Home පුවත් ආරක්ෂක අංශ සයින්දමරුදුවල බොරු යුද්ධයක් මවලා

ආරක්ෂක අංශ සයින්දමරුදුවල බොරු යුද්ධයක් මවලා

පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරයට දින කිහිපයකට පසු සිදුවූ සයින්දමරුදු නිවසක සිදුවීම්දාමයේ දී ‘යුදමය ස්වභාවයක්‘ ඇතිවූ බවට ආරක්ෂක අංශ විසින් පෙන්වීමට උත්සාහ කළ ද, එම ස්ථානයේ එවැනි තත්ත්වයක් ඇති නැති බව MediaLK කළ සොයා බැලීම්වලදී අනාවරණය විය.
මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බකරුගේ බිරිඳ වන පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජස්මින් පැන ගිය බව කියනුයේ මෙම ස්ථානයේ සිටියදී වන අතර ඇය එදින මෙම ස්ථානයේ සිටි බවට සහරාන්ගේ බිරිඳ වන ෆාතිමා හාදියාගේ සාක්කිය අනුවද තහවුරු වේ.
කල්මුණේ සයින්දමරුදු බොලිවේරියන් ග්‍රාමයේ පිහිටි අදාල නිවස තුළදී පිපිරීම් තුනක් පමණ සිදුවී ඇති නමුත් නිවස ඇතුළත වූ පිපිරීම්වලින් එම නිවසේ සිටි කිහිප දෙනකු මිය ගොස් නැති බවටත්, පිපිරීම්වලින් පසු ඔවුන් ජීවතුන් අතර සිටි බවට වන ප්‍රමාණවත් තොරතුරු ඇති බවත් MediaLK කළ සොයා බැලීම්වලදී තහවුරු විය. 
සහරාන්ගේ බිරිඳ ෆාතිමා හාදියා, සහරාන්ගේ දියණිය, හස්තුන්ගේ බිරිඳ සාරා ජස්මින්, සහරාන්ගේ සහෝදරයා ෂයින් සහ රිපෝටර් නියාස් නම් පුද්ගලයා අදාල නිවස තුළ සිදුවූ පිපිරීම්වලින් මිය ගොස් නොමැති අතර, නිවස තුළ පිපිරීම්වලින් පසු ඔවුන් ජීවනුත් අතර සිට තිබේ.
ෆාතිමා හාදියා නම් සහරාන්ගේ බිරිඳ ජනාධිපති කොමිෂන් සභාවට දුන් සාක්කිය අනුව පිපිරිම්වලින් පසු සහරාන්ගේ සහෝදරයා වන ෂයින් නිවසේ පිටින් පැමිණ ජනේලයෙන් තමාට කතා කළ බව ප්‍රකාශ තිබෙන අතර ප්‍රහාරයෙන් පසු සරා ජස්මින්ගේ කටහඬ ඇසුණු බව ද ඇය ප්‍රකාශ කර ඇත.
එසේම නිවස ඉදිරිපිට ගිනිඅවියක් සමග බිම වැටී සිටි රිපෝර්ටර් නියාස් නම් පුද්ගලයා යුද හමුදා බුද්ධි අංශ සමග ගනුදෙනු කළ අයකු වන අතර ඔහු ඝාතනය වී ඇත්තේ දුර සිට තබන ලද වෙඩි ප්‍රහාරවලින් නොවන බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව පෙනී යයි. 
ඒ අනුව ආරක්ෂක අංශ සාමාජිකයන් සයින්දමරුදු සිදුවීම වූ දින රාත්‍රියේ දී එනම් 2019 අප්‍රේල් 26 වැනිදා රාත්‍රී එම නිවස අසලටම පැමිණි බවට සාධාක තිබේ. කෙසේ වෙතත් අදාල ස්ථානය හමුදා කණ්ඩායම විසින් පොලිසියේ පරීක්ෂණ සඳහා බාර දී ඇත්තේ පසුදින වන අතර ඒ අනුව පැය 12කට ආසන්න කාලයක් අදාල ස්ථානය හමුදා කණ්ඩායමක් බාරයේ තිබී ඇත.
මේ සම්බන්ධයෙන් MediaLK යූටියුබ් නාලිකාවේ පළ කළ සවිස්තරාත්මක වීඩියෝවක් පහත දැක්වේ.

www.medialk.com

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version