Home මානව හිමිකම් හොර සහතිකවලින් ලොකු තනතුරුවලට ; ආචාර්ය උපාධියත් බොරු මානව හිමිකම් හොර සහතිකවලින් ලොකු තනතුරුවලට ; ආචාර්ය උපාධියත් බොරු By MediaLK.com - November 21, 2020 FacebookTwitterPinterestWhatsApp රටක සංවර්ධිත බව විදහා දක්වන කාරණා අතරින් ප්‍රමුඛතම අංගයක් වන්නේ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු උසස් නිලධරයන් නිසි අධ්‍යාපන සුදුසුකම් සහ කුසලතාවන් වලින් පරිපූර්ණ පුද්ගලයන් වීමයි. ඉංග්‍රීසි බසින් එය (Meritrocacy) යනුවෙන් හඳුන්වනු ලබයි. ජනතාව අතරින් උසස් ලෙස දක්ෂතා සහ බුද්ධිමය හැකියාවන් සනාථ කළ පුද්ගලයන්ට එනම් සුදුස්සාට සුදුසු තැන ලබා දීම මෙයින් වැඩිදුරටත් විග්රහ වේ. ස්වභාවික සම්පත් කිසිවක් නොමැති කුඩා රාජ්‍යයක් ලෙස තිබූ සිංගප්පූරුව, තාක්ෂණය සහ වෙළදාම හරහා ලෝකයේ සුපිරි රටක් බවට පත්කිරීමට ලී ක්වාන් යූ උපයෝගී කරගත් මාර්ගයද අන් කිසිවක් නොව මෙයමය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්රකාශණයෙහි පැහැදිලිව සඳහන් කර ඇති එක් සුවිශේෂී කාරණාවක් වන්නේ ද ඉහත සඳහන් කළ Meritocracy එනම් කුසලතාවයට මුල්තැන දීමයි. කිසිදු දේශපාලන පසුබිමක් සැලකිල්ලට නොගෙන යමෙකුගේ දක්ෂතා සහ නීත්‍යානුකූලව සැපිරූ අධ්‍යාපනික සුදුසුකම් අනුව තනතුරු පිරිනැමීම මෙයින් වැඩිදුරටත් අර්ථ දැක්වේ. මෙම සාධනීය කරුණ ක්‍රියාවට නැංවීම උදෙසා එනම් රාජ්‍ය ආයතනවල උසස් තනතුරු සඳහා සුදුසුකම්ලත් පුද්ගලයන් පත්කිරීම සඳහා නිලධාරීන් 6 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කරනු ලැබිණි. එම කමිටුවේ සභාපතිවරයා ලෙස වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පත් කරන ලදී. නමුත් රටට යහපත් ආදර්ශයක් වී සිටි පුද්ගලයන්ම බලයට පත්වීමෙන් පසු ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් සහිත පුද්ගලයන්ට සහ අතීතයේ දී ඔවුන්ගේ දේශපාලන කටයුතු වලට යම් ආකාරයකින් ආධාර අනුබල ලබාදුන් අයට රජයේ උසස් තනතුරු ලබාදීම යනු ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම‘ට මුළුමනින්ම පටහැනිව ක්‍රියාවකි. වත්මන් රජය තුළ ජනතාව රවටා ඇති පුද්ගලයන් ද සිටින අතර, රජය ද රැවටී ඇත්ද යන්න අපට ගැටළුවකි. මේ දිනවල සමාජ ජාලා සහ වෙබ් අඩවිවල විශේෂයෙන් ට්විටර් තුළ වැඩිපුරම කතාබහට ලක්වන පුද්ගලයෙක්, වන ආචාර්ය අමිල ඉශාන් කන්කානම්ගේ මහතා මෙම ලිපියේ කථා නායකයාය. ඔහු සපුරා ඇති සුදුසුකම් යැයි ඔහුම සඳහන් කරන සුදුසුකම් පෙළ ඔහුගේ ලින්ක්ඞ් ඉන් සමාජ ජාලයෙන් දැකගත හැකිය. දැනට ශ්‍රී ලංකාවේ මොබිටෙල් ආයතනයේ සහ ස්වාධීන රූපවාහිනී ජාලයේ (ITN) අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන මොහු ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ විධායක කමිටු සාමාජිකයෙකි. එමෙන්ම ශ්‍රී ලංකා නවෝත්පාදකයන්ගේ සංගමයේ (Lanka Innovation Forum for Entrepreneurship) නිර්මාතෘවරයා ද වශයෙන් සඳහන් වේ. කෙසේ වෙතත් මෙම සංවිධානය හා සම්බන්ධ වීමට කිසිදු සක්‍රීය ක්‍රමවේදයක් දැනට නොමැති අතර ඔවුන්ගේ වෙබ් අඩවියද අක්‍රීයව පවතී. 2007 සිට 2009 දක්වා නාගරික සංවර්ධන අධිකාරිය (UDA) යටතේ ඇති ‘ලක් ඔලිම්පික්‘ කණ්ඩායමේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ලෙස සේවය කර ඇති ආචාර්ය අමිල ඉශාන් කන්ගානම්කේ මහතා 2017 සහ 2018 වසරවලදී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ විශේෂ උපදේශකවරයකු ලෙසද කටයුතු කර ඇත. එමෙන්ම ඔහු 2016 සිට 2018 දක්වා කොළඹ වාණිජ මණ්ඩලයේ (Colombo Chamber of commerce) සභාපතිවරයා ලෙසත් කටයුතු කර තිබෙන අතර 2003 සිට 2015 දක්වා විවිධ ජාත්‍යන්තර සංවිධානවල ශ්‍රී ලංකාවේ නියෝජිතවරයා ලෙස සේවය ලබා දී ඇත. එසේම ඔහුගේ නිල ෆෙස්බුක් පිටුව සහ ට් විටර් ගිණුම සනාථ (verified) කළ ගිණුමක් ලෙසින් දැක්වෙනවා. සාමාන්‍යයෙන් සමාජ ජාල පාලකයන් විසින් එසේ පුද්ගලික ගිණුම් සනාථ කරන්නේ රජයේ උසස් තනතුරු දරන පුද්ගලයන් සහ සමාජයේ ඉහළතම ප්‍රසිද්ධියක් ලබා වැජඹෙන සීමිත පුද්ගලික ගිණුම්ය. ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් ලෙස ඔහුම සඳහන් කර ඇති අයුරු මෙසේය. 2001 වන තෙක් කොළඹ ජනප්‍රිය පාසලක සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා තිබෙනවා. පසුව එම වර්ෂයේම එක්සත් ජනපදයේ තිබෙන සුප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයක් වන මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයෙන් (MIT) පරිගණක විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් සහ ශාස්ත්‍රපති උපාධියක් (BSc & MSc) ලබාගෙන ඇති බව සඳහන්වේ. එමෙන්ම 2002 සිට 2004 දක්වා කාලයේදී එක්සත් රාජධානියේ ලන්ඩන් හි ක්වීන් මේරි සරසවියේ ව්‍යාපාර කළමනාකරණය සහ අලෙවිකරණය පිළිබඳ (BSc) උපාධියක් ද ලබා තිබෙන බවද 2003 සිට 2006 දක්වා කාලයේ දී ඔහු සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ (National University of Singapore NUS) ඔහුගේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කර තිබෙන බවද සඳහන් කර තිබෙනවා. ඔහු එකම වර්ෂයේ මහද්වීප තුනක පිහිටි විවිධ විශ්වවිද්‍යාලවල එකවර උසස් අධ්‍යාපනය ලබන්නේ කෙසේද? පරස්පර විරෝධී සැක සහිත මෙම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ටිවිටර් සමාජ වෙබ් අඩවියේ මුල්වරට ප්‍රශ්න කළේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ප්‍රසාද් වැලිකුඹුර මහතා විසින්ය. ඉන්පසු තවත් සමාජ ක්‍රියාකාරිනියක එක්සත් ජනපදයේ තිබෙන මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයට (MIT) අමිල ඉශාන් කන්ගානම්කේ ඔබ ආයතනයේ අධ්‍යාපනය ලබා ඇත්දැයි විමසීමක් කර ලියුමක් යොමු කළ පසුව එම විශ්ව ආයතනයෙන් ඊමේලයක් නිකුත් කරමින් ”මෙවැනි පුද්ගලයෙක් අප අධ්‍යාපන ආයතනයේ ඉගෙන ගත් බවට කිසිදු වාර්තාවක් නෑ, මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහාද බොහෝ අය අපෙන් විමසා තිබෙනවා. මේ කාරණාව සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් කිරීම සඳහා අපට තවත් කරුණු තිබේ නම් ලබාදෙන්න ” යනුවෙන් දැනුම්දී ඇත. පසුව අප විසින් ආචාර්ය අමිල ඉෂාන් කංකානම්කේ මහතාගේ ආචාර්ය උපාධියේ (PhD) සත්‍යතාවය පරික්ෂා කිරීම සඳහා සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයට (NUS) ලිපියක් යොමු කළෙමු. අගෝස්තු මස 21 වන දින එම විශ්වවිද්‍යාලයෙන් අපට දැනුම් දුන්නේ ” අමිල ඉෂාන් කංකානම්ගේ නමින් කිසිවෙකු අප විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් ලබාගෙන නොමැති බවයි. වැඩිදුර තහවුරු කිරීමක් ලෙස එම පුද්ගලයාගේ අධ්‍යාපන සුදුසුකම් ඔන්ලයින් ක්‍රමයට බැලීම සඳහා සැබැඳියක් ද (Link) ඔවුන් අපට ලබා දී තිබුණි. ඒවා පරීක්ෂා කිරීමේදී අනාවරණය වූයේ ඔහු එම විශ්වවිද්‍යාලයෙන් කිසිදු අධ්‍යාපනයක් ලබා නොමැති බවයි. එසේ ආචාර්ය උපාධියක් ලබා තිබේ නම් ඔහුගේ නිබන්ධනය (thesis) අන්තර්ජාලයෙන් දැකගැනීමට හැකිද එය එහි නොතිබුණි. මේ අනුව අමිල ඉෂාන් කංකානම්ගේ තමා ලබා ඇති බවට සඳහන් කරන අධ්‍යාපන සුදුසුකම් කිහිපයක් ව්‍යාජ ලෙස සඳහන් කර ඇති බවට සනාථ වී ඇත. මේ පිළිබඳ වැඩිදුර විමර්ශනය සඳහා අප අමිල ඉෂාන් කංකානම්ගේ මහතාව දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට දස වතාවටත් වැඩිය උත්සහ කළද ඔහු දිගින් දිගටම දුරකථනයට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේය. එබැවින් අප ඔහුට අපගේ ඉල්ලීම සඳහන් කරමින් කෙටි පණිවිඩයක් යොමු කළවිට කොවිඞ් වලින් පසු ඔහුට කථා කරන මෙන් දන්වා සිටියේය. රට තුළ උද්ගතව ඇති කොවිඞ් තත්වය හමුවේ අප ඔහුව මුණ ගැසීමට උත්සහ නොකළ අතර අවශ්‍ය වූයේ මෙම පරස්පර විරෝධී කරුණු සම්බන්ධයෙන් ඔහුගේ විග්‍රහය දුරකථනයෙන් දැන ගැනීමට පමණි. නමුත් ඔහුගේ දැඩි ප්‍රතික්ෂේප කිරීම තුළ මෙම ගවේෂණය සමබර ලෙස විග්රහ කිරීමට ගත් උත්සහයට බාධා එල්ල විණි. ශ්‍රී ලංකා මොබිටෙල් සහ ස්වාධීන රූපවාහිනී ජාලය (ITN) වැනි රජයේ ආයතනයන්හි ඉහළ පුටු, ආණ්ඩු මාරුවීමේදී වෙනස් වෙන බව ප්‍රසිද්ධ රහසකි. නමුත් කොළඹ වාණිජ මණ්ඩලය (CCC) ශ්‍රී ලංකාවේ වාණිජ ක්ෂේත්රයේ තිබෙන පැරණිතම සහ ප්‍රමුඛතම ආයතනයකි. මෙම මණ්ඩලය දහසකටත් අධික පුද්ගලික ආයතන සමඟ ගනුදෙනු කරන අතර ආනයන අපනයන, ආදායම් බදු සහ සමාගම් නීති සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡුා කරන විශ්වසනීය ආයතනයක් ලෙස ප්රකටව පවතී. එහෙත් එවැනි ආයතනයක් ද ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් සහිත පුද්ගලයන්ට කිසිදු සොයා බැලීමකින් තොරව තීන්දු තීරණ ගන්නා ඉහළ තනතුරු ලබා දීම ඉතාමත් කණගාටුදායක කාරණාවක්ය. මේ සම්බන්ධයෙන් කොළඹ වාණිජ මණ්ඩලයේ වත්මන් සභාපති සාරංග විජේරත්න මහතාගෙන් අපි විමසීමක් කළ විට ඔහු පැවසුවේ ‘කොළඹ වාණිජ මණ්ඩලය වැනි වෘත්තිය ආයතන සඳහා සභාපතිවරුන් පත් කරන විට ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පරික්ෂා නොකරන අතර එය තනිකර ව විශ්වාසය මත පමණක් පදනම්ව සිදු කරන කාර්යයක් බවයි. එසේම මේ වෙන විටත් අමිල ඉශාන් කංකානන්ගේ කොළඹ වාණිජ මණ්ඩලයේ කිසිදු තනතුරක් නොදරන අතර, මාසික හිඟ මුදල් ගෙවා නැති නිසා මේ වන විට ඔහුගේ සාමාජිකත්වයද අහෝසි වී ගොස් ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය. ඉකුත් 2019 වර්ෂයේ ව්‍යාජ උපාධි සහතික ඉදිරිපත් කොට ලංකා සතොස ආයතනයේ තනතුරු දැරූ අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. එසේ අත්අඩංගුවට පත් නිලධාරීන් කිහිපදෙනෙකු එංගලන්තයේ හා ශ්‍රී ලංකාවේ පිළිගත් විශ්ව විද්‍යාලවලින් සිය උපාධිය ලබා ගත් බවට ව්‍යාජ සහතික ඉදිරිපත් කර තිබිණි. එයින් එක් අයෙකු තමන්ට එංගලන්තයේ Oxford විශ්වවිද්‍යාලයෙන් එම්.බී.ඒ උපාධියක් තිබෙන බව පෙන්වමින් සතොස සමාගමේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස උසස් වීමක් ද ලබා තිබුණි. ව්‍යාජ උපාධි සහතික මත ඉහළ තනතුරු දරන නිලධාරීන් රුපියල් ලක්ෂ දෙක සිට හය දක්වා වූ වැටුප් ලබා ගෙන ඇති බවද මූලික විමර්ශනවලදී අනාවරණය විය. මෙවැනි ව්‍යාජ ලියකියවිලි සහ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කර රජයේ හා පුද්ගලික ආයතනවල උසස් තනතුරු දරන පුද්ගලයන් විෂය දැනුම මද නිසාම ගනු ලබන තීන්දු තීරණ දුබල වීමේ ප්‍රවණතාව ඉහළය. ඒ හේතුවෙන් සමාගම් වලට ද විශාල පාඩු සිදුවිය හැකිය. දෙවනුව මෙසේ ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් මත රජයේ ආයතනයන් වල සේවය කරන පුද්ගලයන්ගේ වැටුප සහ අනිකුත් දීමනා සියල්ල ජනතාවගේ මුදල්ය. ඉහත සඳහන් කළ පරිදි ආචාර්ය අමිල ඉශාන් කන්ගානම්ගේ මේ වන විට සහ මීට පෙර ලංකාවේ රාජ්‍ය හා පුද්ගලික සමාගම් දහයකට අධික සංඛ්‍යාවක ඉහළ තනතුරු දැරූ බව ඔහුගේ නිල Linkedin වෙබ් අඩවියේ සඳහන් කර ඇත. Linkedin යනු ලොව විශාලතම වෘත්තීය සමාජ මාධ්‍ය ජාලාවක්ය. නමුත් මේ වන විට බොහෝ පරිශීලකයන් පැමිණිලි කිරීම හේතුවෙන් Linkedin ආයතනය විසින් ඔහුගේ ගිණුම ඉවත් කර තිබෙනවා. එබැවින් අපි තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයදුම්පත් කිහිපයක් ඔහු ධූර දැරූ අදාල රාජ්‍ය ආයතන වෙත 2020 අගෝස්තු මස 14 වැනි දින යොමු කළෙමු. ඊට අමතරව එම ආයතනවල තොරතුරු නිලධාරියාට දුරකථන ඇමතුමක් හරහා එම අයදුම් පත්‍රය පිළිබඳ යළි මතක් කිරීමක්ද සිදු කළෙමු. නමුත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් හැර අන් කිසිදු ආයතනයකින් අද වනතුරු ප්‍රතිචාරයක් ලැබුණේ නැත. මේ වන විට 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබූ බොහෝ කරුණු කාරණා විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සංශෝධනය කර ඇත. නමුත් විශේෂයෙන් ඉකුත් යහපාලන ආණ්ඩුව විසින් ගෙන ආ එක්තරා යහපත් ක්‍රියාවක් ලෙසයි තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කිරීම සැළකිය හැකිය. මේ නිසාම විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී තොරතුරු දැනගැනීමේ පනතට කිසිදු වෙනසක් සිදු කර නැත. ස්වාධීන කොමිෂන් සභා පවා ප්‍රතික්ෂේප වූ මෙවැනි මොහොතක තොරතුරු පනත සුරක්ෂිතව පැවතීමම එක්තරා ධනාත්මක ලක්ෂණයකි. වත්මන් රජය මෙය පිළිගෙන ඇති අවස්ථාවකදී පවා රජයට සම්බන්ධ ඇතැම් ආයතන එම ඉල්ලූම් පත්‍ර නොසලකා හැරීම කණගාටුවට කරුණකි. මේ වන විට ඔහු ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනයෙන් ඉල්ලා අස්වී ඇති බව Daily Mirror පුවත්පත වාර්තා කර තිබිණි. සටහන – ෂබීර් මොහොමඞ් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී චීනයේ කතාව මේ උමඟ ඉදි කිරීමට යෝජිත ප්‍රදේශය යනු පොළොව අභ්‍යන්තරයේ වැඩි පීඩනයක් සහිත ජල ගබඩා වැඩියෙන්ම ඇති ප්රදේශයකි. භූ විද්‍යාත්මක වචනයෙන් කියන්නේ නම්, එය සංවෘත ජලධරයන් ය. මීට අදාළ ශක්‍යතා අධ්‍යයනයක දී පොළොව විදීමෙන් පසු මතු වූ එවැනි ජල ධාරාවක් මීටර් තිහකට වැඩි උසකට විහිද ගිය බවට භූ විද්‍යා හා පතල් කාර්යාංශය සාක්ෂි දරයි. එනම් උමඟ කැණීමත් සමඟ මේ ජල ධාරා, ව්‍යාපෘතියට එක් වීම සිදු විය හැකි බව භූ විද්‍යාඥයන්ගේ අදහසයි. එයින් සිදු වන්නේ ලංකාගම සහ ඒ අවට ඇතුළු විශාල ප්‍රදේශයක අභ්‍යන්තර ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැසීම බව ඔවුහු පෙන්වා දෙති. එනම් උමා ඔයේ කතාවට සමාන ය. මෙවැනි ගංගා හරස් කිරීමේ අත්තනෝමතික ව්‍යාපෘති සඳහා ආසියානු සංවර්ධන බැංකුව වැනි මූල්‍ය සහාය ලබා දෙන ආයතනවලින් සහාය ලබා ගත නොහැකි ය. ඔවුන් එහි දී ඉල්ලා සිටින පරිසර තක්සේරු ලබා දිය නොහැකි ය. එම නිසා ආණ්ඩු වෙනත් පාරක් බලා තිබේ. චීනය ඒවා සලකන්නේ නැත. ඔවුන්ට අදාළ වන්නේ තම බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් සකස් කර ඇති වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ය. චීනය මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී සහ ඒවාට අදාළ ණය මුදල් ලබා දීමේ දී ජනතාවගේ අයිතිවාසිකම්, පාරිසරික තත්ත්වයන් ගැන තැකීමක් නොකරයි. චීන සමාගම්වල මෙම හැසිරීම හඳුනා ගැනීමට ඇති හොඳම උදාහරණයකි, රාජාංගනය ජල ව්‍යාපෘතිය. රාජාංගනය වැව යටතේ ගොවි පවුල් තිස්පන් දහසක්, අක්කර 22,500ක ගොවිබිම් වගා කරති. එම වැවෙන් ජලය ලබාගෙන සිදුකරන ව්‍යාපෘතියක් සඳහා චීන සංවර්ධන බැංකුවෙන් ණය ලබා දී තිබේ. එහි දී ජනතාවට සිදුවන හානිය සහ පරිසර හානි පිළිබඳව කිසිදු තක්සේරුවක් කර නොමැති බව පරිසරවේදීහු පෙන්වා දෙති. මෙම ඉදිකිරීමට මැදිහත් වී සිටින චීන සමාගම්වලට සහ ණය ලබාදෙන චීන සංවර්ධන බැංකුවට ඒ පිළිබඳව පැමිණිලි කර ඇතත්, ඔවුන් ආණ්ඩු වගේම ඒවා කනකට ගෙන නැත. ළැදියාවන් ගැන නොසැලකීම එම නිසා ම ගිං-නිල්වලා ව්‍යාපෘතිය ද චීනයට ලබා දීම සිදු වී ඇත. ඉන් පසු 2009 වසරේ සිට 2014 වසර දක්වා මෙම ව්‍යාපෘතියට අදාළ භූ විමර්ශන සහ මිනුම් කටයුතු චීන සමාගමක් මඟින් සිදු කර ඇත. 2015 පත් වූ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් සකස් කිරීමට කටයුතු කර තිබේ. පරිසරවේදීන් සහ නීතිවේදීන් පෙන්වා දෙන්නේ මෙය මුළුමනින්ම ළැදියාවන් පිළිබඳ ගැටලු මතු කරන්නක් බවයි. චීන සමාගම් ගණනාවක් මඟින් හම්බන්තොට ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සඳහා අත්‍යවශ්‍ය යටිතල පහසුකමක් වන ජලය ලබා ගැනීම සඳහා වන ශක්‍යතා අගැයීම තවත් චීන සමාගමකට භාර දීම මෙහි ඇති ළැදියාවන් පිළිබඳ ගැටුමයි. එසේ ම මීට අදාළ ණය ලබා දෙන්නේ ද චීන බැංකුවක් මඟින් ය. එහි දී ඔවුන් මෙරට ජනතාවගේ අයිතිවාසිකම් සහ පරිසර විනාශය පිළිබඳ අතිශය වගකීමෙන් කටයුතු කරමින්, ඔවුන්ගේ ලාභය සහ අනෙකුත් වාසි අහිමි කර ගනිතැයි ඔබ සිතන්නේ ද? ණය ලබාදෙන බැංකුවලට අවශ්‍ය වන්නේ ණය මුදල ලබා දී, ඉන්පසු පොලිය සහ ණය මුදල නැවත අය කර ගැනීමට ය. විශේෂයෙන්ම මෙම චීන සමාගමට භාර දී ඇත්තේ, ව්‍යාපෘතිය පිළිබඳ භූ විමර්ශන, මිනුම් සහ සැලැසුම් ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට ය. සමාජ, ආර්ථික, පාරිසරික ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරන බවක් එහි සඳහන් නොවේ. 2009 සිට 2014 දක්වා සහ 2015 – 2019 දක්වා පැවැති ආණ්ඩුත්, කළ, 2019දී බලයට පත් වූ ආණ්ඩුවත් කරමින් සිටින ඒ වැඬේ සාර්ථකව ඉදිරියට යමින් තිබේ. මේ සම්බන්ධයෙන් විමසීමේදී පරිසර ඇමැති මහින්ද අමරවීර පැවසුවේ නිවැරදි පරිසර ඇගයීම් වාර්තාවකින් තොරව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන බවයි. එසේම එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක නොවනු ඇතැයි ද ඇමැතිවරයා මීට පෙර පැවසීය. හවුලේ මුදල් කොල්ලය තවදුරටත් මේ කාරණය මෙසේ ද පැහැදිලි කර ගත හැකි ය. 2014 වසරේ දී ගිං-නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 696ක ඉංජිනේරු, ප්‍රසම්පාදන හා ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක් චීන සමාගමකට භාර දී ඇත. නමුත්, මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ණය ගිවිසුම විධිමත් ලෙස චීන අපනයන සහ ආනයන බැංකුව සමඟ අත්සන් කර නැති බව මූල්‍ය වාර්තා මඟින් හෙළි කෙරේ. එසේ තිබියදී 2015 වසරේදී මහා භාණ්ඩාගාරය මඟින් මේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 3,549ක මුදලක් නිදහස් කර තිබේ. 2017 ජනවාරි 24 වැනි දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී, ව්‍යාපෘතියේ ඇති මූල්‍ය ගැටළුව පිළිබඳ විමර්ශනයක් කිරීම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර දී ඇත. එහෙත්, මේ වනතුරුත් ඒ පිළිබඳ කිසිදු විමර්ශන වාර්තාවක් එළියට ආවේ නැත. නීතියේ ආධිපත්‍යය විහිළුවක් වෙයි මෙම ව්‍යාපෘතිය මඟින් නීතියේ ආධිපත්‍යයට එල්ල කරන බලපෑම ද සුළු කොට තැකිය නොහැකි ය. 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දිනැති අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව ගංගා ද්‍රෝණි සංවර්ධන සහ වාරි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ඉඩම් එළිපෙහෙළි කර වෙනත් සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදා ගැනීම, සියලුම උමං කැණීම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, වන සංරක්ෂණ ආඥා පනත සහ ජාතික උරුම වන භූමි පනත යටතේ ප්‍රකාශිත රක්ෂිතයක මායිම් හෝ මායිමේ සිට මීටර් 100ක් ඇතුළත සීමාවේ යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සහ පාංශු සංරක්ෂණ පනත යටතේ ප්‍රකාශිත යම් භූමි ප්‍රදේශයක් තුළ යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර පරිසර බලපෑම් අගැයීම් ක්‍රියාවලියට යටත්ව පාරිසරික අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය වේ. එපමණක් නොව 2005 අංක 12 දරන පනතින් සංශෝධිත 1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනතට අනුව ප්‍රකාශිත 2000 ඔක්තෝබර් 04 දිනැති අංක 1152/14 දරන ගැසට් නිවේදනය අනුව ඉඩම් සහ තෙත් බිම් ජලයෙන් යට කිරීම සඳහා හෙක්ටයාර දෙක ඉක්මවන භූමි ප්‍රදේශ ලබා ගැනීමේ දී පුරාවිද්‍යාත්මක හානි අගැයීමක් සිදු කර ඊට පුරාවිද්‍යාත්මක අනුමැතිය ද ලබා ගත යුතු ය. මෙම සියලු අණපනත් උල්ලංඝනය කරමින්, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ කටයුතු සිදු වෙමින් පවතී. ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පෙන්වා දෙන්නේ එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ දැක්වෙන 12 (1) උප ව්‍යවස්ථාවේ සඳහන් ‘නීතිය පසිඳලීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය සර්ව සාධාරණ විය යුතු ය’ යන්න අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. ජනතාව දැනට සතුටින් ! මේ නිසා ලංකාගම පාර සහ ඒ වටා ඇති කතාව, දකින-ඇසෙන තරම් සුන්දර නැති බව පැහැදිලි ය. පැවැති සියලු ආණ්ඩුවලින් ජනතා මුදල් ඒ වෙනුවෙන් යොදවා ඇත. එම මුදල් පිළිබඳ විධිමත් විගණනයක් මෙතෙක් සිදු වී නැත. එසේ ම විධිමත් පරිසර ඇගයීම් වාර්තාවක් හෝ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් මෙතෙක් සකස් කර ද නැත. එසේ තිබියදී නැවතත් අලුතින් දේශීය අරමුදල් යොදවා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට තීරණය කර තිබේ. ඒ කියන්නේ මෙම ව්‍යාපෘතියට තවත් විනිවිද නොපෙනෙන ජනතා මුදල් යෙදවීමක් ද? RELATED ARTICLESMORE FROM AUTHOR පුවත් පෙම්වතා පණපිටින් පිළිස්සූ තැන හැදුණු කඳුළු බිත්තියේ කඳුළු කතාව මානව හිමිකම් මාකඳුරේ මදූෂ් ඝාතන විමර්ශන සීඅයිඩියට පවරන්නැයි ඉල්ලීමක් මානව හිමිකම් “Unjust and Illegal”: Widow of Makandure Madush Calls for Fresh CID Investigation LEAVE A REPLY Cancel reply Please enter your comment! Please enter your name here You have entered an incorrect email address! Please enter your email address here Save my name, email, and website in this browser for the next time I comment.