Home මානව හිමිකම් යාපනය විශ්වවිද්‍යාල සිසුන් සමග පොලිසිය ගැටෙයි : හමුදාවත් කැඳවයි මානව හිමිකම් යාපනය විශ්වවිද්‍යාල සිසුන් සමග පොලිසිය ගැටෙයි : හමුදාවත් කැඳවයි By MediaLK.com - September 25, 2020 FacebookTwitterPinterestWhatsApp (ශාලික විමලසේන | සිතුම් චතුරංග) යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සහ පොලිසිය අතර අද(25) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය. විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් කළු ඇදුම්වලින් සැරසී ප්‍රධාන ගේට්ටුව අසල සිටියදී, පොලිසිය ඔවුන්ව විශ්වවිද්‍යාලය තුළට යැවීමට උත්සාහ දරා ඇත. මේ අවස්ථාවේදී ඔවුන් සහ සිසුන් අතර බහින්බස්වීමක් ඇති වී තිබේ. මේ අවස්ථාවේ විශ්වවිද්‍යාලයේ පරිපාලන නිලධාරියෙකු එහි පැමිණ ඇති අතර, පොලිසිය තමන්ට තර්ජනය කළ බවට සිසුන් ඔහුට පැමිණිලි කර තිබේ. විශ්ව විද්‍යාලයට තමන් කැමති ආකාරයේ ඇඳුමකින් සැරසී පැමිණිමට තමන්ට අයිතිය ඇති බවත් විශ්ව විද්‍යාලය තුළ තම ක්‍රියාවන්වලට බලපෑම් නොකරන ලෙසත් සිසුන් මෙහිදී ඉල්ලා සිට ඇත. විශ්ව විද්‍යාල සිසුන්හට විශ්ව විද්‍යාලය ඉදිරිපිට නොසිටින ලෙසත් එම ස්ථානයෙන් ඉවත් වෙන ලෙසත් පොලිසිය පැවසීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ. යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පවසන්නේ පොලිසිය අසභ්‍ය වචනයෙන් බැණවදිමින් තමන්ට තර්ජනය කළ බවත් එ සඳහා යුද හමුදාවද ගෙන්වා සිසුන් බියවැද්දීමට උත්සහ කළ බවත්ය. පොලිසිය විශ්වවිද්‍යාලයේ ගේට්ටුව අසලින් ඉවත් විය යුතු බවට සිසුන් මෙහිදී අවධාරණය කර ඇත. කෙසේ වෙතත් අද පස්වරුවේ විශ්වවිද්‍යාලයේ ගේට්ටුව අසල පොලිසියේ සහ හමුදාවේ විශාල නිලධාරීන් සංඛ්‍යාවක් රැදී සිටිනු දැකිය හැකි විය. උපවාසයට වාරණ නියෝගයක් තිලීපන් අනුස්මරණය කිරීම වැළැක්වීමේ උත්සාහයට විරෝධය පළ කරමින් උතුරු පළාතේ දේශපාලන පක්ෂ 10 ක් හෙට (26) යාපනය චෙල්වා සන්නිදි කෝවිල් පරිශ්‍රයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ උපවාසය වළක්වමින් අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. පොලිසියේ පිළිතුර සිදුවීම සම්බන්ධයෙන් කළ විමසීමකදී යාපනය පොලිස් උසස් නිලධාරියකු පැවසූයේ ලැබුණ තොරතුරක් මත යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට ඇති වු තත්ත්වයක් පාලනය කිරීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් යෙදවීම සිදුකළ බවත් සිසුන් සමඟ ඇතිවූ සිද්ධිය මිනිත්තු කිහිපයකින් සමථයකට පත්වූ බවත්ය. අධිකරණ නියෝග පිළිබඳ සිසුන් දැනුම්වත් කිරීමෙන් අනතුරුව විශ්ව විද්‍යාලය ඉදිරිපිට සිටි පොලිසිය ඉවත් කිරීමට කටයුතු කළ බවද යාපනය පොලිසිය වැඩිදුරටත් පැවසීය. තිදෙනෙක් විශ්ව විද්‍යාලය එළියේ සිටීම නිසා ඔවුන්ට ඇතුළට යන්නැයි කීමත් සමග සුළු තත්ත්වයක ඇතිවී තිබෙන බවද එය එතරම් විශේෂ දෙයක් නොවන බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පැවසීය. RELATED ARTICLESMORE FROM AUTHOR පුවත් පෙම්වතා පණපිටින් පිළිස්සූ තැන හැදුණු කඳුළු බිත්තියේ කඳුළු කතාව මානව හිමිකම් මාකඳුරේ මදූෂ් ඝාතන විමර්ශන සීඅයිඩියට පවරන්නැයි ඉල්ලීමක් මානව හිමිකම් “Unjust and Illegal”: Widow of Makandure Madush Calls for Fresh CID Investigation LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.