Home මතය නීත්‍යනුකූල බලයක් මාධ්‍යවේදියාට දෙන්න ඕනෙ ! – මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කුමා හේරත් මතය නීත්‍යනුකූල බලයක් මාධ්‍යවේදියාට දෙන්න ඕනෙ ! – මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කුමා හේරත් By MediaLK.com - December 9, 2025 Facebook Twitter Pinterest WhatsApp වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ වගකීම විදිහට ඔබ හඳුනාගන්නෙ මොකක්ද ? රටේ යහපත සහ ජනතාවගේ සෞභාග්‍යය සඳහා සම්පූර්ණ පාරදෘශ්‍ය ක්‍රමයක් ඇතිකරන්න මැදිහත් වෙන එක තමයි වෘත්තීය ජනමාධ්‍යවේදියගෙ වගකීම විදිහට මම දකින්නෙ. ජනතාව ඒවා පිළිබඳ දැනුවත් කරන්න අවශ්‍යයි. රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගේම අනෙකුත් සියලු නීති හදලා තියෙන්නෙ ජනතාවට වඩා යහපත් ජීවිතයක් ලබාදෙන්න. හැබැයි ඒ නීති එළිපිට කඩලා මිනිස්සුන්ගෙ යහපත නැති කරනවා වගේම ඒ නීති රහසෙ කඩලත් මිනිස්සුන්ගෙ යහපත නැති කරනවා. අපේ රටේ වැඩියෙන්ම වෙන්නෙ හොරෙන් මේ නීති කඩන එකනෙ. මාධ්‍යවේදියගෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ මේ දේවල් අනාවරණය කරන එක. තමන් බදු විදිහට ගෙවන සල්ලිවලට මොකක්ද වෙන්නෙ කියලා මිනිස්සුන්ට හරියට දැනගන්න තැනක් නෑනෙ. අපේ රටේ සාමාන්‍ය මනුස්සයෙක් ගිහින් ඒක ඇහුවොත් රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයන් කියයිද, ආ ඔයාගෙ සල්ලිවලින් අපි මේවා කරලා තියෙනවා කියලා. නෑනෙ.. ඒක හින්දා මිනිස්සු ඒ තමන්ට බැරි දේ මාධ්‍යවේදියගෙන් බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් විදිහට ගන්න, මේ ආණ්ඩුව යටතේ මම මේ තනතුර දරන ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවෙ හොරකම් සෑහෙන්න වෙලා තියෙනවා. පොඩි ඒව නෙමෙයි. ඒත් මිනිස්සු ඒවා ගැන දන්නවද. නෑනෙ.. ඇයි ඒ.. මාධ්‍යවලින් ඒවා හෙළිදරව් කරලා නෑ. මාධ්‍යවේදීන්ටත් සීමා තියෙනවා කියලා මම දන්නවා. ඒත් කවුරුහරි කියන දෙයක් ඒ විදිහටම ලියන එක ද, වාර්තා කරන එක ද මාධ්‍යවේදියගෙ රාජකාරිය. ඔහු හෝ ඇය හොයන්න ඕනෙ. ඒකට විවිධ උපක්‍රම පාවිච්චි කරන්න ඔ්නෙ. මම කියන්නෙ ජීවිත අනතුරු කරගෙන හොයන්න කියන එක නෙමෙයි. රටේ තියෙන නීතිය ඇතුළෙ මේ හොරකම් හොයන්න පුළුවන්. අපරාධ හොයන්න පුළුවන්. ඒකට මාධ්‍යවේදියට විශේෂ වරප්‍රසාදයක් තියෙනවනෙ. ඒ වරප්‍රසාද ලත් පුද්ගලයට කොයිතරම් බලයක් තියෙනවද කියලා හිතලා බලන්න. ඕනෙම දේශපාලනඥයෙක්, ඕනෙම නිලධාරියෙක් මාධ්‍යවේදියා ළඟ ඇඹරෙනවා. හැබැයි කොන්ද කෙලින් තියෙන මාධ්‍යවේදියා ළඟ. ජනතාවටත් තොරතුරු දැනගැනීමේ පනත වගේ අයිතිවාසිකම් හරහා තමන්ට අවශ්‍ය තොරතුරු ලබාගන්න අවස්ථාව තියෙනවා නේද, ඒවා භාවිත නොකර මාධ්‍යවේදීන් හරහාම මේවා බලාපොරොත්තු වෙන්න පුළුවන් ද? ඔව්. ඒවා තියෙනවා. ඒත් ඒවා ගැන හරියට දන්නෙ කීයෙන් කීදෙනයිද. තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වුණු දවසෙ ඉඳලා තොරතුරු ඉල්ලලා, ඒකෙන් වැඩක් අරන් තියෙන්නෙ මොන වගේ අයද. ඇත්තටම පීඩාවට පත්වෙන මිනිස්සු ඒවා ගැන දන්නෙත් නෑ, ඔවුන්ට ඒ නීතිවලින් වැඩක් ගන්න අවස්ථාවකුත් නෑ. ඒකයි මාධ්‍යවේදීන් ප්රමුඛ වෙන්නෙ. ඔවුන්ගෙන් මිනිස්සු ඒ තොරතුරු බලාපොරොත්තු වෙන්නෙ. කොහොම වුණත් මාධ්‍යවේදීන්වත් ඔය තොරතුරු අයිතිය හරියට පාවිච්චි කරනවා කියලා මම නම් හිතන්නෙ නෑ. දේශපාලන සහ ප්‍රාග්ධන බලපෑම් රැසක් මැද්දෙ මාධ්‍යවේදියට ඔබ කියන විදිහට ඔය වගකීම ඉෂ්ඨ කරන්න පුළුවන් ද? අමාරුයි තමයි. මොකද හැමදේටම මූලික වෙන්නෙ සල්ලිනෙ. අනෙක් පැත්තෙන් සල්ලිත් එක්ක දේශපාලනය ගැටගැහිලා තියෙන්නෙ. මේ දෙකත් එක්ක නිවැරදිව, කාටවත් අසාධාරණයක් නොවන විදිහට ඇත්ත තොරතුරු ලබාදෙන එක අභියෝගයක් තමයි. හැබැයි ඒක තමයි මාධ්‍යවේදියගෙ රාජකාරිය. මම හමුදාවෙ රාජකාරි කළේ. එතැනදි පැවරෙන රාජකාරිය කරන එක මගේ වගකීම. මට ඒක අත්හරින්න හේතු සීයක් හොයාගන්න පුළුවන් වෙයි. ඒත් හැමෝම එහෙම කළොත් මොකද වෙන්නෙ. මාධ්‍යවේදීනුත් එහෙමයි. මේ වැඩේ කරන්න බෑ කියන්න හේතු ඔ්නෙතරම් තියෙයි. ඒත් හැමෝම ඒ වැඩේ අත්හැරියොත් ජනතාව තොහොමද ඇත්ත දැනගන්නෙ. ඒක හින්දා මොනව හරි උපක්‍රම හොයාගන්න ඕනෙ. ඒක මාධ්‍යවේදියගෙ වැඩක්.සමහර මාධ්‍යවේදියො සල්ලිවලට ඔ්නෙ දෙයක් කරනවා කියලා සමාජයෙ කතා වෙනවනෙ. හැබැයි හැමෝම නෙමෙයි. හමුදාවෙත් එහෙමයි. දේශපාලන වශයෙන් දෙපැත්තක හිටියත් කියන්න ඕනෙ, සරත් ෆොන්සේකා මහත්තයා හොරෙක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා හොරෙක් නෙමෙයි. ඒක හින්දා තමන්ගෙ රාජකාරිය නොකෙරෙන තැනට නෙමෙයි, කෙරෙන තැනට වැඩ කරන එක මාධ්‍යවේදියා නෙමෙයි ඕනෙම රාජකාරියක් කරන කෙනෙකුගෙ වැඩක්. ලංකාවෙ මාධ්‍ය කර්මාන්තය දියුණු කරන්න, ජනතාවගෙ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන්න ඔබේ යෝජනා මොනවද? හැමතැනම මාධ්‍යවේදියට විවෘත කරන්න ඕනෙ. ඔහුට කිසිදෙයක් හැංගිය යුතු නෑ. ඔහුට හංගනවා කියන්නෙ එතැන පාරදෘශ්‍යභාවය නෑ. මම නම් කියන්නෙ ඔහුට නීතියෙන්ම බලයක් දෙන්න ඕනෙ, තොරතුරු ලබාගන්න. උදාහරණයක් විදිහට හිතන්න, මාධ්‍යවේදීන්ගෙ විශේෂ කොමිසමක් පත්කරලා, මොනවා හරි හොරකම්, අපරාධ ගැන ඔවුන්ට ප්‍රශ්න කරන්න පුළුවන් වටපිටාවක් හැදෙනව නම් කොච්චර වටින වැඩක්ද ඒක. එතකොට මිනිස්සු ඇත්ත දැනගන්නවා. හොරු, අපරාධකාරයො ඒවා කරන්න බය වෙනවා. ඒ විදිහෙ වැඩක් වුණොත් මාධ්‍ය වෘත්තියටත් හොඳ ගෞරවනීය බවක් ලැබෙනවා. මම දන්නෙ නෑ, එහෙම කරන්න පුළුවන්ද, බැරිද කියලා. රජයේ සේවකයෙකුට මාධ්‍යයට තොරතුරක් දෙන්න බෑනෙ. සීමා තියෙනවා. ඒව නිසාම සමහර අපරාධ වැළලෙනවා. මම කියන්නෙ පොදුවේ මේ රාජ්‍ය යන්ත්‍රණයම මාධ්‍යයට විවෘත කරන්න ඔ්නෙ. 178 RELATED ARTICLESMORE FROM AUTHOR පුවත් පොලිස් ලොක්කන්ගේ ගැටුම ජාතික ප්‍රශ්නයක්ද? – සියලු උසස් නිලධාරීන් ගැන විගණනයක් ඕනෑ මතය අද ඉන්න මාධ්‍යවේදීන් ඉගෙනගන්නෙ නෑ ! – ජාතික ළමාරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිනි මරිනි ද ලිවේරා LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.