Home අධිකරණය හා නීතිය තලාතුඔය පොලිසියෙන් රියදුරකුට පහරදීලා ; පෙත්සම විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි අධිකරණය හා නීතියමානව හිමිකම් තලාතුඔය පොලිසියෙන් රියදුරකුට පහරදීලා ; පෙත්සම විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි By www.medialk.com - February 12, 2022 Facebook Twitter Pinterest WhatsApp තලාතුඔය පොලිසියේ පිරිසක් ලොරි රථ රියදුරකුට පහරදී වධහිංසා කිරීම ගැන පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම සිදුවීමට අදාල අධිකරණ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය. ගුරුදෙනියේ පදිංචිකරුවකු වන පහරකෑ පෙත්සම්කරු නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතා මාර්ගයෙන් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම පසුගිය නව වැනිදා ප්‍රීිති පත්මන් සූරසේන මහතා ප්රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවිණි. එම අවස්ථාවේ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතා ප්‍රකාශ කළේ මෙම පෙත්සම්කරු පෙත්සමේ හතර වැනි වගඋත්තරකරුගේ ලොරි රථයේ වැඩකළ රියදුරු බවයි. වැලි ප්‍රවාහනය සම්බන්ධයෙන් පොලිසිය පෙත්සම්කරුට නඩු පවරා ඇතිමුත්, ඊට නියෝග ලබා දුන් ලොරි රථයේ හිමිකරුට නඩු පවරා නැතැයි කී නීතිඥවරයා ලොරි රථයේ හිමිකාරිත්වය සඳහන් වන වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කළේය. ඒ අනුව හතර වැනි වගඋත්තරකාර පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කළේය. තලාතුඔය පොලිසියේ කොස්තාපල් ජයකොඩි, ස්ථානාධිපති අනුර ක්‍රිෂාන්ත, රථවාහන ස්ථානාධිපති සමන් කුමාර, උප පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චිගේ රණවීර, පොලිස්පති සීඩී වික්‍රමරත්න සහ නීතිපතිවරයා මෙම පෙත්සමේ වගඋත්තරකරුවෝ කරනු ලැබ සිටිති. මෙහි පෙත්සම්කරු තලාතුඔය පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චිගේ රණවීරට අයත් ලොරි රථයක රියදුරු ලෙස 2019 අප්‍රේල් පළමු වැනිදා දක්වා සේවය කර ඇති අතර උප පොලිස් පරීක්ෂකගේ දැනුම්දීම මත එම ලොරි රථය වැලි ප්‍රවාහනය සඳහා යොදාගෙන තිබේ. එලෙස රියදුරු ලෙස කටයුතු කරමින් සිටිනා අතරතුර පෙත්සමේ හතරවැනි වගඋත්තරකාර පොලිස් නිලධාරියාගේ උපදෙස් පරිදි වැලි ප්‍රවාහනය කරමින් සිටියදී බලපත්‍රයක් නැතිව වැලි ප්‍රවාහනය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට පත්වී 2019 පෙබරවාරි මස 26 වැනිදා මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයේ 1992 අංක 33 දරණ පතල් හා ඛනිජ පනත යටතේ නඩු පවරා තිබේ. එම නඩුවේදී ලොරියේ හිමිකරුට චෝදනා එල්ල කර නැත. ඉන් පසු වලංගු බලපත්‍රයක් නැතිව වැලි සහිත ලොරිය පැදවීම ප්‍රතික්ෂේප කරමින් වලංගු බලපත්‍රයක් සහිත අවස්ථාවල පමණක් වැලි ප්‍රවාහනය කළ බවත්, වැලි ප්‍රවාහනය ප්‍රතික්ෂේප කිරීම නිසා හතරවැනි වගඋත්තරකරු දැඩි කෝපයකින් පසුවූ බවත්, අවස්ථා කිහිපයකදීම බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය ප්‍රතික්ෂේප කළ අවස්ථාවන්හිදී වෙනත් රියදුරකු ලවා එම පොලිස් නිලධාරියා වැලි ප්‍රවාහනය කළ බවත් පෙත්සම්කරු ඔහුගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් කර තිබේ. එම උප පොලිස් පරීක්ෂකට අයත් ලොරි රථය 2019 අප්‍රේල් පළමු වැනිදා අලුත් වැඩියාව සඳහා පෙත්සම්කරු ගරාජයක් වෙත රැගෙන ගොස් සවස 5.45ට පමණ නිවසට පැමිණ මහනුවර-හාරගම ප්‍රධාන මාර්ගයේ තමාගේ නිවස ඉදිරිපිට අයිනට වන්නට නතර කර තිබුණු බවද, එදිනම රාත්‍රී 7.00 ට පමණ තමා මිතුරෙකුගේ මෝටර් රථයකින් ඒ අසල අවමංගල්‍යය නිවසකට ගොස් ආපසු නිවස බලා එද්දී මිතුරන් කිහිප දෙනෙකු සමඟ බියර් පානය කර රාත්‍රී 9.45 ට පමණ පයින්ම නිවසට පැමිණි බවද, බිරිඳ සමඟ රාත්‍රී ආහාර ගෙන නිදා ගැනීමට නිවස ඉදිරිපිට නතර කර තිබූ ලොරි රථයට පැමිණි බවද, එසේ පැමිණියේ ලොරියේ ආරක්ෂාවට එහි නිදාගන්නා ලෙස හතරවැනි වගතඋත්තරකරු දැනුම්දී තිබුණු නිසා බවද පෙත්සමේ සඳහන්වෙයි. එදිනම රාත්‍රී 11.50 ට පමණ තමා හදිසියේම නින්දෙන් අවදි වී බලන විට පොලිස් නිලධාරීන් දෙදෙනකු ලොරි රථය දෙසට එනු දුටු බවත්, එලෙස පැමිණි එක් අයකු වන පෙත්සමේ පළමු වගඋත්තරකරු පොලිස් කොස්තාපල් ජයකොඩි ලොරියට ගොඩවී හෙල්මට් එකකින් පහර දුන් බවත්, තමා ‘මට පහර දෙනවා, මාව බේරාගන්න’ යැයි කියමින් කෑ ගැසූ බවත් පෙත්සම්කරු පවසයි. තවත් පොලිස් නිලධාරියකු පළමුවැනි වගඋත්තරකරු සමඟ එක්ව තමන් ලොරි රථයෙන් බිමට ඇද දැමූ බවත්, පළමු වගඋත්තරකරු පිටට සහ පපුවට පයින් ගැසූ බවත් කියන පෙත්සම්කරු තම බිරිඳ සහ පුත්‍රයා නිවස ඉදිරිපිට මෙම සිද්ධිය දෙස බලා සිටි බව ද සඳහන් කරයි. පොලිස් රථවාන අංශයේ ස්ථානාධිපති සමන් කුමාර එම ස්ථානයේ අනිත් නිලධාරීන්ට නියෝග කරමින් සිටි බව ද, පළමු වගඋත්තරකරු සහ තවත් පොලිස් නිලධාරියෙක් තමාගේ හිසෙන් සහ පාදවලින් අල්ලා ජිප්රියට දැමූ බව ද, කිසිම හේතුවක් දැනුම් නොදී තමාට පහර දෙමින් තලාතුඔය පොලිසියට රැගෙන ගිය බව ද පෙත්සම්කරු සඳහන් කර තිබේ. පසුදින එනම් 2019 අප්‍රේල් 02 වැනි දින උදෑසන මෙම පෙත්සමේ දෙවැනි වගඋත්තරකරු ලෙස නම් කර සිටින තලාතුඔය පොලිස් ස්ථානාධිපතිවරයා ‘උඹව තමයි අල්ල ගන්න හිටියේ’ යැයි පවසා තමාගේ මුහුණේ දකුණු පැත්තට පහර දුන් බවත්, ඉන් පසු හතරවැනි වගඋත්තරකරු පළමු වගඋත්තරකරුට තමා රෝහලට රැගෙන යන ලෙස දැනුම් දුන් බවත්, රෝහලේ වෛද්‍යවරයාට සිදුවූ සිද්ධිය පැවසූ බවත්, ඉන් පසු පළමු වගඋත්තරතරු යළි තර්ජනය කළ බවත් පෙත්සම්කරු සඳහන් කරයි. අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙත්සම්කරු රිමාන්ඩ් කර තිබේ. පෙත්සම ජුනි මස පළමු වැනිදා යළි කැඳවීමට නියමිතය. මෙම සිදුවීම සම්බන්ධ විශේෂ ලිපියක් ඉදරියේදී බලාපොරොත්තුවන්න… 132 RELATED ARTICLESMORE FROM AUTHOR අධිකරණය හා නීතිය ඇමති-නිලධාරීන් අත්තනෝමතිකව වැඩ කරලා – අවුරුදු 49ක සටනකින් පසු යුක්තිය ලැබෙයි අධිකරණය හා නීතිය පරමාධිපත්‍යට අල්ලස් හෝ දූෂණයෙන් තොර රජයකට ඇති අයිතිය ඇතුළත් – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි පුවත් පෙම්වතා පණපිටින් පිළිස්සූ තැන හැදුණු කඳුළු බිත්තියේ කඳුළු කතාව LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.