හෙළිදරව්ව
මානව හිමිකම්
පරිසරය
දේශපාලනය
ආර්ථිකය
අධිකරණය හා නීතිය
මතය
පුවත්
කාටූන්
අපි කවුද
අපිට උදව් කරන්න
English
TAMIL
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Friday, November 21, 2025
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Media Lk
හෙළිදරව්ව
මානව හිමිකම්
පරිසරය
දේශපාලනය
ආර්ථිකය
අධිකරණය හා නීතිය
මතය
පුවත්
කාටූන්
අපි කවුද
අපිට උදව් කරන්න
English
TAMIL
Home
අපි කවුද
අපි කවුද
අපි කවුද !
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්රය නිදහස්ව ද, පාඨක අවශ්‍යතා සහ අපේක්ෂා පිළිබඳ වගකීමෙන් හා සංවේදීතාවෙන් යුතුව ද පවත්වා ගැනීමත්, ඒ අතර ම ජනමාධ්‍ය ක්ෂේත්රයේ උසස්ම ප්රමිතීන් ආරක්ෂා කිරීමත් අරමුණු කරගෙන ක්‍රියාත්මක වන අපි,
මෙහි පළකරනු ලබන සෑම ප්‍රවෘත්තියකම සහ විශේෂාංගයකම නිරවද්‍යභාවය සහ සමබරතාව සම්බන්ධයෙන් වගකියන අතර, යම් වරදක් සිදු වූ අවස්ථාවකදී ප්‍රමාදයකින් තොරව සමාව ගැනීමේ හෝ නිවැරදි කිරීමේ හෝ පැහැදිලි කිරීමේ හෝ අවස්ථාව ලබාදීමට ද,
සමාජ සුබසිද්ධිය වෙනුවෙන් අත්‍යවශ්‍ය වන අවස්ථාවකදී, ඒ පිළිබඳ වගකීම දරමින් හැර, අනෙකුත් අවස්ථාවලදී කිසිවකුගේ හෝ කිසිදු පාර්ශ්වයක විමසීමකින් හෝ අනුමැතියකින් හෝ තොරව ඡායාරූප සහ ප්‍රකාශ, හඳුනාගැනීමේ සටහන් පළ නොකිරීමට ද,
කම්පන හෝ හිත් වේදනා හෝ ඇති කරවන ආකාරයේ සමාජ ප්‍රශ්න, එනම් කෘරත්වය, ප්රචණ්ඩත්වය, මත්ද්‍රව්‍ය, අපයෝජනය, දුෂ්ඨත්වය, පරපීඩා කාමුකත්වය, ලිංගික පීඩනය සහ අශිෂ්ඨත්වය පිළිබඳ කරුණු පළකිරීමේදී ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මාධ්‍ය ආචාරධර්ම අනුව කටයුතු කිරීමට ද,
අපරාධ සහ අපරාධ නඩු පිළිබඳ තොරතුරු වාර්තා කිරීමේදී ප්‍රකාශන නීතියෙන් සහ පොදුජන යහපත යන සාධකවලින් අවසරය ලැබෙන අවස්ථාවලදී හැර, අනෙකුත් අවස්ථාවලදී එසේ නොකිරීමට ද,
ජනවාර්ගික හෝ ආගමික අසමගියට හෝ කිසිදු ප්‍රචණ්ඩත්වයකට අනුබල, ආධාර දෙන තොරතුරු වාර්තා නොකිරීමට ද,
පුද්ගලයෙකුගේ වර්ගය, වර්ණය, ආගම සහ ලිංගිකත්වය පිළිබඳවත්, ශාරීරික හෝ මානසික හෝ ආබාධ පිළිබඳවත් අගතිදායක හෝ අවඥා සහගත ලෙස වාර්තා නොකිරීමට ද,
සියදිවි නසාගැනීම් පිළිබඳ තොරතුරු වාර්තා කිරීමේදී, ඊට අදාළ ක්‍රම සහ සිදුවීම් පිළිබඳ අතිශයෝක්තියෙන් වාර්තා නොකිරීමට ද,
පෞද්ගලිකත්වයේ අයිතිය පිළිගෙන, ඊට ගෞරව කිරීමට ද,
මේ ආකාරයේ සියලු වෘත්තීය ආචාරධර්මවලට අනුකූලව, පුද්ගල නිදහස සහ මානව අයිතිවාසිකම්වලට ගරු කරමින් වෘත්තීය කටයුතු කිරීමට ද,
MediaLK වෙබ්අඩවිය ලෙස ඔබට සහතික වෙමු !
අප සම්බන්ධ කර ගත හැකි ආකාරය :
ඊමේල් :
info@medialk.com
වට්ස්ඇප් :
0777661417
383