Home දේශපාලනය කදිරගාමර් ඝාතකයන් ගැන අගමැති පාර්ලිමේන්තුවට කිව්වේ ඇත්තක්ද ? දේශපාලනය කදිරගාමර් ඝාතකයන් ගැන අගමැති පාර්ලිමේන්තුවට කිව්වේ ඇත්තක්ද ? By MediaLK.com - October 21, 2020 FacebookTwitterPinterestWhatsApp (ශාලික විමලසේන) කීර්තිමත් විදේශ ඇමැතිවරයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට සම්බන්ධ සියලු සැකකරුවන් තමන් ජනාධිපති ධුරය දරන කාලයේදී අත්අඩංගුවට ගත් බවට අගමැති මහින්ද රාජපක්ෂ අද (21) පාර්ලිමේන්තුවේදී පැවසූ කරුණ සත්‍ය නොවන බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු පෙන්වා දෙති. අගමැතිවරයා එහිදී පවසා තිබුණේ තමන්ගේ කාලයේ සිදුවීමක් නොවූවද, කදිරගාමර් ඝාතනයට අදාළ සියල්ලන් අල්ලාගැනීමට තමන් නායකත්වය දැරූ ආණ්ඩුව කටයුතු කළ බවයි. එක් සැකකරුවෙක් පමණයි ! ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් ප්‍රශ්න කරන්නේ එම ඝාතනයට සම්බන්ධ සියල්ලන් අත්අඩංගුවට ගත්තේ නම්, වසර 14 ක් සැකකරුවෙකු ලෙස අත්අඩංගුවේ සිටි, මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එකම සැකකරු මියයෑමෙන් පසු නඩුව අවසන් කිරීමට අධිකරණය කටයුතු කළේ ඇයි ද යන්නය. කොළඹ මහාධිකරණයේ අංක එච්සී/42/26/2008 යටතේ විභාග වූ මෙම ඝාතන නඩුව පසුගිය වසරේ ජුනි මාසයේදී අවසන් කෙරිණි. ඊට හේතු වූයේ මෙම නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි එකම සැකකරු වූ මුත්තයියා සහාදේවන් 2019 ජුනි 22 දා කොළඹ ජාතික රෝහලේ දී මියයෑම ය. වකුගඩු රෝගී තත්වය උත්සන්න වීම නිසා සැකකරුව බන්ධනාගාර නිලධාරීන් විසින් ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි. මේ බව අධිකරණයට දැනුම්දීමෙන් පසු මෙම තීරණය ගැනිණි. සැකකරුගේ කතාව 2005 අගෝස්තු 12 වැනිදා කොළඹ – 07 පිහිටි තම නිවසේදී ස්නයිපර් වෙඩික්කරුවකු විසින් හිටපු ඇමතිවරයාව ඝාතනය කෙරිණි. ඉන්පසු 2005 අගෝස්තු 13 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සහාදේවන් නමැත්තා අත්අඩංගුවට ගෙන ඇත. ඔහු කොළඹ – කිරුළපන, පොල්හේන්ගොඩ පදිංචිව සිටි අයෙකි. බිරිඳ ධනලක්ෂ්මී සහාදේවන් ය. ඔවුන්ට දරුවන් දෙදෙනෙකි. ජීවිකාව සඳහා එදිනෙදා කුලීවැඩ කළ ඔහු, 2005 වසර වන විට කොළඹ, බුලර්ස් පාරේ නිවසක කුලී වැඩට යාමට පුරුදුව සිට ඇති අතර, ඒ අවට නිවෙස්වලද වැඩවලට සම්බන්ධ වී ඇතැයි ඔහු පොලිසියට ලබා දී ඇති ප්‍රකාශවල සඳහන් ය. ගසක අත්තක් කැපීම අගෝස්තු 13 දා සහාදේවන් සිය බිරිඳ සමඟ කිරුළපන පොළට ගොස් එමින් සිටිය දී කොළඹ අරපාධ කොට්ඨාශයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. ඉන්පසු ඔහු රැගෙන ගොස් ඇත්තේ බුලර්ස් පාරේ පිහිටි තලේසිංහම් නමැත්තෙකුගේ නිවසකට ය. එම නිවසේ බැල්කනිය අසල තිබුණු ගසක අතු පෙන්වා ඒවා කැපුවේ ඔහු විසින්දැයි ප්‍රශ්න කර ඇත. එම අතු ඊට මාසයකට පමණ පෙර දවසක තමන් විසින් කැපූ බව ඔහු පිළිගෙන ඇත. තලේසිංහම් නමැති නිවෙස් හිමිකරුද ඒ මොහොතේ පවසා ඇත්තේ එය තමන්ගේ උපදෙස් මත සිදු කළ බවයි. ඉන්පසු සහාදේවන් ගෙන ගොස් ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයටයි. සැකකරුවෙකු ලෙස වසර 14 ක් කදිරගාමර් ඝාතනය කෙරුණු වෙඩි උණ්ඩ එල්ල වූයේ එම බැල්කනිය ආසන්නයේ වූ ජනේලයකින් බවට විමර්ශන අංශ සැකකර ඇත. එහෙත් එම අත්ත සහිත ගස පිහිටි නිවසේ හිමිකරු අත්අඩංගුවට ගන්නට පොලිසිය කටයුතු කර නැත. කොළඹ අපරාධ කොට්ඨාසයේ මාස තුනක් රඳවා තබා ඇති ඔහුව 2005 නොවැම්බර් 16 වන දින රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. එතැන් සිට මියයන තුරු වසර 14 ක් ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇත. 2008 වසරේදී කොළඹ අංක 1 මහාධිකරණයේ සහාදේවන්ට එරෙහිව නඩු පවරා ඇත්තේ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඊට අනුබල දීම යන චෝදනා යටතේ ය. RELATED ARTICLESMORE FROM AUTHOR දේශපාලනය පනත් 09ක් යටතේ අරගලකරුවෝ 3882කට නඩු ; සාධාරණයක් ඉල්ලා ජනපතිට ලිපියක් දේශපාලනය ගෝඨාභයගේ සහ චීන ජනපතිගේ zoom සාකච්ඡාව බොරු – චීන තානාපති කාර්යාලය දේශපාලනය පුරවැසියන්ට පහර වදින ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ බෝල සෙල්ලම LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.