Home පුවත් සුවසැරියේ වෙන්ටිලේටර්ස් ගලවන කතාව බොරු – හර්ෂ ද සිල්වා පුවත් සුවසැරියේ වෙන්ටිලේටර්ස් ගලවන කතාව බොරු – හර්ෂ ද සිල්වා By MediaLK.com - November 6, 2020 Facebook Twitter Pinterest WhatsApp සුවසැරිය ගිලන් රථ සේවයේ ඇති වෙන්ටිලේටර්ස් වත්මන් රජය විසින් ගලවා රෝහල් වෙත ලබාදීමට තීරණය කර ඇති බවට පසුගිය දිනවල පළ වූ පුවත් වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කියයි. ‘සුවසැරියේ වෙන්ටිලේටර් ගලවන සූදානමක්’ යන සිරස්තලය සහිතව එක්සත් ජාතික පක්ෂයේ උප නායක රුවන් විජයවර්ධන මහතා උපුටා දක්වමින් අදාළ පුවත වාර්තා කර තිබිණි. එක් පුවත් වාර්තාවක් පහත දැක්වෙයි. ෆේස්බුක් සටහනක් පළ කරමින් සිල්වා මහතා ප්‍රකාශ කළේ ගලවාගැනීමට සුවසැරියේ වෙන්ටිලේටර්ස් නොමැති බවත් සුවසැරිය ගිලන්රථ සේවයේ වෙන්ටිලේටර්ස් ගලවාගෙන යාමට සූදානමක් තිබෙනවා යැයි ප්‍රචාරය කරන්නේ ඒ ගැන නොදන්නා පිරිසක් බවත්ය. පසුව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ද පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා නැවතත් පැවසූවේ එලෙස ගලවා ගැනීමට වෙන්ටිලේටර්ස් සුවසැරියේ නොමැති බවයි. 789 RELATED ARTICLESMORE FROM AUTHOR අධිකරණය හා නීතිය වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගන්න ත්‍රස්ත නීතිය යොදා ගැනීම වැරදී !- ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි පුවත් විකට් පොල්ලක් ගුදමාර්ගයට දමන බවට තර්ජනය කරලා – පොලිසියෙන් පහරදුන් තරුණයාගේ ඇස්පෙනීමත් අඩුවෙලාලු අධිකරණය හා නීතිය මාධ්‍ය නාලිකාවලට බොරු කියන්න බෑ – හිරුට තරු පෙන්වූ සම්පූර්ණ තීන්දුව LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.