෑ – පූජිත් By MediaLK.com - October 16, 2020 FacebookTwitterPinterestWhatsApp ග්‍රාමීය මට්ටමින් විවිධ අපරාධ සහ සැකකටයුතු පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබාගැනීමේ අරමුණින් ප්‍රජා පොලිස් කමිටු 14200ක් පමණ තිබුණද ඒවායෙන් බලාපොරොත්තු වූ තරම් තොරතුරු නොලැබුණු අවස්ථා තිබූ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය. කාත්තන්කුඩි ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ප්‍රජා පොලිස් කමිටුවලට ද ජාතික තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම්ගේ ක්‍රියාකාරකම් පිලිබඳව තොරතුරු නොලැබුනු බව හෙතෙම කීවේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඔහු මේ බව ප්‍රකාශ කළේය. එම කාලයේ හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකිරීමට වැඩි අවධානයක් දී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවා ඒ පිළිබඳව සාකච්ඡා කළා සේම ඉස්ලාම් අන්තවාදය පිළිබඳව සාකච්ඡා කිරීමට රැස්වීම් කොපමණ ගණනක් පැවැත්වූයේද යන්න එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ජයසුන්දර මහතාගෙන් ප්‍රශ්න කළේය . “ගණනක් සඳහන් කළ නොහැකියි” යනුවෙන් එහිදී පූජිත් ජයසුන්දර මහතා ලබාදුන් පිළිතුරට සභාපති විනිසුරුවරයා, එක් රැස්වීමක් හෝ නොපැවැත්වූවා නොවේදැයි පෙරළා ප්‍රශ්න කළේය . හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එයට පිළිතුරු දෙමින් ” නැ මං ඒක පිළිගන්නේ නැහැ. අපි ඒ වෙද්දි ප්‍රජා පොලිස් ඒකක පිහිටුවලා නිලධාරීන් අනියුක්ත කරලා තිබුණේ කරුණු හතරක් ගැන හොයන්න. ඒකේ මූලිකම දේ වුණේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම. අපි ඒ සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු ග්‍රාම නිලධාරි මට්ටමින් සාකච්ඡා කළා. ” යැයි පැවසීය . මේ අතර කොමිෂන් සභාව ජයසුන්දර මහතාගෙන් විමසුවේ රාජ්‍ය බුද්ධි සේවය විසින් ඉස්ලාම් අන්තවාදය පිළිබඳව පැහැදිළිව තොරතුරු ලබා දී තිබූ බැවින් ප්‍රජා පොලිස් කමිටු පිහිටුවා තොරතුරු ලබාගැනීමට අවශ්‍යතාවක් තිබුණේ නැහැ නේද යන්නයි. යම් තාක් දුරකට ප්‍රමුඛතාවයක් ලබා දුන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩපිළිවෙළට අදාල වන තොරතුරු සෙවීම සඳහා බව ජයසුන්දර මහතා පිළිගත්තේය. මෙම සාක්ෂි ලබාදීම අතරතුර ජයසුන්දර මහතාට ඇතියූ යම් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජයසුන්දර මහතාගෙන් සාක්ෂි විමසීම පසුවට කල් තැබීමට ජනාධිපති කොමිසම තීරණය කළේය. RELATED ARTICLESMORE FROM AUTHOR පුවත් වැලිගම වෙඩික්කරු අල්ලයි – මෙහෙයුමට කිත්සිරිගේ සම්බන්ධයක් නැතිලු පුවත් පෙම්වතා පණපිටින් පිළිස්සූ තැන හැදුණු කඳුළු බිත්තියේ කඳුළු කතාව පරිසරය රක්ෂිත නම් කර දින 73ක් – ගැසට් තවම නෑ LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.