(තරිඳු ජයවර්ධන)
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයෙන් පහ කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීන්දු කර තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාව මෙම තීන්දුව ගෙන ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් කරන ලද විනය පරීක්ෂණයකින් නිලන්ත ජයවර්ධන මහතා වැරදිකරු බවට තීරණය වීමෙන් පසුවය.
අදාල වාර්තාව ජාතික පොලිස් කොමිෂන් සභාවට ඉදිරිපත් වීමෙන් පසු එම කොමිසම ඊයේ (19) එහි සභාපති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී නිලන්ත ජයවර්ධන මහතා සේවයෙන් පහ කිරීමට තීන්දු කර තිබේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළේ නිලන්ත ජයවර්ධන මහතාය.
ඔහු සම්බන්ධයෙන් සහ ඊයේ ජාතික පොලිස් කොමිසම ගත් තීන්දුව ගැන වැඩිදුර තොරතුරු පහත වීඩියෝවේ ඇත.
නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් වන ලේඛන
01 Police Complaint – Nilantha04 LOD – Nilantha
04 LOD – Nilantha
06 Supreme court observation re Nilantha
07 Highcourt observation against Nilantha