Home පුවත් මාධ්‍ය නිදහස වෙනුවෙන් හඬ නගන හොඳම පස් දෙනා අතරට රංග කලන්සූරියත් පුවත් මාධ්‍ය නිදහස වෙනුවෙන් හඬ නගන හොඳම පස් දෙනා අතරට රංග කලන්සූරියත් By MediaLK.com - November 20, 2020 FacebookTwitterPinterestWhatsApp කැනේඩියානු–එක්සත් රාජධානි මාධ්‍ය නිදහස් සම්මාන සඳහා නම් කෙරුණු හොඳම පස් දෙනා අතරට ආචාර්ය රංග කලන්සූරිය මහතා තේරී පත්වී තිබේ. ලොව පුරා මාධ්‍ය නිදහස වෙනුවෙන් හඬ නගන සහ එය ආරක්ෂා කිරීමට කැප වෙන මාධ්‍යවේදීන්, පුද්ගලයින් සහ සංවිධාන සඳහා ගරුබුහුමන් පෑම වෙනුවෙන් මෙම සම්මානය හඳුන්වා දී ඇත. එම සම්මානය සඳහා තේරුණු හොඳම පහ අතරට පුද්ගලයන් දෙදෙනකු සහ සංවිධාන තුනක් අයත් වේ. ලොව පුරා නාමයෝජනා 60 කට අධික සංඛ්‍යාවක් අතරින් ලැයිස්තුගත කර ඇති හොඳම පස්දෙනා අතරට බෙලරුසියානු ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (බෙලරූස්), සෙන්ට්‍රෝ ඩි ඉන්වෙස්ටිෂන් වයි කැපසිටේෂන් ප්‍රොපෙස්ටා සිවිකා (මෙක්සිකෝව), මාධ්‍ය හා සංස්කෘතික නිදහස සඳහා එස්කේස් මධ්‍යස්ථානය (ලෙබනනය), ආචාර්ය රංග කලන්සූරිය (ශ්‍රී ලංකාව) සහ මේරි අජිත් ගොච් (දකුණු සුඩානය) යන අය තේරීපත්ව ඇත. එලෙස තේරී පත්වූ ආචාර්ය රංග කලන්සූරිය මහතා මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස (FoE) ප්‍රවර්ධනය කරන ශ්‍රී ලංකාවේ පුරෝගාමියෙක් බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කැනඩා මහ කොමසාරිස් කාර්යාලය පවසයි. ඔහු දැනට ඉන්ටර්නැෂනල් මීඩියා සපෝර්ට් (IMS) ආයතනයේ ශ්‍රී ලංකාව, මියන්මාරය, පාකිස්තානය, පිලිපීනය සහ ඉන්දුනීසියාව යන රටවල ප්‍රතිපත්ති උපදේශනය, පර්යේෂණ සහ ධාරිතා වර්ධනය යනාදිය අධීක්ෂණය කරන ආසියානු කලාපීය උපදේශකවරයා ලෙස කටයුතු කරයි. එම සංවිධානය විවිධ රටවල ගැටුම් අවම කිරීමට, ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමට සහ සංවාද සඳහා විවිධ රටවල දේශීය මාධ්‍යවලට පහසුකම් සැලසීමට ක්‍රියා කරයි. ආචාර්ය කලන්සූරිය මහතා රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස 2016 ජූනි මාසයේ සිට 2017 සැප්තැම්බර් මාසය දක්වා වසර එක හමාරක් පමණ කාලයක් කටයුතු කළේය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සම නිර්මාතෘවරයකු වන ඔහු 2005 වසරේ මැයි මාසයේ සිට 2008 අගෝස්තු මාසය දක්වා එහි විධායක අධ්යක්ෂවරයා ලෙස වසර තුන හමාරක් කටයුතු කළේය. එමෙන්ම ඔහු ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිෂන් සභාවේ සහ ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ විධායක අධ්යක්ෂවරයා වශයෙන් ද සේවය කර තිබේ. දිනමිණ පුවත්පතට සිංහල භාෂා පුහුණු වන මාධ්‍යවේදියකු ලෙස මාධ්‍ය ක්ෂේත්රයට පිවිස පසුව ඩේලි නිවුස් පුවත්පතේ ඉංග්‍රීසි භාෂා මාධ්‍යවේදියකු ලෙස එක්වූ ඔහු 1991 වසරේ ජනවාරි සිට 2001 වසරේ පෙබරවාරි දක්වා ලේක්හවුස් ආයතනයේ වසර දහයක් සේවය කර ඇත. ඒ මහතා එක්දාස් නවසිය අනූ ගණන්වල අගභාගයේදී ඩේලි නිවුස් නියෝජ්‍ය ප්රවෘත්ති කර්තෘ ධුරයට පත් විය. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලබා ඇති ඔහු ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය හදාරා තිබෙන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් (2008-2013) ජනමාධ්‍යවේදය පිළිබඳ ආචාර්ය උපාධිය හදාරා තිබේ. ප්රවෘත්ති ජනමාධ්‍යවේදය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් (ph.D) ලැබූ ශ්‍රී ලංකාවේ පළමුවැන්නා ඔහුය. ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීම සහ සාමය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වූ අධ්‍යයනයක් සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දී පර්යේෂණ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර තිබේ. ඒ මහතා පශ්චාත් උපාධිය ක්වාලාලම්පූර්හී මලයා විශ්ව විද්‍යාලයෙන් හදාරා ඇත. ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් 2001 වසරේ පෙබරවාරි සිට 2002 ජූලි මාසය දක්වා වසර එක හමාරක් සේවය කර ඇති ඒ මහතා මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තොරතුරු උපදේශකවරයා වශයෙන් ද (2002 ජූලි සිට 2004 ජනවාරි දක්වා) කටයුතු කර තිබේ. ඉන්ටර්නැෂනල් මීඩියා සපෝට් සංවිධානයේ උපදේශකවරයකු ලෙස හෙතෙම 2009 අගෝස්තු මාසයේ සිට මේ දක්වා වසර 10කට අධික කාලයක් (ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ කාලය හැර) කටයුතු කරයි. RELATED ARTICLESMORE FROM AUTHOR පුවත් වැලිගම වෙඩික්කරු අල්ලයි – මෙහෙයුමට කිත්සිරිගේ සම්බන්ධයක් නැතිලු පුවත් පෙම්වතා පණපිටින් පිළිස්සූ තැන හැදුණු කඳුළු බිත්තියේ කඳුළු කතාව පරිසරය රක්ෂිත නම් කර දින 73ක් – ගැසට් තවම නෑ LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.