(තරිඳු ජයවර්ධන)
වයස අවුරුදු 19ක තරුණයකු කළ අපරාධයක් සම්බන්ධෙයන් මහාධිකරණය එම තරුණයාට දඬුවම් ලබාදී ඇත්තේ සිද්ධියෙන් වසර 19කට පසුව බැවින් අදාල තරුණයාට ලබා දී තිබූ දඬුවම් කාලය අඩු කිරීමට අභියාචනාධිකරණය ඊයේ (23) නියෝග කෙළ්ය.
වගාවට ගවයන් පිරිසක් හානි කිරීමේ සිද්ධික් දුරදිග යාමෙන් 2005 වසරේ අගෝස්තු 08 වැනිදා ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් නීතිපතිවරයා 2007 වසරේ දී හම්බන්තොට මහාධිකරණයේදී පුද්ගලයන් පස් දෙනකුට අධිචෝදනා ගොනු කර තිබිණි. කෙසේ වෙතත් මහාධිකරණ නඩුව විභාග කර තීන්දුව ලබා දෙද්දී මුල් සිදුවීමෙන් වසර 19ක් ගතවී තිබුණු අතර අධිචෝදනා බාර දුන් පස් දෙනාගෙන් සිද්ධිය වෙද්දී අවුරුදු 19ක් වූ තරුණයා පමණක් වැරදි කරු කර ඔහුට එරෙහි චෝදනාවලට වසර 10 බැගින් සිර දඬුවම් දෙකක් පැණවීමට නියෝග කළේය.
එම දඬුවමට එරෙහිව අදාල පුද්ගලයා අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර විනිසුරු ආර් පී හෙට්ටිආරච්චි මහතාගේ ද එකඟත්වයෙන් විනිසුරු පී කුමාරරත්නම් මහතා ඊට අදාල තීන්දුව ඊයේ (23) ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව අදාල පුද්ගලයාට චෝදනා දෙකට මහාධිකරණයෙන් ලබා දී තිබූ වසර 10 බැගින් වූ සිරදඬුවම වෙනුවට ඔහුට වසර 05 බැලින් වූ සිරදඬුවම් දෙකක් ලබාදීමටත්, එම සිරදඬුවම එකවර ගෙවී යාමටත් නියෝග කළ අතර දඬුවම 2023 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වීමට ද නියෝග කළේය.
මෙම අභියාචනයේ දී දඬුව ලිහිල් වූ අභියාචක වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටි අතර නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හිරංජන් පීරිස් මහතා පෙනී සිටියේය.
www.medialk.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here