Home පුවත් අල්ලස් දීමට සහ අල්ලස් ගැනීමට වාප්පු නිලධාරියෙක් අල්ලයි – රේගු නිලධාරියොත් හවුල්... පුවත් අල්ලස් දීමට සහ අල්ලස් ගැනීමට වාප්පු නිලධාරියෙක් අල්ලයි – රේගු නිලධාරියොත් හවුල් වෙලා ! By www.medialk.com - September 1, 2025 Facebook Twitter Pinterest WhatsApp ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි පෞද්ගලික ආයතනයක වාප්පු ලිපිකරුවකු අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔරුගොඩවත්ත බහාලුම් පර්යන්තයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 28 වැනිදා පස්වරු 05:30 ට පමණ මේ නිලධාරියා අත්අඩංගුවට ගත් බව එම කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. මීට අදාළ පැමිණිල්ල කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් සිදු කර තිබේ. පැමිණිලිකරුගේ බහාලුමක් නිෂ්කාශනය කර දීම වෙනුවෙන් රේගු නිලධාරීන්ට රුපියල් ලක්ෂ 05ක (රු. 5,00,000) මුදලක් අල්ලස් ලෙස ලබාදීමට මැදිහත් වීම හා අදාළ පැමිණිලිකරුගෙන් ම රුපියල් තුන්ලක්ෂ විසි නව දහසක (රු. 3,29,000 ) මුදලක් තුටු පඬුරක් ලෙස අල්ලස් වශයෙන් ඉල්ලා පසුව රුපියල් තුන්ලක්ෂ තිස්දහසක (රු.3,30,000) මුදලක් අල්ලස් ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් මෙසේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මීට පෙර ද අත්අඩංගුවට ගත් මෙම වාප්පු ලිපිකරු විසින් එම පැමිණිලිකරුගේ ම වෙනත් බහාලුමක් මුදාහැරීමේදී රුපියල් දස ලක්ෂ හතළිස් පන්දහසක් (රු.10,45,000) ලබාගෙන රේගු නිලධාරීන්ට අල්ලස් ලෙස ලබාදී ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි. එසේම ඔරුගොඩවත්ත මගී භාණ්ඩ පර්යන්තයේ රාජකාරි ලිපිලේඛන සහිත කබඩ් එකක තිබී අපරාධවලින් උත්පාදනය කළේ යැයි සැක කළ හැකි රුපියල් තුන්ලක්ෂ හැත්තෑ දහසක (රු.3,70,000) මුදලක් විමර්ශන නිලධාරීන්ගේ භාරයට ගෙන ඇති බව ද කොමිසම වැඩිදුරටත් පවසයි. 1153 RELATED ARTICLESMORE FROM AUTHOR පුවත් විකට් පොල්ලක් ගුදමාර්ගයට දමන බවට තර්ජනය කරලා – පොලිසියෙන් පහරදුන් තරුණයාගේ ඇස්පෙනීමත් අඩුවෙලාලු අධිකරණය හා නීතිය මාධ්‍ය නාලිකාවලට බොරු කියන්න බෑ – හිරුට තරු පෙන්වූ සම්පූර්ණ තීන්දුව අධිකරණය හා නීතිය ඊබ්‍රහීම් සහ පුතුන් දෙදෙනා වෙනුවෙන් ගොනු කළ පෙත්සම් විසිවෙයි – මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකළ හැක්කේ කාටදැයි අධිකරණයෙන් යළිත් පැහැදිලිකරීමක් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.