Home මානව හිමිකම් මාකඳුරේ මදූෂ් ඝාතන විමර්ශන සීඅයිඩියට පවරන්නැයි ඉල්ලීමක් මානව හිමිකම් මාකඳුරේ මදූෂ් ඝාතන විමර්ශන සීඅයිඩියට පවරන්නැයි ඉල්ලීමක් By www.medialk.com - September 12, 2025 FacebookTwitterPinterestWhatsApp සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් පොලිස් අත් අඩංගුවේදී ඝාතනයට ලක්වීමට අදාල විමර්ශන මාළිගාවත්ත පොලිසියෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලෙස මධූෂ්ගේ බිරිඳ වන විජේතුංග ගමගේ ගයානි මුතුමාලි මහත්මිය විසින් පෙරේදා (10) පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් ඉල්ලීමක් කළේය. සිරකරු අයිතිවාසිකම් කමිටුවේ ක්රියාකාරිකයන් සමග පොලිස් මූලස්ථානයට ලිපියක් ඉදිරිපත් කරමින් ඇය මෙම ඉල්ලීම සිදු කළාය. ඩාබුයිහිදී එරට පොලිසිය මගින් මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගත් මදූෂ් එරටින් පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එතැන් සිට ඔහු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබා ගනු ලැබීය. මදූෂ් 2020 ඔක්තෝබර 16 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දී ඇති බවත්, මාලිගාත්තේ මත්ද්‍රව්‍ය සොයා ගැනීමකට රැගෙන යන බව කියමින් ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටතට රැගෙන ගොස් ඇති බවත්, එලෙස රැගෙන ගොස් සිටියදී ඔහු ඝාතනය වී ඇති බවත් මදූෂ්ගේ බිරිඳ පොලිස්පතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වෙයි. මධුෂ් සැක කටයුතු ලෙස පොලිස් අතඩංගුවේදී මිය යාම සම්බන්ධයෙන් එවකට ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී , වත්මන් විදේශ කටයුතු,විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා 2020 ඔක්තෝබර 20 පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර ඇති බවද සඳහන් කර ඇති පැමිණිලිකාරිය ඊට අදාල හැන්සාඩ් වාර්තාවේ පිටපතක් ද පොලිස්පතිවරයාට යොමු කර තිබේ. අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම් හමුවේ එවකට බලයේ සිටි බොහෝ දේශපාලකයින්, පොලිස් නිලධාරීන් හා පුද්ගලයින් ගණනාවකගේ නම් මදූෂ් සඳහන් කර ඇති බවත්, එසේ නම් සඳහන් කළ පුද්ගලයින් මධුෂ්ගේ මරණයට සම්බන්ධ වූවාදැයි සැක සහිත බවත් එම ලිපියේ සඳහන්වේ. මදූෂ්ගේ බිරිඳ වන විජේතුංග ගමගේ ගයානි මුතුමාලි පොලිස්පතිවරයාට මෙම පැමිණිල්ල යොමු කිරීමෙන් පසු පොලිස් මූලස්ථානය ඉදිරිපිට සිට මෙසේ කීවාය. ” ඒ කාලෙ ඇත්තටම එළියට ඇවිල්ලා කතාකරන්න මම කොහොමත් කැමති වුණේ නැහැ.වත්මන් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙනවා නීතිය ක්‍රියාත්මක කරලා සාධාරණයක් දේවී කියලා.” RELATED ARTICLESMORE FROM AUTHOR මානව හිමිකම් “Unjust and Illegal”: Widow of Makandure Madush Calls for Fresh CID Investigation පුවත් බලහත්කාරයෙන් අතුරුදන්වූවන් ගැන ඇත්ත දැනගැනීම අයිතියක් – නඩු අහන ස්වාධීන කාර්යාලය කෝ? – මානව හිමිකම් කොමිසමෙන් නිවේදනයක් පුවත් අත් අඩංගුවට ගන්න සංඛ්‍යාව බලලා උසස්වීම් දෙන්න එපා! – මානව හිමිකම් කොමිසමෙන් පොලිස්පතිට ලිපියක් LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.