Home පරිසරය ජල ගැලුම් නිම්නය රැකගන්න වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක් !

ජල ගැලුම් නිම්නය රැකගන්න වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක් !

මහවැලි ගඟ ආශ්‍රිතව, පොළොන්නරුවේ පිහිටි ජාතික ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් පුළුල් මාර්ගයක් ඉදිකිරීමේ උත්සාහයට විරෝධය පළකරමින් වනජීවි අඩවි සහකාර වෘත්තිකයන්ගේ සංගමය පසුගිය 16 දා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යවා තිබූ අතර, අද (21) දිනයේදී සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය ද ඒ සම්බන්ධයෙන් ලිපියක් යවා තිබේ.
මෙම හානිකර ව්‍යාපෘති දිගටම සිදු කිරීමට උත්සාහ කරන්නේ නම්, ඒවා වළක්වා පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට වුවද සූදානම් බව අදාළ ලිපිය එම සංගමය වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවධාරණය කර ඇත. එම සංගමයේ ලේකම් ඒ.පී.එස්.විදානගමගේගේ අත්සනින් යවා ඇති මෙම ලිපියේ පිටපත් ජනාධිපති, අගමැති, විෂය භාර ඇමැති ඇතුළු සියලු වගකිවයුතු නිලධාරීන් වෙත ද යොමු කර ඇත.
මෙම විරෝධතා නොසලකා හරිමින් මෙම මාර්ගය පුළුල් කිරීමේ කටයුතු සිදුවුවහොත් ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මුළුමනින්ම විනාශ වීමේ අවදානමක් ඇති බවත්, රටේ හඳුනාගත් ප්‍රධාන අලිමංකඩක් වන හුංගමාල ඔය හරහා වැටී ඇති අලිමංකඩ මෙමගින් අවහිර වීම නිසා ජනජීවිතයට ද බරපතළ තර්ජනයක් ඇති වන බවත් එම සංගමය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
MediaLK.com

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version